7 කොටස

57 4 0
                                    

"මොන හු***"

කවුද යකෝ උදේ පාන්දර ස්ප්‍රේ පාරක් එල්ල කරපු එකා.අද මගේ උපන්දිනෙත් නෙවෙයි.හිමිදිරි පාන්දර නැගිටලා අම්මගේ රසම රස තේකක් බොන්න ගියපු මට පුදුම අකරතැබ්බකයකට තමයි මූණ දෙන්න වුනේ.
කාමරේ දොර ඇරපු ගමන් නැවිලා යන්නම ස්ප්‍රේ පාරක් වැදුනා කියන්නකෝ.හරියට නිකන් හිම වැස්සක් කඩන් වැටුනා වගේ.ඒක කරපු එකාට අනිත් පැත්තට දෙන්න අත ඉස්සුවා විතරයි ඉදපු එකාව දැකලා ඇස්වලට කදුලුත් ආවා.

"අ..අයියේ..."

මන් හිතන්නේ මන් එයාව දකින්නේ අවුරැදු හතරකට විතර පස්සේ.යද්දි හිටියට වැඩිය එයා ගොඩක් වෙනස් වෙලා.සුදුත් වෙලා.සුද්දෙක් වගේ..එදා මටවත් නොකියා ගිය එයා අද මටවත් නොකියා ඇවිල්ලා.

"චූටි......කොහොමද..? මගේ කෙල්ල ගොඩාක් වෙනස් වෙලානේ.."

"අනේ යනවා යන්න මන් තමුසේ එකක් තරහයි..එහෙට වෙලාම ඉන්නනේ තිබ්බේ.මොකටද ආවේ..ඔයාට ඉතින් එක මොහොතකටවත් මාව මතක් වුනේ නැනේ..තමුසේ දන්නෝද මන් තමුසේ නැතුව කොච්චර පාලුවෙන්ද හිටියේ කියලා..මන් තරහයි ඕයි තමුසේ එක්ක.."

මට ඇඩුනා...ඇත්තටම මන් එයා නැතුව හිටියේ ගොඩක් පාලුවෙන්..පොඩිකාලේ නිදාගත්ත එයාගේ අත්.
මෝඩ වැඩක් කරාම රිදෙන්නැතිවෙන්න අනින ටොක්ක.
දුකින් ඉන්න වෙලාවට මාව සනසන ඒ වචන.අම්මගෙන් පස්සේ මන් ගොඩක්ම ආදරේ කරේ එයාට...ඒත් එයා මටත් නොකියා එදා ගිහිල්ලා තිබ්බම මට ලොකු වේදනාවක් දැනුනා.එයා මට ආදරේ නැද්ද කියලා හිතුනා.
දැන් එයා කිසිගානක් නැතුව මෙහෙම ඉද්දි...ඇත්තටම මට කේන්තියි..

"හ්ම්ම්.."

"ඇයි දැන් තමුසේ හ්ම්..හ්ම්..ගාන්නේ.."

"ඔයා තරහින් ඉන්නේ...ඔයා කියන්න මන් අහන් ඉන්නේ...වැරැද්ද මගේනේ චූටි..ඔයා බනින්න.."

"අනේ අයියේ ඔහොම කියන්න එපා ඕයි...මට බනින්න හිතෙන්නෙත් නැ....මෝඩයා..."

"පිස්සි..දැන් බැනලා ඉවරද..මන් ඔයාට තෑගි ගොඩක් ගෙනාවා....එන්න බලන්න යමු.."

දැන්නම් තරහා අඩුවුනා ඉතින්.එහෙමයි කියලා ඉක්මනට සමාව දෙන්න බැ.මන් ඉතින් ඇගේ තියෙන ස්ප්‍රේ ටිකත් පිහදාගෙන මට ගෙනල්ලා තියෙන්නේ මොනාද කියලා බලන්න ගියා.මූ හැබැයි තෑගි ගොඩක් ගෙනල්ලා.

තෝඩු (ONGOING)Where stories live. Discover now