10 කොටස

54 5 0
                                    

එක දිගට පැය ගානක් පුටුව රත් කර කර ඉදලා කොහොමහරි නිදහස් වුනා.අද උදේ ඉදන්ම ක්ලාස්නේ.
ඉන්න ගියාම එපා වෙනවා ඉතින්.

"මේ අරගොල්ලෝ කැෆේ එකට ඇවිල්ලලු බන්..ගාටන් නැතුව වරෙන්කෝ.."

ඒක කිව්වේ මට.මන් ලොකු කල්පනාවක හිටියේ.මන්
කල්පනා කරේ ඊයේ වෙච්ච දේ.ඇත්තටම කවුද ඒ කතා කරපු ගර්ල්..

"හැමෝම ඇවිල්ලලුද..."

මට දැනගන්න ඕන වුනේ චෙහාන් ඇවිල්ලද කියලා..

"චෙහාන්ද මන්දා තාම ඇවිල්ලා නැ කිව්වා.."

"ආහ් මේ මට සල්ලි ගෙවන්න අමතක වුනා මන් ගෙවලා එන්නම්..ඔයාලා යන්න.."

"වෙනදවසක ගෙවමු බන්."

"බැ ඕයි අපේ අම්මගෙන් බැනුම් අහන්න වෙයි...උඹලා යන්න මන් එන්නම්.."

"මාත් එන්නම් ය-"

"නැ නැ ඕන්නැ..මන් ඉක්මනට එන්නම්.."

"හරි එහෙනම්..."

මට ගෙවන්න තිබ්බ සල්ලියක් නම් නැ.මට ඕන වුන චෙහානුත් තෙක්ක කතා කරන්න.ඔන්න එතකොටම වගේ දැක්කේ කහ ඉර ගාව පාර පනින්න ඉන්න චෙහාන්ව.එයාගේ තිබ්බ හරිම ලස්සන නැචුරල් ලස්සනක්.දකින ඕනම කෙනෙක් කැමති වෙන ජාතියේ.

"ඔහොම ඉන්න.."

"ආ..ඔයා..ඇයි ඇතුල්ට ගි-"

"මට ඔයත් තෙක්ක කතා කරන්න ඕනේ එච්චරයි පොඩ්ඩක් අර පැත්තට යමුද..."

ඒක ටිකක් සැරෙන් කිය වුනාද මන්දා කොල්ලා පුදුම වෙලා මගේ දිහා බලන් හිටියේ.දැන්නම් කන් දෙක ලාවට රතු විගෙනත් එනවා.

"ඒ..ඒත් ඇයි.."

"මන් කිව්වේ මට ඔයත් තෙක්ක කතා කරන්න ඕනේ කියලා විතරනේ..වෙනදේකට අඩගැහුවේ නැනේ..එන්න
අකමැතිනම් කමක නැ ඇතුලට යමු.."

"ආහ් නැ නැ යමුකෝ.."

කැෆේ එක ලග ඉදන් කතා කරන්න අමාරුයි.යන එන මිනිස්සුන්ට බාධා වෙනවනේ.එක නිසා ටිකක් මෙහාට ආවා.

"කියන්න.."

"ඉස්සෙල්ලම කියන්නකෝ කවුද අර ඊයේ රැ ෆෝන් එක ආන්සර් කරපු කෙල්ල.."

"ක..කවුද.?ඊයේ රෑ....ආ...නංගි වෙන්න ඇති.."

"නංගි..?ඔයාට නංගි කෙනෙක් ඉන්නවද.."

තෝඩු (ONGOING)Where stories live. Discover now