අද සෙනසුරාදා.. අද තමා මම ජානූගේ ගෙදර යන දවස.. මට ඊයේ රෑ නින්ද ගියෙත් නෑ මේ ගමන ගැන තිබ්බ එක්සයිට්මන්ට් එක වැඩි වෙලා..
මම දන්නවා ජානූ ගැන මගේ හිතේ තියෙන ආදරේ නිසාම මම එයාගේ එක වචනයක් වුනත් ඇති බලාපොරොත්තු තියාගන්න.. ඉස්සර බලාපොරොත්තු නැති ආදරයක් දුන්නට දැන් දැන් මගේ හිත එයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කප්පරක්..
මම උදෙන්ම ලෑස්ති වුනා ජානූගේ ගෙදර යන්න.. ලන්ච් එකට ඉන්වයිට් කරත් දවල් වෙනකන් ඉන්න බැරි තැන මම ලෑස්ති වෙන්න ගත්තා..
මුලු ඇදුම් කබඩ් එකම ඇදලා අන්තිමේදි බ්ලැක් ඩෙනිම් එකයි වයිට් ටී ශර්ට් එකට බ්ලැක් ජැකට් එකකුයි වයිට් ශූස් දාන්න ගත්තා.. බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්නේ මම ආසම පාටවල් දෙක නිසා ඊටත් වඩා ඕනිවට වඩා විච්චූරන ඇදන් ගිහින් මාමණ්ඩියව අවුල් කරගන්න ඕනි නැති නිසා simple classy ලුක් එක තෝරගත්තා..
මල්ලිගේ ගෙදර ගෙනියන්න ගන්නේ මොනාද කියලා දහස් වතාවක් හිතලා අන්තිමේදී පුංචි පවුලේ සාමාජිකයෝ කියපු විදිහට ලස්සන ගිෆ්ට් එකක් ගත්තා.. අපේ කට්ටියම කිව්වේ මල්ලි කැමති මොනාද නැත්තේ මොනාද කියලා හරි අයිඩියා එකක් නැති නිසා ඕනිවට වඩා ලොකු දේවල් දෙන්න එපා කියලා.. ඊටත් වඩා අන්කල් වුනත් මොනවා හිතයිද දන්නේ නැති නිසා මම මල්ලිට ගත්තේ චොක්ලට් බොක්ස් එකක් එක්ක මග් එකක්.. තව මම ඩේසි මල් පොකුරකුත් ගත්තා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !