11 කොටස

58 5 1
                                    

"ලිහන්සි"

"ආහ්.."

"Grade 6 to 13 හැමෝටම පණිවිඩයක් දෙන්න උදේ රැස්වීමට එන්න කියලා..ඒකෙදි sportmeet එක ගැන දැනුවත් කරන්න.තව පිෆේට්ලට එයාලගේ ඩියුටි බෙදලා දෙන්න.."

"හරි..ඔයා එන්නේ නැද්ද.."

"මට පොඩි වැඩ වගයක් තියෙනෝ.ඒක ඉවර කරලා පුලුවන් වුනොත් එන්නම්."

"Ok.."

"නංගි මෙහෙට එන්න.මොකද ඔය ගවුම කොට.මන්ද ඕක දික් කරලා දෙන්න ඕනේ.හෙට එද්දි දික් කරන් එන්න.."

"හ..හරි අක්කේ.."

මන් උදේ ගේට් ඩියුටි බලන ගමන් හිටියේ.හයා මාරේ ඉදන් හතහ මාර වෙනකන් හිටන් ඉන්නවා කියන එක ලේසි නැ ඉතින්..ඊට වැඩිය හපන් මේ පොඩි එවුන්.බැග් ඇරගෙන එන්න කිව්වම ඒක ඇරන් එන්නෙත් නැ. ඇවිල්ලා ජබොස් ගාලා බැග් එක මේසෙට අත ඇරලා බලන් ඉන්නවා.දෙන්න හිතෙන්නේ කන පැලෙන්න.ඒ මදිවට next week එකේ sport meet එක හින්දා එහෙට මෙහෙට දුවනවා ඉවරයක් නැ.

"ආ මචෝ උදේම වැඩ වගේ..දැන් ඉතින් කෙල්ලට හරි ගිහිල්ලනේ.."

"මොන.."

"අනේ මේ බොරැ නොකර ඉදහන් බන්.."

"ආහ් ඒකද.."

"ඕව් ඕව් ඒක තමයි..මොකක් දීලද දැන් වූ උඹට propose කරේ."

"එහෙම මගුලක් වුන් නැ බනා..මේ ඒක නෙවෙයි meet එකේ වැඩ කොහොමද.."

"කතා කරන් එපා බන් අරකි මාව මරන් කන්නේ නැති ටික විතරයි..නිදාගන්න දෙන්නේවත් නැ බන්.ඩිටෙල්ස් ටික ඉක්මනට දෙන්නම් කිව්වා. අද උදේ දෙන්නම් කිව්වම උදේ වෙනකන් ඉන්න බැ මට චෙක් කරන්නත් ඕනේ රෑම එවන්න කියලා කෝල් කරනෝ කරන් ඉවරයක් නැ.."

මන් ඉතින් මුකුත් නොකියා හිටියා.ඊයේ නිදාගෙන නැ කියලා මටත් පෙනෝ..

"හරි මන් යනෝ වැඩ වගයක් තියෙනෝ.."

"හරි..මන් ටිකකින් එන්නම්.."

"ආහ් මේ ඒක නෙවෙයි පූර්නිමා HP තමයි.උඔ ඒකිත් තෙක්ක කතා නොකරත් බැ කියලා දන්නවා.ඒ වුනාට වැඩි සම්බන්ධකම් එපා.මට ඒකිව එච්චර සෙට් නැ.."

"උඹලා හිතනවට වැඩිය ඒකි වෙනස් බන්.."

"බලමුකෝ.පරිස්සමින්.."

තෝඩු (ONGOING)Where stories live. Discover now