2 කොටස

113 8 3
                                    

ඉරිදත් ගෙදර නිකන්මයි හිටියේ.කම්මැලි හින්දා ඇනමි  කතාවක් බැලුවා.යුවා නේම් කියලා එකක්.ලගදි ඉදන් මට ෆිල්ම් පිස්සුවක් හැදිලනේ.මෙහෙම ගියොත්නම් ෆස්ට් ටර්නර් එකෙන්ම කෙලව ගන්නවා පුතෝ ආ.

"ආ ලිහන්සි ලොකු කල්පනාවක වගේ"

අද සදුදා 12 වසර පටන් ගත්ත පලවෙනි දවස.අලුතෙන් ලමයි ඉස්කෝලෙට එන හින්දා මුල් දවස් දෙකේ තුනේ උගන්නන්නේ නැ කිව්වා.අද ලමයිනුත් අඩුයි.මෙවනිත් ගියා කැන්ටිමට යනවා කියලා.මන් ඒක හින්දා පන්තියට වෙලා ලොකු කල්පනාවක වැටිලා හිටියේ.හරි සිහියට ආවේ එකෙක් ඇවිල්ලා මගේ පිටට ගැහුව හින්දා.

"ආ..හායි..මොකද මේ පැත්තේ.."

ඇවිල්ලා හිටියේ ජූලියා.දහයේ මැද වගේ අපේ ඉස්කෝලෙට ආවා.අපිත්තෙක්ක තමයි ඉතින් ෆිට් වුනේ.ඒකි ක්‍රිස්තියානිය.මාරම ලස්සනයි.හැබැයි ඉතින් මලින්ශා වගේ ඩයල් එකක්.

"ඇයි අපිට මේ පැත්ත තහනම්ද.?"

"අයියෝ...නෑ නෑ අනේ එහෙම එකක් නෙවෙයි.වැඩ නැද්ද කියලා ඇහුවේ."

"නෑ බන්..උදේනම් මිස්ට පේපර්ස් වගයක් බලන්න උදව් කරා.ඊට පස්සේ නිකන් තමයි ඉතින්."

"ආ ජුලියා...කොහොමද ඉතින් කෙල්ලව දැක්ක කල්."

"හොදින් ඉන්නවා බන් වරදක් නැ.....උඹ නම් කැන්ටිමම උස්සන් ඇවිල්ලා වගේ නේ.."

යකෝ මේකි කැන්ටිමම උස්සන් ඇවිල්ලද කොහොද.මෙච්චර ගන්න මේකිට සල්ලි කොහෙන්ද.මට මේකිව සත පහකට ශුවර් නැ.අනික මේකි යද්දි මහ මනමාල හිනාවක් දාගෙන ගියේ.මන් ඉතින් නිකමට පර්ස් එක බැලුවා.කෝ යකෝ මේකේ තිබ්බ රැපියල් දෙසිය.අදනම් උඹ මගෙන් කනවා.මම ඒකි දිහා රවලා බැලුවා.මේකි දත් ටිකම පෙන්නලා හෙන මනමාල හිනාවක් දාලා ගෙනාපු සේරම ටික මට දික්කලා.

"රවන්න එපා බන් රැපියල් දෙසියයි ගත්තේ.අද මන් සල්ලි ගෙනල්ලා නෑ.අනික මන් තනියෙන් කන්නේ නැනේ.උඹටත් තෙක්ක තමයි ගෙනාවේ."

"අනේ යකෝ මන් ඒක නිවන්දිකා මිස්ට දෙන්න ගෙනාවේ."

"හී........මන් එහෙම එකක් දන්නේ නැනේ ඉතින්..."

තෝඩු (ONGOING)Where stories live. Discover now