27 කොටස

12 2 1
                                    

"සූදූ.."

කොට්ටේ යටින් ෆෝන් එක වයිබ්රේට් වෙනවා වගේ ඇහුන හින්දා නිදිමතේම කෝල් එක ආන්සර් කරා.. බලද්දි චෙහාන්..මේ රැ මොකට කෝල් කරනවද මන් දන්නැ..

"ම්ම්.."

"මේ නැගිටලා එලියට එන්නකෝ.."

"මේ රැ මොකටද අනේ.."

"රැ කොහේද මෝඩියේ..දැන් උදේ පහ මාරත් වෙලා.."

"ඇ සිරාවට..?"

"වටේ ඉන්න අයව ඇහැරවන්නේ නැතුව එලියට එන්න.."

"ඉන්න.."

මහි මගේ ඇගටත් උඩින් දාගෙන ඉන්න කකුල් හිමින් සැරේ අයින් කරලා කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න දොර ඇරලා එලියට ආවා..

"මොකද.."

"ස්ස්..එන්නකෝ.."

මාවත් ඇදගෙන ගේ පිටිපස්සට ගියා..ගේ පිටිප්සසට ගියාම වෙලක් තියෙනවා..ඒ වෙල දිගේ දිගටම ගියා..

"මේ පාන්දර කොහේද මේ යන්නේ.."

"පොඩ් බඩ්ඩක් පෙන්නන්න.."

අපි ආවේ ලොකු ගලක් ගාවට..ඒක උඩට නගින්න පුලුවන් විදිහට පඩිපෙලක් වගේ හදලා තියෙනවා..
අපි දෙන්නම ඒ ගල් උඩට නැග්ගා..ගල ටිකක් ලිස්සනවා වගේ..ඊයේ පාන්දර වැස්ස වගේ මතකයි..

"පරිස්සමට මාව අල්ලන් නගින්න.."

"උදේ පාන්දර ගල් නගින්නේ මොකද අප්පා.."

"පොඩ්ඩක් කට වහගෙන එන්නකෝ සුදූ"

මන් මෙහෙම ගල් නැගලා නැනේ අප්පා..ගලක් තියා ගහක්වත් නැගලා නැ..මෙයා කියයි මන්නේ නගින්න ඕනේ..අමාරුවෙන් හරි චෙහාන්ගේ අත අල්ලාගෙන උඩට නැග්ගා..උඩට නැග්ගම මුලු වෙල් යායම පේනවා..

"දැන්වත් කියන්නකෝ තකහනියක් මොකටද මේ ගල් නැග්ගේ කියලා.."

"Wait a minute "

වෙයිට් මිනිට් තමයි..

"හරි දැන් ඇස් දෙක පියාගන්නකෝ..මන් කියනකන් අරින්න එපා.."

"ඇස් වහන්නේ මොකටද?"

"මන් කිව්ව දේ කරන්නකෝ.."

ඇස් වහන්න කියලා මොන මගුලක් කරන්න හදනවා මන්දා..උදේ පාන්දර ඉතින් කේන්ති ගස්සන්න හොද නැනේ ඒක හින්දා මන් ඇස් දෙක පියාගත්තා..විනාඩි දෙකක් විතර ඉන්න ඇති..

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

තෝඩු (ONGOING)Where stories live. Discover now