5 කොටස

59 5 0
                                    

මන් උදේම නැගිටලා වෝශ් එකක් දාගත්තා.ඉස්කෝලේ යන්නත් එපැ. පාන්දරද කොහේද තාත්තා ආවා.තාම නිදිද දන්නැ.නැත්තම් මට දැන්ටමත් කතා කරලනේ.
පොත් බැග් එකය වයලින් එකයි අරගෙන පල්ලෙහාට ගියා.

"අම්මේ...."

මන් කතා කලේ රහසින් වගේ.අම්මා උයනවා. අද තාත්තත් ඉන්න හින්දා තමයි ඔය උදේම නැගිටලා උයන්නේ. නැත්තන් උයයි උදේ.

"මොකද..."

"තාත්තා තාම නිදි නේද.."

"නැගිටලා...."

"අයියෝ...මට කතා කරේ නැ නේද.කතා නොකර ගියොත් බැනුම් අහන්න වෙයිද..?."

"යන්න කලින් කතා කරලා යන්න..ඊයේ ආපු ගමන් ඔයාව ඇහුව...එයා එන හින්දා නැගිටලා හිටියේ නැද්ද ඇහුවා.මන් කිව්වා උදේ ඉදන් මහන්සි වෙලානේ ආවේ ඒක හින්දා නිදි කියලා...."

"හ්ම්ම් .."

"දුව..ඔෆිස් රැම් එකට එන්න."

මට ටක්ගාලා දුවලා ගියා.පරක්කු වුනත් බනිනවනේ වෙලාවට වැඩ කරන්න දන්නේ නැද්ද කියලා.උදේ පාන්දර බැනුම් අහන්න බෑනේ..යන්නත් පරක්කු වෙනවා අප්පා..

"මං ඇතුලට එන්නද.."

"එන්න.."

"ඊයේ රෑ කියටද නිදාගන්න ගියේ.?"

"එකොලහට"

"මන් ආවේ කීයටද?"

"....."

"අහපු දේට උත්තර දෙනවා.."

"මන් නිදාගෙන හිටියේ.."

"මන් එනවා කියලා දන්නැද්ද නිදා ගන්න ගියේ.."

"සොරි තාත්තේ."

"සොරි.?තමුන් හැදෙන්නෙත් තමුන්ගේ අර මුරණ්ඩු අයියා වගේ. එයා මෙහේ එද්දි කරපු දේවල් තමයි තමනුත් දැන් කරන්නේ.අම්මා තමයි තමුන්ලා දෙන්නවම නලවලා ගහන්නේ බනින්නේ හැදුවේ...මන් ගහන බනින හින්දා තමයි ඔයාලට මාත් තෙක්ක තරහා.....මේක හොදට අහ ගන්නවා...මෙහෙට වෙලා නාඩගම් නැටුවොත් එහෙම බලා ගන්නම්...අයියා කරා වගේ කරන්න හැදුවොත් මන් නරක මනුස්සයා කියන්න එපා.."

"අනේ මහත්තයා උදේ පාන්දර මේ ලමයට කැගහන්න එපා.."

"ඔයා කටවහන් ඉන්න ලලිනි ...ඔයා තමයි මේ ලමයි නරක් කරන්නේ... පේනවනේ පුතත්..මාත් තෙක්ක රණ්ඩු වෙලා රට ගියා.එක පාරක්වත් මට කෝල් කරදා..? එයා හරිම මුරණ්ඩුයි. මෙයත් දැන් ඒ වගේ වෙලා.."

තෝඩු (ONGOING)Where stories live. Discover now