23 🌸

2.1K 180 430
                                    

" ම්හ්හ් ආහ්හ්!! "

ඔලුව පුපුරන්න වගේ!!

දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක මම ඇස් ඇරලා බලද්දි මම හිටියේ මගේ කාමරේ.. ආපහු ඇස් පියාගෙන වෙච්ච කෙරිච්චා එකින් එක මතක් කර කර මම කම්මැලි කමෙන් ඇඳේ අනිත් පැත්තට පෙරෙලෙන්න හැදුවත්, මගේ බද වටේ එතිලා තිබ්බ අත නිසා මට අපහසුවක් දැනුනා.. කවරුහරි මාව තුරුල් කරන් ඉන්නේ කියලා දැනුනා.. ඇස් පියාගෙනම මම ඒ අත අයින් කරලා ආපහු නිදාගන්න ලෑස්ති වෙද්දි මේකා කකුලත් දබෝස් ගාලා ඇඟට දැම්මේ නූලෙන් මගේ හිච්චි රිනූ නොතැලී බේරිලා..

" නැඟිටපන් සවී!! "

සාමාන්‍යයෙන් මගේ ඇගේ එල්ලිලා නිදාගන්නේ සවී සහෙල් ඩබල නිසා මම සවී වෙන්නැති කියලා හිතලා පයින් පාරක් දීලා ඇද පල්ලට තල්ලු කරා.. හැබැයි,

තල්ලු කරාට පස්සෙයි දැක්කේ, ඒ හිටියේ සවී නෙවෙයි!

" ජා.. ජානූ.. හොඳින්ද? "

මාව තුරුල් කරන් ඉදියේ ජානූ වෙද්දි මන් තල්ලු කරපු පාර ජානූ ඇදෙන් වැටුනා.. මම ටග්ගාලා නැගිටලා ජානුව උස්සන්න යද්දියි මන් දැක්කේ මම හිටියේ යට ඇඳුම පිටින් කියලා.. ජානුව උස්සන්න දීපු අත ජානු අල්ලගන්නවත් එක්කම මම අත ඇදලා අරන් මගේ හිච්චි රිනූව වහගද්දි ජානූ දෙවනි පාරටත් ආපහු වැටුනා!! 

" ආව්!! තිශූ!!! "

" සො.. සොරි.. "

ජානූ බිම ඉදන් කේන්තියෙන් කෑගහද්දි මම ඇහුනේ නෑ වගේ දුවගෙන ගිහින් ටවල් එක අරන් ඉනට ඇඳගත්තා.. ලැජ්ජායිනේ මොනාවුනත්..

" ඇයි ඔයා මෙහෙ? ඊයේ ගෙදර ගියේ නැද්ද? තාත්තා හොයනවද දන්නේ නෑ.. අනික ඇයි මගේ ඇඳුම් නැත්තේ? බැරි වෙලාහරි ම..මම ඔ..ඔයාට- "

" මොකුත් වුනේ නෑ!! "

ජානූ රවාගෙනම මට කෑගහද්දි මම හිටියේ සිරාවටම වෙච්චි දේවල් මතක් කරගන්න හෙන ගේමක් දිදී.. ඊටත් වඩා ඇදුම් නැතුව මෙහෙම එයා එක්ක හිටියා කියන දේත් මට අමුතුම හැඟීමක් ගේද්දී මාව රත් වෙලා ගියා..

" ඊයේ මොකද වුනේ? ඇයි ඔයා ගෙදර ගියේ නැත්තේ? "

" යන්නේ කොහෙද බේබද්දෝ හතර දෙනෙක් පිස්සු හැදිලා වගේ දගලද්දි.. එක්කෙනෙක් හෝ ගාලා අඩනවා අනිත් දෙන්නා ගැරඬි වගේ වෙලිලා අනිත් එකා පොඩි එකෙක් වගේ පිස්සු නටනවා.. ඔය මහත්තයා ඊයේ මුළු ගේ පුරාම වමනේ දැම්මා කියලාවත් මතකද!? "

Daisy ( ONGOING )Where stories live. Discover now