ජානුගේ ගෙදර ගිහින් ආවත් හරි කාලේ පට්ට වේගෙන් ගියා වගේ මට දැනුනේ.. සතියක් ගත වුනා දැනුනෙවත් නෑ..
ගිය සෙනසුරාදා ජානුගේ ගෙදර ගිහිල්ලා කතා වුන විදිහට ඉරිදා මම එයා එක්ක තෙරපිස්ට්ව හම්බෙන්න ගියා.. ජානූ එයාගේ දැන් කන්ඩිශන් එක ගැන කියලා ඉස්සරහට එයාට කරන්න තියෙන වැඩ ගැනත් කතා කරා..
කතා වුන දේවල් ගැන කිව්වොත් ඒ ඩොක්ටර් කියන්නේ ජානූ රිකවර් වෙන ගමන්ලු ඉන්නේ.. ඒත් එයාව ෆිසිකල් ටච් එකට ෆෝස් කරන්න එපා කිව්වා කොයිම වෙලේකවත්.. ජානූ ඩාන්සින්ග් කරන්න ඕනි වගේ දේවල් කිව්වම ඩොක්ටර් ජානුගෙන් ඇහුවා ඔයාට ඔයාලග ඉන්න අයගේ කම්ෆටබල්ම කවුද කියලා.. ඒ වෙලාවේ එයාගේ උත්තරේ වුනේ පිරිම් අයගෙන් වැඩියෙන්ම කම්ෆටබල් මන් කියලා..
ඒක ඇහුවම සත්තයි මට සතුටට ඇඩුනා..!!!
ජානූට තාත්තව කම්ෆටබල් වුනාට සමහර වෙලාවල් තියෙනවලු පරන දේවල් මතක් වෙද්දි තාත්තට බය හිතෙන.. මන් ඒක ගැන ඇහුවම ඩොක්ටර් කිව්වේ තාත්තා එයාව බේරගන්න ආවේ එයා පැනික් වෙලා හිටපු වෙලාවක නිසා ජානූ සමහර වෙලාවල් වලට තාත්තවත් එතන හිටපු එවුන්ගෙ කෙනෙක් විදිහට වැරදියට මැවෙන වෙලාවල් තියෙනවලු..
මන් දන්නේ නෑ අන්කල් කොහොම ඒ වේදනාව දරාගන්නවද කියලා! අම්මාත් නැතුව එකම කොල්ලව ලොකු කරද්දි මෙහෙම කරදරයකුත් වෙලා ඒ අස්සේ තාත්තව ජීවිතේ විනාස කරන්න ආපු මිනිස්සු එක්ක පටලගන්නවා කියද්දි මටනම් පිස්සු වගේ.. හැබැයි ජානූට ලගකදිනම් එහෙම වුනේ නෑලු..
කොහොම වුනත් ජානුට කම්ෆටබල් මම කිව්වට පස්සේ අන්කල් පර්මිශන් දුන්නා මාවත් අඩ ගහගෙන ජානුගේ තෙරපි කරන්න.. මාත් එක්ක ජානුගේ ෆස්ට් තෙරපි සෙශන් එක ඊයේ තිබ්බා..
එතනදි මම ජානුව ටච් කරන හැම වෙලාවකම ජානුගේ පර්මිශන් ගන්න ඕනි වුනා.. ජානු ඕකේ නම් විතරයි මට එයාව ටච් කරන්න පුලුවන්.. මුලින්ම අතින් පටන් හෙමින් හෙමින් ජානූ එපා කියනකන්ම මම එයාව ඇල්ලුවා.. ඊයේ ජානු අන්කම්ෆටබල් වෙන්න ගත්තේ බෙල්ල හරියෙදි..
තෙරපිස්ට් කිව්වා පුලුවන් වෙලාවට ඊයේ කරා වගේ ෆිස්කල් ටච් සෙශන් මට ජානූ එක්ක කරන්න කියලා.. තෙරපිස්ට් එහෙම කිව්වේ අන්කල් මාව විශ්වාස කරනවා කිව්වට පස්සේ..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !