එයාව කොහේදි හරි හොදට දැකලා පුරුදුයි.ඒත් කොහෙදිද කියලා මතක් වෙන්නේ නැනේ.මොකද්ද එයාගේ නම කිව්වේ..ආ........චෙ..චෙහාන් ද කොහේද.
"චූටි දූ...."
නම නම් හොදට අහලා පුරුදුයි.....දැන් එයා කවුද කියලා දැනගත්තා කියලා මොකද්ද දැන් මට ඇති වැඩේ.අනේ මෝඩියේ පාඩම් කරන්න නේද උඹ මෙතන වාඩිවුනේ.
වෙන මගුල් මතක් කරන් නැතුව පාඩම් කරපිය."ආ මොකද අනේ ගහන්නේ.."
"ගහන්නේ මන් දැන් කියේ ඉදන්ද කතා කරන්නේ..මොන සිහියේද ලමයෝ ඉන්නේ.."
"ඇයි දැන් කතා කරේ..මං පාඩම් කර කරනේ හිටියේ"
"ඇවිල්ලා පොල් ටිකක් ගාලා දෙන්නකෝ.."
මට හිතුනා ඕකට තමයි කතා කරේ කියලා.මාව මතක් වුනොත් මතක් වෙන්නේ ඉතින් ඔය වගේ වැඩවලටනේ.
"හරි හරි මං ගාලා දෙන්නම්.."
"ආ..මේ මන් අද භවානියි රුක්මණි තෙක්කයි ශෝපින් යනවා.දූලා දෙන්නත් එනවා..තුන් දෙනා ගෙදරට වෙලා පාඩම් කරන්න.."
"හ්ම්ම්..."
අදනම් මරැවට තියෙයි.මලින්ශා එද්දි ගේයි නේද.ඔය භවානියි රැක්මණි කියන්නේ මෙවනිගෙයි මලින්ශාගෙයි අම්මලා.තුන් මාර ෆිට්.අපේ අම්මා යාලුවන්ට කියලා ලගින් ආශ්රය කරන්නේ ඒ දෙන්නව තමයි.ඒ ඇන්ටිලා දෙන්නා මාරම හොදයි.
"ගෙදර කවුද.....ලලිනිඇන්ටි......"
"එන්න එන්න.."
"ආ මේ මෙයාලනේ..ඉක්මනට ඇවිල්ලා නේ....මන් තාම ලැස්ති වුනෙත් නැ.මන් ඉක්මනට ලැස්ති වෙලා එන්නම්.අපේ ලමයා කාමරේ ඔය ලමයි උඩට යන්න ..."
"හලෝ..."
"වරෙන් වරෙන්.."
"කෙල්ල පාඩම් කරනවා වගේ නේ.. "
"උදේ පාඩම් කරා බන්.උඹලා එනවා කිව්ව හින්දා මේසේ
අස් කරා...මේ අරක ගෙනාවද?..""ඕව් ඕව්..."
"චූටි දූ මං යනවා.කැම හදලා ඇති බඩගිනි වුනාම කන්න.පාඩම් කරන් නැතුව වෙන දේවල් කරලා තිබ්බොත් බලාගන්නන්කෝ."
"හරි හරි පරිස්සමට ගිහිල්ලා එන්න.."
අම්මලා ගියාට අපි හිතන් හිටපු දේ පටන් ගන්න බැරි වුනා.මෙවනි කෑගැහුවනේ මුලින්ම පාඩම් කරලා ඉමු කියලා.ඊට පස්සේ ඉතින් පැය තුනක් විතර පාඩම් කරලා අපි කරන්න හිටපු වැඩේට අත ගැහුවා.අපි ලැස්ති වුනේ ඉතින් ෆිල්ම් එකක් බලන්න.
"මොකද්ද බන් දාන් ආපු ෆිල්ම් එක.හොල්මන් නම් බෑ හොදේ.උඹ දන්නවනේ මන් බයයි කියලා."
"දන්න හින්දා තමයි BL එකක් දාන් ආවේ.."
අම්මා කැම වගයකුත් හදලා ගිහිල්ලා තිබ්බ හින්දා අපි ඒවත් අරගෙන ෆිල්ම් එක බලන්න වාඩි වුනා.ද ටේයිනර් කියලා තායි එකක් තමයි බැලුවේ.කොහොමත් ලගකදි ඉදලා මටයි මලින්ශාටයි BL පිස්සුවක් හැදිලා තිබුනා.අනේ මන්දා ඒ ලෙවල් පටන් ගත්තා විතරයි මාර පිස්සු තමා හැදෙන්නේ.අම්මලා එන්න ලංවෙලා අපි ආපහු පාඩම් කරන්න ගත්තා.නැත්නම් ඉතින් බැනුම් තමයි.අම්මලා එන්න ටිකක් පරක්කු වුනා.මං හිතන්නේ හතරවටෙම ඇවිදලා හෙන බැග් තොගයක් උස්සන් ඇවිල්ලා.ඉදලා ඉදලා ශෝපින් ගියාම ඔහොම තමයි ඉතින්.ඔය බැග් වලින් එකක හරි මට මොනවාහරි තිබ්බොත් ලොකු දෙයක්.
_________________________________
ඔයාලා හිතුවේ ඒ ලමයි වෙන මොකක් හරි හොර වැඩක් කරයි කියලා නේද........අනේ අනේ මේ ලමයින්ගේ නරක හිත් නම්....🤭🤭කතාව ලස්සනයිද ලමයි...නිකන් කියවලා යන් නැතුව ලයික් එකක් දාලා ෆලොව් පාරක් දාගෙන යන්නකෝ.
එතකොටනේ මගේ මේ පුංචි හිතට සතුටක් දෑනෙන්නේ.By chimmy
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15