23 කොටස

48 5 2
                                    

"ආහ් හලෝ..මන් ඇවිල්ලා ඉන්නේ ඔයා කොහේද..?"

"මන් ඔයාව දැක්කා..ඉස්සරහ.."

මන් මේ ඇවිල්ලා ඉන්න බිච් එකට පූර්ණිමාව හම්බ වෙන්න..මන් එයාට පොරොන්දු වුන විදිහටම එයා එව්ව ලොකේශන් එකට ආවා..

"මන් ෆස්ට් ටයිම් ඔයාව casual දැක්කේ..යුනිවොර්ම් එකට වැඩිය ලස්සනයි.."

"වෙන්න ඇති.."

"අපි බිච් එක පැත්තට යන්ද..?"

"යන්.."

අපි දෙන්නා නැගිටලා බිච් එක පැත්තට ඇවිල්ලා වැල්ලේ වාඩි වුනා..ටිකක් වෙලා සද්ද නැතුව එහෙම්ම බිච් එකට දිහා බලන් හිටියා..මන් ඉතින් මුලින්ම කතා කරන්න ගත්තා..මෙතන්ට ආවේ නිකන් ඉන්න නෙවෙනේ..

"ම්...ඇයි ඉතින් දැන් මට එන්න කිව්වේ.. නිකන් මෙහෙම බලන් ඉන්නද..?"

"අද වගේ දවසක ගෙදර ඉන්න හිතුන් නැ..ටිකක් එලියට එන්න හිතුනා..මන් ඇහුවට ඔයා එයි කියලු හිතුන් නැ.."

"අද මොකක් හරි විශේශ දවසක්ද..?"

"අද මගේ බර්ත් ඩේ එක.."

"ඕහ්..seriously...?Happy birthday...මන් දැනන් හිටියේ නැනේ..සොරි.."

"ඒකට කමක් නැ..ඔයා හරි විශ් කරානේ.."

"ඇයි ඔයා කවුරැත් විශ් කරේ නැද්ද..? අම්මා තාත්තාවත්.."

"මගේ අම්මා නැ..තාත්තා හිටියට එයා දන්නේවත් නැතුව ඇති.."

"අම්මා නැ..එතකොට අර ඉස්කෝලෙට එන්නේ..."

"Step mother "

මන් මුකුත් නොකියා හිටියා..මොනාද කියන්න ඕනේ කියලා හිතා ගන්න බැ..එයා ඒක කිව්වේ හිතේ ලොකු දුකක් තියන් වගේ..අපේ අම්මා නම් මගේ උපන්දිනේ දවසේ උදේම නැගිටලා කිරිබත් හදනවා..හවසට චූටි පාර්ට් එකක් දානවා..ඒත් පුර්ණිමාට..ඔය ඇමති කාරයට හතර වටේ ගෑනු කියලානම් අහලා තියෙනවා..
ගෑනු හුරතල් කරද්දි තමන්ගේ ලමය ගැන හොයන්න වෙලා කොහේද..

"මන් බොන්න මොනවා හරි අරන් එන්නම්.."

.
.
.
.
.
.
.
.
.
.

"Happy birthday to you ...happy birthday to you..happy birthday dear purnima..happy birthday to you...."

කැෆේ එකේ අය කැඩල්ස් පත්තු කරලා කේක් එක අරන් එද්දි එයා පුදුම වෙලා බලන් හිටියේ..හැමොම එකතු වෙලා විශ් කරාට පස්සේ පලවෙනි කේක් කෑල්ල මට කැව්වා..ඉතුරු ටික එතන ඉන්න අයට බෙදලා දුන්නා..
අපි ආපහු බිච් එක පැත්තට ඇවිදන් ආවා..එයා සතුටින්...කලින් තිබ්බ මූඩ් එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා..

තෝඩු (ONGOING)Where stories live. Discover now