𝓔𝓹 065

1.5K 132 192
                                    

𝓔𝓹 065

" ත් තාත්තේ මන් "

" මමයි විභූයි දෙන්නට දෙන්නා ආදරේ කරනවා අන්කල් " අයියා එක්සැරේ කියද්දි, මාව ගැස්සුනා.. අනේ අප්පා තාත්තට මෙහෙම නෙවේ කියන්න හිටියේ..

" හ්ම් හ්ම් ඇත්තද පුතා අෂ්වික් අයියා කියන කතාව " තාත්තා හරිම සාමාන්‍ය විදියට ඇහුවා..

" ඔව් තාත්තේ මන් අයියට වගේම අයියා මටත් ආදරේයී " ගොත නැතුව කෙලින් බලන් කියද්දි, තාත්තා ඔලුව වැනුවා.. හැමෝම හිටියේ තක්බිරි වෙලා.. අක්කයි අම්මයි බයෙන් ඉන්නේ..

"හ්ම් හ්ම් කොච්චර කල්ද? " තාත්තා අත් දෙක පපුව මැදින් බැදගත්තා...

" අවුරුදු 7ක් වෙනවා.. අවු 6ක් දෙපැත්තට වෙලා ආදරේ කරා.. ඒත් අපි ආයේ එකතු වුනා වෙන් කරන්න බැරි වෙන්නම " අයියාගේ අත දිගටම මගේ පිට කොන්දේ උඩ පහල ගියා..

" හරී ඇයි මෙච්චර කාලයක් මට මේ දේ හැංගුවේ පුතේ.. මන් එපා කියයි කියලා හිතුවද? " තාත්තා දුකින් අහද්දි, මට ඇඩෙන්න ආවා..

" බ් බය හිතුනා තාත්තේ.. මොකද අයියයි මමයි කියන්නේ කොල්ලො දෙන්නෙක් නේ.. එතකොට තාත්තා අකැමැති වෙයි කියලා හිතුවා... " මන් බිම බලා ගත්තා...

" මගේ දරුවා සතුටින්ද අෂ්වික් පුතා ලග? " තාත්තා ඇවිත් මගේ ඔලුව අත ගාලා අහද්දි, මට අඩන්න හිතුනා අනේ මන් හිතුවෙම තාත්තා අකැමැති වෙයි කියලා ...

" ඔව් ගොඩාක් සතුටින් තාත්තා.. ප්ලීස් අයියගෙන් ඈත් වෙන්න කියන්න එපා " මන් ඇස් වල කදුළු පුරවන් තාත්තා දිහා බැලුවා..

" ඇයි මන් එහෙම කියන්න ඕන.. මගේ දරුවොන්ගේ සතුට තමා මට වැදගත් " තාත්තා මගේ හිස්මුදුනට හාදුවක් දුන්නා..

" ආදරේයී තාත්තා " මන් නැගිටලා තාත්තව බදාගත්තා...

" ඒත් ඉතිම් ඔයාලගේ සම්බන්දේ ඔයාලගේ ක්‍රිකට් ෆැන්ස්ලට නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකෝ කරන්නේ ඒකට " තාත්තා අහද්ද්, අයියත් හිට ගත්තා...

" කාටවත් බෑ අපේ පෞද්ගලික ජිවිතෙට ඇගිලි ගහන්න.. එයාලට ප්‍රශ්නයක් වුනාට අපිට ප්‍රශ්නයක් නෑ. එහෙම නේද වස්තුව " අයියා මගේ අතින් අල්ලන් කියද්දී, මන් වේගෙන් ඔලුව වැනුවා..

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now