මම හිටියේ මල්ලිගෙ ගෙදර.. අද අපේ පවුලේ චූටි දෝණි සහෙල්ගේ හැපි ටුටූ එක.. අන්තිමේදි මගේ චූටි කෙල්ල ලොකු ලමයෙක් වෙන්නයි යන්නේ.. ඉතින් අපි ඒක සමරන්න යන්නයි මේ ලෑස්තිය..
කලා උලලෙන් පස්සෙත් ජානූ මාත් එක්ක ගොඩාක් කතා කරා.. ඇත්තටම කලා උලෙල නිසාම අපි දෙන්නා ගොඩාක් ලන් වුනා.. ඉස්කෝලෙදි එයා මාව බලන්න එනවා ෆ්‍රී වුනාම.. මාත් ක්ලාස් ඉවර වෙලා පුරුදු විදිහටම එයාව බලන්න යනවා.. සාමාන්‍ය සතුටු හිතෙන දවස් කීපයක් මම පහු ගිය කාලේ ගත කරා ජානූ එක්ක..
අන්කලුත් කලා උලලේ වීඩියෝ බලලා හොඳටම අඩලා..මේ කොල්ලා ඒකත් රෙකෝඩ් කරලා මට එව්වා.. ඇත්තටම අන්කල්ගේ ඒ සතුටු කඳුලු දැක්කම මට මන් නිහතමානී ආඩම්බරයක් දැනුනේ..
ඉතින් එහෙම හරිම සාමකාමී සාමාන්‍ය දවස් කීපයකට පස්සේ අපි සෙට් වුනේ සහෙල්ගේ උපන්දිනයට එයාව සප්‍රයිස් කරන්න එයාලගේ ගෙදර යන්න.. ජානූත් දැන් අපේ පවුලේ සාමාජිකයෙක්.. මම නෙවෙයි කියන්නේ අපේ ඉතුරු සෙට් එක.. උන් ටික ජානූට මාරම ආදරෙයි.. හැබැයි වෙලාවකට මට හිතෙනවා ජානූ අපි හැමෝටම වඩා පරිණතයි කියලා..
ඉතින් ජානූව ගන්න මම එයාලගේ ගෙදර ආවා.. එද්දි මේ කොල්ලා වොශ් දානවා.. ඉතින් මන් එයා ලෑස්ති වෙනකන් ඩේසියාව ඔඩොක්කුවේ තියන් අන්කල් එක්ක චැට් එකක් දාගෙන හිටියා.. ඩේසියා දැන් සැප වැඩි වෙලා බෝල වෙලා.. එයා මාව අඳුනගන්නවා හරිම ඉක්මනට.. ආපු ගමන් බිම දිගේ රෝල් වෙලා ආපු හිම බෝලයක් වගේ කකුල් ලඟ දැවටි දැවටි හිටියා..
" පුතා දැන් ඉතින් ඔයාලගේ ප්ලෑන්ස් මොනාද ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ.. "
" ඇත්තටම අන්කල් මට මගේ කියලා හීන නෑ.. "
" වට්!? "
" තරුණ කොල්ලෙක්ට ඩ්‍රීම් එකක් නෑ කියලා මම මේ ඇහුවමයි "
" මටත් තිබ්බා අන්කල් ඩ්‍රීම් එකක්.. බට් දැන් නෑ.. මගේ එකම ඩ්‍රීම් එක මගේ වටේ ඉන්න අයව සතුටින් තියෙන එක.. ජානූට වගේම මගේ පන වගේ ඉන්න මගේ සහෝදරයෝ හතර දෙනත් සතුටින් ඉන්නවා දකින්නයි මට ඕනි.. "
" ඉතින් දැන් ඔයාලා සතුටින් නෙවෙයිද ඉන්නේ "
" ම්ම්.. තාවකාලිකව! "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !