බඹර විසේ 45

540 56 19
                                    

බෝමිගේ ඇස් දෙකරතු වෙලා ඉදිමිලා, ඒ විතරක්යැ එක කම්මුලකුත් ඉදිමිලා, එයා අඩල කියල දකින ඕන කෙනෙක්ට හිතෙනවා. අනික කොල්ල දැන් ඉන්නෙත් අඬන්න ඔන්න මෙන්න වගේ.

ඔවී ඉතින් මේ ප්‍රශ්න ගැන ලව් හුටපට ගැන තාම දන්නෙත් නෑනෙ. ඒ උනාට අනිත් දෙන්නා බෝමි ගැන දන්න නිසා දෙන්නත් එක්ක බෝමිව වට කරගෙන ඇහුවෙ සිද්ද වෙච්චි දේ ගැන. මොකද යුකීත් උදේම කේනුව දැනුවත් කරානෙ බෝමිත් එක්ක කතා කරලා විස්තරයක් දැනගෙන එයාට කියන්න කියල.

"මොකක්ද උනේ කියපන්කෝ බං, එතකොටනෙ අපිටත් උදව් කරන්න පුළුවන් වෙන්නේ"

"අනේ ඔව් බෝමි"

"ඊයෙ රෑ..... ම.. මං යුකී අයිය එක්ක එළියට ගියා"

"ඉතින්"

"ආයෙත් එද්දි...... මං ඇවිත් දොර ඇරලා සාලෙට එද්දි තාත්ත සාලෙ"

"දෙයියනේ"

කේනුටයි නේහටයි දෙන්නටම කිය උනේ එකට. දෙන්නට දෙන්නා මූණ බලා ගත්තේ හිතට දැනුනු බය නිසා. ඔවීත් පැත්තකට වෙලා පාඩුවේ මේ කතාවට කන් දෙනවා.

"යුකී අය්ය ගැන දැන ගත්තද බං"

යාළුවෝ දෙන්නම බය උන කාරණේ ගැන කේනු අහද්දි බෝමි ඔළුව වනලා නැහැයි කියද්දි තමයි ඒ දෙන්නට සැනසීමක් දැනුනේ.

"එහෙනම් මොකද උනේ බෝමි, ඔයාට අම්මලා ගැහුවද"

නේහ ඇහුවෙ බෝමියගේ ඉදිමිලා තියෙන කම්මුලක් හෙමිහිට අතින් පිරි මදින ගමන්. නේහ ඒ ගමන්ම බෝමිගෙ කදුළුත් එයාගෙ අතින්ම පිහ දැම්මා.

"තාත්ත ගැහුවා, අනේ මගෙ ෆෝන් එකත් පොලේ ගැහුවා හලෝ, ඒක ආයෙ හදා ගන්න බැරි වෙයිද. අනේ මං අයියත් එක්ක කතා කරන්නෙ වත් කොහොමද හලෝ"

ඒකට නම් යාළුවෝ දෙන්න ලඟම උත්තරයක් නෑ.

"ඇයි බං ෆෝන් එක පොලේ ගැහුවෙ, යුකී අයියගේ මැසේජ් වත් අහු උනාද, උඹ කොහේ ගියා කියලද තාත්තට කිව්වෙ"

"හොඳ වෙලාවට ෆෝන් එක බැලුවේ නෑ, එහෙමම පොලේ ගැහුවා. මං කිව්වේ පොඩ්ඩක් මිදුලට ගියා කියලා විතරයි හලෝ, ඒකට ඔච්චර කේන්ති ගන්න ඕනද"

බෝමිගේ අම්මගෙයි තාත්තගෙයි මේ හැසිරීම ගැන අනිත් තුන් දෙනාටත් හිතා ගන්න බෑ. ඒ දෙන්නා වයසින් වැඩි නිසා එහෙම හැසිරෙනවද දන්නෙත් නෑ. ඉන්න එකම ළමය කියල පරිස්සම් කරනවද දන්නෙත් නෑ. ඒත් ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑනෙ, ආදරය, පරිස්සම උනත් ඕනවට වඩා වැඩි උනාම පීඩනයක් වෙනවා.

බඹර විසේ Where stories live. Discover now