" කමෝන් සහිරූ!!!!!! "
" You can do it bro!! "
රේස් එක ස්ටාර්ට් කරන්න බයිකර්ස්ලාට ලයිනප් වෙන්න එනවුන්ස්මන්ට් එක දෙද්දි අපි හැමෝම සහෙල්ව බදාගත්තේ අපේ හදවතුත් අම්බානෙකට ගැහෙද්දි..
සහෙල් සහිරු ගැන නොදන්නවා වුනාට ඒකා මේ හැමදේම කරන්න හිත හදා ගත්තේ සහෙල් ගැන හිතලමයි.. සහෙල්ට කියන්න ඉස්සර වුනේ නෑ අපි කවුරුත්ම යසිරු ටිකක් හරි තැනකට එනකන්.. මොකද තාමත් දේවල් ලොකූවට වෙනස් වෙලා නැති නිසා..
කොහොමහරි යසිරු බයිකර්ස්ලා ලයිනප් වෙන තැනට යද්දි අපි හැමෝම දාලා තිබුණ ලොකු ස්ක්‍රීන් එක ලඟට ගියා.. මොකද පිට රට ට්‍රැක් වලනම් ඕඩියන්ස් එකේ ඉදන් බලන් පුලුවන් වුනාට මේ රේස් එක යන්නේ පාරේ.. ඉතින් අන්තිම එන්ඩ් එකට එනකන්ම විනර්ව බලන්න වෙන්නේ අපිට ස්ක්‍රීන් එකෙන්.. හැබැයි මුලු රේස් එකම ඩ්‍රෝන් ශොට් වලින් පෙන්නන නිසා ලොකු අවුලක් නෑ..
ඉතින් රේස් එකට ලංකාවේ තියෙන සුපිරිම මෝටර් බයික්ස් ටික ගෙනත් තිබ්බා.. BMW, YAMAHA, DUCATI, KAWASAKI වගේ බයික් පිස්සන්ගේ ඩ්‍රීම් බයික් සෙට් එකක්ම බස්සලා තිබ්බා.. බයික් එක ඇක්සලේට් කරන වාරයක් ගානේ සයිලන්සරෙන් ගිනි පිට වෙද්දි ඒ ඇහෙන සද්දෙම ඇති ඇගේ හිරිගඬු පිපෙන්න..
" තිශූ.. බයත් හිතෙනවා යසිරු අයියා ගැන.. "
" බය වෙන්න එපා එයාට පුලුවන්!! "
" ඒත් වංගු හරවද්දි බයයිනේ.. "
" ජානූ දන්නවද, බයික් පඳින අය තමන්ගේ බයික් එකේ පුංචි වෙනසත් අදුනනවා.. යසිරු එයාගේ බ්ලැක් රෝස්ව එයාගේ ජීවිතේම කරන් ඉන්න හේතුව දන්නවද? ඒ බයික් එක යසිරුට කවදාවත් හීරිමක්වත් ගෙනල්ලා නෑ.. යසිරු දන්නවා එයාගේ ලිමිට් එක.. එයා දන්නවා එයාගේ බ්ලැක් රෝස්ව කොහොමද ගෙනියන්න ඕනි කියන එක.. "
" මන්දා මට බයයි.. "
" බය වෙන්න එපා එයාට පුලුවන්.. "
ජානූ බයයි.. බයික් වලින් ඒ එන සද්දෙට එයා බයයි.. ඊටත් වඩා මේවට එන්නේ ඔක්කොම ලොකු ලොකු මිනිස්සු නිසා පිරිමි පිරිලා ඉන්න ඒ වටපිටාවට ජානු බයයි.. එයා සැරෙන් සැරේ මගේ අත් අල්ලලා ඉන්නේ එලියේ නිසා ආපහු මතක් වෙලා අතාරිනවා.. ආයෙ හිත කලබල වුනොත් ටග්ගලා ආපහු මාව අල්ලගන්නවා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !