"අම්මා......"
"මන් කුස්සියේ.."
අම්මා උයනවා..උදේ දහයත් වෙලා..මහන්සියට මට නින්දත් ගියා..ඒත් ඇගට තාම හරි නැ වගේ..මන් ගිහිල්ලා අම්මව පිටිපස්සෙන් බදාගෙන උරහිසට ඔලුව තියා ගත්තා..
"කන්න මොනාද හැදුවේ "
"කිරිබත්..බෙදාගෙන කන්න.."
"අනේ කවන්නකෝ..."
"ඔයාගෙත් පුදුම කොලන් තමයි..මන් බෙදන්න එන්නම්.."
"ආන්ට්...ආහ්
මෙවනි කුස්සියට හොම්බ දාලා බැලුවා.
පුදුමයි නැගිටලා.. ඒත් මන් හිතුවේ නිදිකුම්බරි වගේ නිදි ඇති කියලා.."
"දැන් බන් නැගිට්ටේ.."
"දුව ඔයත් කිරිබත් කනවද..?"
"ඔයා දෙනවනම් කන්නම් අනේ.."
"අපේ මහ බබාට කවනන් එපැ..ඔයාටත් ඒ ගමන්ම කවන්නද..?"
"හාකෝ අනේ අහන්නත් දෙයක්ද.."
"දෙන්නා එහෙනම් උඩට යන්න මන් බෙදන් එන්නම්.."
අපි දෙන්නා තෙක්ක උඩට ආවා..ක්ලාස් තියෙන්නේ හවසනේ..එක්සැමුත් ලග හින්දා පාඩම් කරන්න කියලා බැලුවේ..
"මේ ඕයි මේ කරදරයෙන් ගැලවුන ගමන් අපි කොහේහරි යන්කෝ.."
"චෙහාන් කිව්වා මාව එයාලැ ගමේ එක්කන් යන්නම් කියලා.."
ඇදෙ නිදාගෙන හිටපු එකා හෙන කුපාඩි හිනාවක් දාගෙන මන් ගාවට ආවා..
"තනියම..?"
මන් හිතුවා මොනවා හරි කැත කතාවක් හිතන්න ඇති කියලා..
"නැ බන් උඹලත් එක්කන් යනවලු.."
"ආහ් ඒක මිසක්..ඒත් මන් බැලුවා අපි නැතුව ජෝඩු දාලා යන්න හදනවා කියලා...හිතේ ඇති අප නැතුව ගිහිල්ලා ල-තුහ් මොනාද ඒ.."
"පිස්සි..ඔය කියවිල්ල නවත්ත ගනින් අම්මට ඇහුනොත් මට ගමේ නෙවේ යන්න වෙන්නේ එල්ලුම් ගස්.."
"හරි හරි මේහ් කොල්ලා මස්සිනාව ශේප් කර ගත්තාලු නේ.."
"හ්ම්..අයියා ශේප්.."
අපි එතනින් පස්සේ අපේ කතාව නැවැත්තුවා..අම්මා කිරිබත් බෙදන්න ඇවිල්ලා අපි දෙන්නටම කවලා ගියාට පස්සේ අපි පේපර්ස් වගයක් සාකච්ඡා කරන්න ගත්තා..
ගෙදරින් දවල්ටත් කාලා දෙකට තියෙන චාල්ස් එකට එකහ මාරට ගෙදරින් ආවා...විනාඩි පහලවක් වගේ තමයි යන්නේ..අපි යද්දි ලමයි ටික දෙනයි ඇවිල්ලා තිබ්බේ.. ටික වෙලාවකින් දෙනෙතුයි මහිත් අපි ඉන්න තැනින් ඇවිල්ලා වාඩි වුනා..
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15