"මට හොස්පිටල් එකෙන් මගෙ කොල්ලව බලන්න දෙන එකක් නැද්ද බං, අනේ ඌව ඇස් දෙකට දකිනකම් මට සැනසීමක් නෑ බං"
"එහෙම බලන්න නොදී ඉන්නෙ නෑනෙ මචං, බලපන්කෝ ආයු මූ මෙහෙම අඬන්න ගත්තම කොහොමද කියපන්කෝ"
"අම්ම තාත්තටත් එන්න එපා කියලා ඩොක්ටර්ස්ලත් කියලනේ බං"
ආයු ඇවිත් යුකී ළඟින්ම ඉඳ ගත්තේ දැන් හොස්පිටල් එකට යන්න කලින් ඒ හිත හදල සන්සුන් කරන්න ඕන නිසා.
"මේ අහපන් යුකී,මිස්ලව දැකලා කොල්ල කලබල කරාට උඹ දැක්කම ඌ එහෙම හැසිරෙන්නේ නෑ කියලා මට හොඳටම ෂුවර්. ඌ නිවෙන එකම තැන උඹ ලඟ. ඒ නිසා උඹ මේ වෙලාවේ පිස්සු නටල හරි යන්නෙ නෑ. ඌට හයියක් වෙන්න නම් උඹත් හිත හයිය කරගෙන ඉන්න ඕන. දැන් යමන්. සමහර විට කොල්ල උඹ එනකම් බලන් ඇති. ගිහින් පුළුවන් තරම් හිත හදමු, ඌට තේරුම් කරලා දෙමු කර ගන්න ගියේ කොච්චර මෝඩ දෙයක්ද කියලා"
ආයු දිගටම කතා කරගෙන යද්දි යුකී පාඩුවේ අහන් ඉඳල ඉදගෙන හිටිය තැනින් නැගිට්ට. අත් දෙකෙන්ම කදුළු පිහ දා ගෙන කිසි කතාවක් නොකර බාත්රූම් එකට යද්දි ආයු බැලුවේ සිහත් දිහා.
"මූණ හෝදන් එයි"
සිහා එහෙම කියාගෙන කාමරෙන් එළියට යද්දි ආයුත් ෆෝන් එක ගත්තේ කේනුට මැසේජ් කරන්න. සකුන්තලා එනකම් කොල්ල ගෙදර තනියමනෙ.
යුකී මූණ හෝදන් ඇවිත් ඇදුමක් දා ගත්තට පස්සෙ කොල්ලො තුන් දෙනාම පහළට ගියේ හොස්පිටල් එකට යන්න. එයාලා යද්දි යුකීගෙ අම්ම සෝෆා එකේ ඉඳගෙන අත් දෙකත් බැඳගෙන බලන් ඉන්නවා. අම්මව දැක්ක ගමන් යුකී පොඩ්ඩක් ගැස්සුණා. දැන් ඉතින් අම්මගෙන් මුකුත් හංගලා වැඩක් නෑ. එයත් එක්ක කතා කරන්න වෙනවා. ඒත් දැන් ඒකට වෙලාවක් නෑනෙ.
"චූටි පුතා, යන තැනක පරිස්සමින් ගිහින් එන්න පිස්සු නටන්නේ නැතුව. ආවට පස්සෙ අපි කතා කරමු.... අනේ පුතේ ඔය දෙන්නම ඉන්න නිසා මෙයාව පොඩ්ඩක් බලන්න. පුළුවන් නම් ගෙදරටම ගෙනත් ඇරලලා යන්න"
"බය වෙන්න එපා ඇන්ටි, අපි ඉන්නවනේ"
5.00 ට තව විනාඩි ගානක් තියෙන නිසා සිකියුරිටි එකෙන් යන්න දෙනකම් කොල්ලො තුන් දෙනා බලන් හිටිය. යුකීගෙ නම් හදවත ගැහෙන වේගෙත් වැඩි වෙලා.බෝමිව දකිනකම් එයාට ඉවසිල්ලක් නෑ.
