සහෙල් × යසිරු
( සහෙල් යසිරු ගැන මෙතෙක් සිදුවූ සිදුවීම් කතෘ මානයෙන්.. කලින් චැප්ටර්ස් කියවලා එන්න.. දුකයි කියලා අතාරින්න එපා.. මේ ඩීටේල්ස් දැනන් ඉන්න ඕනි කතාවේ ගලායෑමට.. )
" එහෙනම් කොල්ලනේ අපි ගියා.. සහෙල් නඟින්න ගෙදර යමු.. "
" යසී ඔයාට අමාරුනම් තව ටිකක් ඉදලා යමුකෝ.. "
" නෑ නෑ බන් මන් ඒ තරම් බිව්වේ නෑනේ යතහැකි.. උබ නැඟපන්කෝ තාත්තා බලන් ඉන්නවතැති.. දැන් උපන්දින කැලේ 12ත් පහුවෙලානේ.. "
හිතේ තියෙන බය සහෙල් එලියට නොදුන්නට මොකද ඒ හිත ප්‍රාර්ථනා කරා හැමදාම එයාව කාටත් වඩා හොඳින් තේරුම් ගන්න යසිරු ඒ හිත තේරුම් ගනීවි කියලා.. සහෙල් අදි මදි කර කර බයික් එක එක ලඟට යද්දි යසිරුමයි හෙල්මට් එක දැම්මෙත්..
" යසී.. අද මන් ඔයාගේ ගෙදර එන්නම්කෝ.. "
" වෙන ඕනි දවසක වරෙන් අද එපා!! අද තාත්තා උඹට එන්න කියලා මඟින් මඟට කිව්වා.. ඒනිසා අද උඹ ගෙදර යන්නම ඕනි.. "
" ප්ලීස් යසී.. අද යමන්කෝ උබලගේ දිහා.. ආහ් මට බර්ත්ඩේ එකට ඕනි ඒක.. අද මාව උබේ ලගින් තියාගනින්කෝ.. "
" උබව හැමදාටමහරි ලග තියාගන්නම් ඒත් අද බෑ.. හොඳ කොල්ලා වගේ අද ගෙදර ගිහින් අන්කල් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්රේට් කරපන්කෝ.. මම හෙට එන්නම් උබ එක්ක ඇවිදින්න යන්න.. "
ඉතින් තවත් කේවල් කරලා තේරුමක් නැති තැන සහෙල් නිහඬ වුනා.. වෙනදා යසිරුගේ බයික් එකේ වේගෙට යසිරුටත් වඩා ආස කරපු සහෙල් අද කාලය නවතිනවනම් කියලා පැතුවා..
" යසී හිමින් යමන්කෝ.. බීලානේ ඉන්නේ.. "
" බ්ලැක් රෝස්ව විශ්වාස කරන්න!! "
කොහෙ හෙමින් යෑමක්ද යසිරු හැමදාම වගේ වාහන නැති වන්වේ එකේ කුරුල්ලා වගේ පියාඹලා ගියා..
සහෙල් යසිරුව තදට තුරුල් කරන් ඒ සුවඳ ඉව කර කර හිටියේ දැනටමත් එයාව වට කරගන්න කලු මායාව පරද්දන්න හිතාගෙන.. මායාව ඇතුලේ ඉන්න ඒ වනචර පිරිමි රූපේ අද එයාව විනාස කරන්න බලාගෙන ඉන්නවා කියලා දැන දැනම සහෙල්ට ගෙදර යනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !