17 කොටස

33 4 0
                                    

අද අවුරැදු දවස..මායි අම්මයි කුස්සියේ වැඩ..අයියයි තාත්තයි කිරි උතුරනවා..අවුරැදු ගැනකට පස්‌සේ මෙහෙම කට්ටියම එකතුවෙලා අවුරැදු සමරන්නේ..
තාත්තත් පුදුමෙකට මේ පාර අවුරැද්දට ගෙදර හිටියා..
මන් අම්මත් තෙකක් එකතු වෙලා කිරිබත් හදනෝ..
ඒ කිව්වට ඉතින් මන් කරන එකක් නැ මන් නිකන් බලන් ඉන්නවා විතරයි..මන් අතගැහුවොත් එහෙම කිරිබත් නෙවෙයිලු කන්න වෙන්නේ දියබත්ලු..

ඊයේ චෙහාන්ලා දවල් මෙහෙන් පිටත වෙලා තිබ්බා...
ඊයේ උදේ එකපාරට කෝල් කරලා කියනවා පාරට එන්න කියලා..ඒත් මන් බැලුවා මොන යකෙක් වැහිලද කියලා.
බඩු ටිකක් ගන්න තියෙනවා කියලා බොරු කියලා ඉක්මනට ගියා.බලද්දි නංගි එකක් ඇවිල්ලා තිබ්බේ..
හැබැයි නංගි ඇවිල්ලා හිටපු එක හොදයි කියලා හිතුනේ කඩේ ඇන්ටියි එයාගේ දුවයි අපි කතා කරන දිහා බලන් හිටපු හින්දා..යන්න කලින් මුන බලලා යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ..ආපහු ඉතින් දකින්න වෙන්නේ දවස් හතරකට විතර පස්සේනේ..පාලුයි අප්පා...

"අම්මා..හරි නේද සේරම.."

"හරි පුතා..චූටි දු කැමටික ගිහිල්ලා මෙසෙන් තියන්න..
තාත්තට කතා කරන්න.."

උදේ ඉදන් හිටිය යකෙක් කන්න තරම් බඩගින්නේ..ඇති තරම් කාලා කාලා ගිහිල්ලා සැටියෙන් වාඩි වුනා..වාඩි වෙලා විනාඩි පහක්වත් ඉන්න හම්බ වුන් නැ අම්මා කැම පිගන් ටිකක් ගෙනල්ලා අහල පහල ගෙවල් වලට දිලා එන්න කියලා මාවයි අයියවයි යැවුවා..අපේ ඉතින් නැදැයෝ කියලා ලොකුවට කවුරැත් මෙහෙ නැ..අහල පහල ගෙවල් වල කට්ටිය තමයි ඉතින් එන්න ඉන්නේ..

දැන් දවලුත් වෙලා අර මෝඩයගෙන් තාම කොල් එකක් නැනේ..ගමේ ගියා විතරයි තාම කොල් එකක්වත් නැ..
කිව්වෙනන් කොහොමද "අනේ සුදූ මට ඔය නැතුව පාලුහිතෙයි ,මන් ඔයාට ගිය ගමන් කොල් කරන්නම්."
කොල් කරපු හැටි තමයි මේ..

Chathuni Nangi is calling **

මතක් කරා විතරයි..අයියට මතක් වුන් නෑති වුනාට නංගිට හරි මතක් වෙලානේ..

"හලෝ.."

"හලෝ නැනේ......මේ මන් ඔයාට කෝල් කරේ දෙයක් පෙන්නන්..පොඩ්ඩක් ඉන්නකෝ.."

තෝඩු (ONGOING)Where stories live. Discover now