✨ Special Chapter 1 ✨

2.4K 213 507
                                    

සහෙල් × යසිරු

( මේක කලින් චැප්ටර් එකේ යසිරු සහෙල්ව ගෙදර එක්කන් ගියාට පස්සේ සිද්ද වෙන සිදුවීමක්.. කලින් චැප්ටර් එක කියවලා ඉන්නවනම් වඩාත් හොදයි.. සහෙල් යසිරු ඔයාලා ආසම කපල් එකේ ආදර කතාව ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද බැරිද කියන එක තේරුම් ගන්න ඔයාලට බාරයි.. )

Author POV

" පරිස්සමෙන් !! බලාගෙන.. "

සහෙල්ව පරිස්සම ත්‍රීවීල් එකෙන් බස්සලා යසිරු සහෙල්ව ගෙදර එක්කන් ආවා..

" මම වඩාගන්නම්.. ක්ලචර්ස් පැත්තකින් තියන්නකෝ.. "

" එපා බන් මන් නගි- "

පණ්ඩිත සීයට වචනයක් කියන්න ඉඩ නොතියා යසිරු සහෙල්ව හරහට වඩා ගත්තේ පුලුන් රොදක් උස්සන ගානට.. යසිරුගේ හදිසි ක්‍රියා කලාපය නිසා සහෙල්ට ක්ලචර්ස් දෙකත් අතෑරුනා..සහෙල් පුදුමෙන් වගේ යසිරු දිහා බලන් ඉදියත් ආයේත් හරි බරි ගැහිලා යසිරුගේ කරෙන් අත් දාගත්තේ පොඩි එකෙක් වගේ..

සහෙල්ව උස්සන් ඇවිත් යසිරු එයාගේ ඇදෙන් සහෙල්ව පරිස්සමෙන් තිබ්බා..

" ඔයා දැන්ම වොශ් දානවද.. නැත්නම් මොනවා හරි කාලා ඉන්නවද "

" වොශ් දාමූ.. ඊට පස්සේ කමූ.. "

" හරි යන් එහෙනම්.. ඇදුම් ගලවමු.. "

" එ.. එපාහ්.. මට පුලුවන්.. "

" අනේ මේ ඉදහන්.. ඕක පාරගන්නද ඕනි.. "

යසිරු සහෙල්ගේ ශර්ට් එකේ බොත්තම් ගලවලා බැනියමත් ගලවද්දි සහෙල් යසිරු දිහා ඇස් පිය නොහෙලා බලන් හිටියා.. හරියට එයාගේ හිත ගැස්සෙනවා වගේම යසිරුගේ හිතත් ගැස්සේවීද කියලා බලාගන්න වගේ..

යසිරු කිසිම හැඟීමක් නොපෙන්වා යසිරුගේ යට ඇදුම විතරක් ඉතුරු වෙන්න ඇදුම් සේරම ගලවලා දැම්මා..

" ඔයාත් ඇදුම් ගලවන්න.. දෙන්නම එකට වොශ් දාමූ.. "

" නෑ එපා.. ඔයාව සෝදලා ඉමු.. යමු.. "

Daisy ( ONGOING )Where stories live. Discover now