තිබ්බ මහන්සියට කට්ටියම අට විතර වෙනකන් නිදාගත්තා..ටික වෙලාවකින් ආච්ච්අම්මගේ ගුටිපාරකුත් කාලා කට්ටියම රැ කැම කන්න ආවා..
මාව නම් දෙපැත්තට වැටනෙනවා වගේ..වැනි වැනි ගිහිල්ලා කැම මේසෙන් වාඩි වෙලා කැම කන්න ගත්තා..
රැට කන්න හදලා තිබ්බේ ඉඳිආප්පයි අලයි පරිප්පු හොදියි සම්බෝලය..ඒකනම් සුපිරිම කැමක්..කට්ටිය බඩපිරෙන්න කාලා එලියට ආවා සින්දුවක් කියන්න..
චෙහාන් දර ටිකක් උස්සන් ඇවිල්ලා අනිත් අයගේ උදවුත් ඇතිව ගිනිමැලයක් ගහන් ලැස්ති වුනා..හැබැයි ඉතින් වැඩේ පටන් ගත්තේ චෙහාන් වුනාට ඉවර කරන්න නම් වුනේ වෙන අයට..මොකද එයා මාවත් ඇදගෙන ගේ පිටිපස්සට ආවා.."කොහේද අනේ යන්නේ.."
"අද උදේ ඉදන් ඔයත් තෙකක් හරියට කතා කරන්නවත් හම්බ වුනේ නැ.."
"ඕහ් ඒකද මේ.."
"ම්ම්..ඔයා සතුටින්ද.."
"හ්ම්ම්..ගොඩා....ක් සතුටින්.."
මන් කොච්චර සතුටකින්ද ඉන්නේ කියලා අත් දෙකත් දෙපැත්තට ඈත් කරලා පෙන්නුවා..එහෙමම මන් දිහා හිනාවෙවි බලන් ඉදලා ඇවිල්ලා මාව හග් කරා.. පවුලෙන් පිට වෙන පිරිමියෙක් මෙච්චර ලගින් හිටපු පලවෙනි පාර..එයා ගාව හරිම රස්නෙයි..මගේ කනට හිමින් කෙදුරැවා..
"ඔයා දන්නවද මන් ආච්චිඅම්මට අපි ගැන කිව්වා..එයා කැමතියි..එයා ඔයාට ගොඩක් ආදරේ වගේ.."
එහෙම කියලා මගෙන් ඇත් වුනා.
"ඇත්තමද.."
"හ්ම්ම්.."
"දැන් නිකමට හිතන්න ඔයාගේ ගෙදර අය අකමැති වෙලා මගේ ගෙදර අය අකමැති වුනොත් එහෙම.."
මන් ඒක නිකන් විහිලුවට වගේ ඇහුවේ.
"ආහ් ඒක ගැන බයවෙන්න එපා..මන් ඔයාගේ ගෙදරට ඇවිල්ලා අම්මටයි තාත්තටයි කියන්නම් මන් ඔයාගේ දුවට ආදරෙයි..මන් එයාව මැරි කරනවා ඔයාලගේ කැමැත්ත විතරක් දෙන්න කියලා.."
ඒහෙම කියලා ගෙදරින් යහතින් යන්න පුලුවන් වුනොත් හොදයි..අපේ අම්මගේ කොසු පාර අපිටම දරා ගන්න බැරි කොට ඔයා කොහොම දරා ගනිද..
"😅 ඔතනින් එක වචනයක් හරි ඔයාට කියාගන්න පුලුවන් වුනොත් හොදයි.."
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15