මන් දැක්කේ දකින්න ලැබෙයි කියලා ජීවිතේට හිතපු රෙද්දක් නෙවෙයි. කුශාන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත්.
ඒ මදිවට තව මදි පාඩුවට වත්සරයත් ඇවිත් බලාගෙන ඉන්නවා මෙතන.
මන් යෙවියා දිහා බැලුවේ මොකද වෙලා තියෙන්නේ කියලා දැන ගන්න. ඌට නම් ඇඩෙන්න විනාඩියයි වගේ ඉන්නේ. රටෙන්ම ගේම ඉල්ලන එකා මොකද අඩන්න කට හදාගෙන.
මන් බැලුවේ කොට්ටෙට මූණ ගහගෙන අපි දිහා නොබලා ඉන්න කුශාන් දිහා. උගේ උරහිස් ගැස්සෙන විදියෙන් මට තේරුනා ඌ අඩනවා කියලා. ඔන්න දැන් නම් මටත් මාරයා ආවේස වෙනවා....
"මොකද මෙතන වෙන්නේ... "
මම දන්න තරම් ලොකු සද්දයක් දාල කෑගැහුවේ වටේ ඉවුන්ව හොල්මන් වෙලා යන්න.
"ආරොන් මොකද බෙරිහන් දෙන්නේ. මුන් ලමයි නෙවෙයි...."
මන් අන්කලයාට දෙකක් කියන්න කට අරිනකොටම අයියා මගේ අතින් අල්ලා නැවැත්තුවා..
යෙවියා දුවගෙන අපි ගාවට ආවේ මෙතන අසරන වෙලා ඉදලා බැරි තැනමද කොහොද ?
"ආරොන් උබ ආව එක හොදයි......"
"ඇයි බන් මොකද වුනේ..."
"එයාලා කියනවා.... මේ.. මේ.. අපේ කුසා.."
"තටමන් නැතුව කියපන් යකෝ..."
"අපේ කුශාන් ඩ්රක් අඩික්ට් වෙලාලු....."
"මොකක්ද ?"
කුශාන් හවසට අඩියක් ගහලා පොඩි දුමක් දැම්මට ඇඩික්ට් වෙන්න තරම් අවුල් ජාති පොර ගන්නේ නෑ . මම ඒක හොදටම දන්නවා...
"කවුද කියන්නේ , කොහොමද ඔප්පු කරන්නේ.
මන් ඇහුවේ වත්සරයා දිහා රවලා බලන ගමන්. මට හිතෙනවා මේක මූ පත්තු කරපු ගින්නක් කියලා.
"ඊයේ අන්කල් ටෙස්ට් වගයක් කරලා එකෙන් තමයි හොයාගෙන තියෙන්නේ."
"සිරාවටම!!!! , මොනවද දැන් මු ගහනවා කියන්නේ.."
මම යෙවියගෙන් ඇහුවම එකා මට නහය උඩට ඇදලා පොඩි සිග්නල් එකක් දුන්නා. යකෝ ඒ කියන්නේ කුඩු.. මට නප්පෙට තද වුනා. මු කවද්ද එහෙම දේවල් වලට සෙට් වුනේ.
YOU ARE READING
Positive
Fanfictionපොසිටිව් තින්කින්. මගේ අම්මගේ කටේම තිබ්බ දේ. ඒ නිසාම මාත් හැමදාම හිතුවේ හැමදේම පොසිටිව් ඇති කියලා ඒත් ඒක එහෙමද. ජිවිතේ හැමදේම පොසිටිව් ද .ආදරෙත් එහෙමද ? එහෙම නැ ජිවිතේ ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නොවෙද්දි ආදරේ විතරක සම්පුර්ණ පොසිටිව් වෙන්නේ ක...