"අනේ නැගිටපන්කෝ බන්..පුකට එලිවැටෙනකන් නිදාගන්නේ නැතුව..ක්ලාස් යන්නත් පරක්කු වෙනවා..අනේ ඇන්ටි....."
මගේ බොක්ක ෆිට් එකක් වන මෙනවි උදේ පාන්දරම ඇවිල්ලා එයාගේ සුමිහිරි නාදයෙන් කෑගහද්දි මම ඉතින් නිදිමතේම ගිහිල්ලා ඇග හෝද ගත්තා.බයෝ ක්ලාස් යන පලවෙනි දවස අද.පලවෙනි දවස හින්දා ඉතින් ක්ලාස්වල ලමයි වැඩිනේ.ඒක හින්දා අපි ටිකක් වේලාසන ගිහිල්ලා තැනක් අල්ල ගන්න කතා වුනේ.අද සෙනසුරාදා හින්දා බස්වල වැඩි සෙනගක් නැ.ඒක හින්දා ඉතින් අපි සිට් එහෙක වාඩිවෙලා ආවා.ක්ලාස් පටන් ගන්න තව පැය භාගයක් විතර තියෙනවා.අපි ඉතින් එළියෙන් වාඩිවෙලා කයියක් දාගෙන හිටියා.
"හායි..කෙල්ලනේ..."
ඔන්න ඉතින් අපේ සෙට් එකේ කොල්ලා ආවා.
කොල්ලෙක් කිව්වට කෙල්ලෙක් හරිද.ඒකි කොල්ලෙක් වගේ හැසිරෙන හින්දා හරිද එහෙම කියන්නේ.
නම මලින්ශා හොදේ."අම්මෝ ඇති යාන්තන් දැන්වත් ආවා.දැන්වත් යමු අප්පා...බලන්න වේලාව කීයද කියලා.."
"හරි..හරි බන් තව වෙලා තියෙනවනේ."
මන් ඊට පස්සේ උන් දෙන්නට බැන බැන ඇදගෙන ඉක්මනට පන්තියට ආවා.ඉදගන්න තැනක් නැති වුනොත් මන් මුන් දෙන්නගේ ඔලුව උඩ තමයි වාඩි වෙන්නේ.අම්මෝ යකෝ මෙච්චර ලමයි තොගයක්. අදනම් වාඩිවෙනවා බොරැ තමා.හැබැයි වෙලාවට චූටි ඉඩක් තිබ්බා.හිරවෙලා හරි වාඩිවුනා ඉතින් මොකක් කරන්නද.
පැය දෙකක් කොහොමහරි හිරවෙලා ඉදලා එලියට ආවා.ගිනිගොඩක් ගාව ඉදලා ආවා වගේ මාර විදියට දාඩිය දාලා.
"ඒ ලිහන්සි උඹ මාත්තෙක්කනේ යන්නේ"
"ඕව්.."
"මේ මාත් අද උඹලත් තෙක්ක හොදේ.."
"මරැනේ..එහෙනම් යන ගමන් මොනවාහරි කාලා යමු."
"හරි..හරි..මේ මන් දන්න එකෙක්ව හම්බවෙලා එන්නම්.චුට්ටක් ඉන්න"
මලින්ශා කාවද මන්දා හම්බ වෙන්න ගියා.මායි මෙවනියි ලග තිබ්බ කණුවකට හේත්තුවෙලා හිටියා.මටනම් හොද බඩගින්නකුත් සෙට් වෙලා හිටියේ.උදේ කෑවට පස්සේ තාම කැවේ නෑ.
"මේ තොරගත්තා වගේ නෙවේ බන්.සර් කියවපු කියවිල්ලට දැන්නම් බයත් වගේ."
අම්මෝ සර් බයෝ ගැන දේශනයක් දුන්නා විශයත් තෙක්කම එපා වෙලා යන්න.මටනම් ඒක අහලා ඇඩෙන්නත් ආවා බයටම.
"ඕව් බන්...අපේ අම්මටත් ඉතින් තාත්තගේ නෑදෑයන්ට පේන්න මාව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනෙලුනේ.නැත්තම් මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ බයෝ කරන්න."
"දැන් ඉතින් මොනා කරන්නද.මහන්සිවෙලා කොහොමහරි ගොඩදාගමු"
ටික වෙලාවක් ගිහිල්ලා මෙවනි ආවා.අපි තුන්දෙනා ඊට පස්සේ කාලා බස් එකේ නැගලා ගෙදර ආවා.මන් මගින් බැස්සා.මෙවනියි මලින්ශායි මගේ ගෙවල් වලට ටිකක් දුරින් ඉන්නේ.ඇගට ටිකක් මහන්සියි වගේ හින්දා මන් ගිය ගමන් නිදාගත්තා.රෑ වෙලා වොශ් එකක් දාගන්නවා කියලා හිතාගෙන.
_______________________________________
හායි ලමයි කතාව ලස්සනද දන්නැ හැබැයි.තාම මුලනේ ඉතින්.
පස්සේ තමයි ලස්සන ලස්සන කොටස් එන්නේ.By chimmy..
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15