බඹර විසේ 33 (බෝනස්

380 54 22
                                    

දවස් තුනක් තිස්සෙ නොනවත්වා එක දිගටම වැස්ස, ඒක ඉතින් කඳුකරේට අමුතු දෙයක් නෙවෙයිනෙ. වැස්ස මැදම මිනිස්සු සුපුරුදු වැඩ ටික කර ගත්තා. නේහලත් වැස්ස මැදම ඉස්කෝලෙට ගියා, ආවා. එදා නේහගේ ගෙදරට ආව ආන්ශ්ව මේ දවස් තුනට ආයෙ දැක්කෙත් නෑ......

තුන් වෙනි දවස ගෙවිලා ගිහින් හතර වෙනි දවසට ඉර පෑයුවෙත් පොද වැස්සක් එක්කමයි.පොද වැස්ස මැදින්ම පුරුදු විදියටම ආයු,කේනු ඇතුළු කොල්ලො පස් දෙනාම පුරුදු විදියටම බස් හෝල්ට් එකට එකතු උනා. බෝමි ඇවිත් කේනුගේ අතේ එල්ලුණේ යුකීගෙ අතේ එල්ලෙන්න බැරි කමට. පස් දෙනාම ඔහේ කතා කර හිටියෙ ශාන්ති මිසුත් බස් හෝල්ට් එකේ කොනකට වෙලා ඉද්දි. මොකද පොද වැස්ස නිසා බස් හෝල්ට් එක ඇතුලේ සෙනඟ වැඩි.

කොල්ලො පස් දෙනාගෙ වගේම එතන හිටපු අනිත් වැඩිහිටි, පොඩිහිටි හැමෝගෙම කතාව මොහොතකට නැවතුනා. ඒ බස් හෝල්ට් එකට ආව පිරිමි දෙන්නෙක් එතන හිටපු තවත් වැඩිහිටි පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න ගත්ත නිසා.....

"මාමා දන්නවද වැඩක්, අන්න වොලිබෝල් කෝඩ් එක ළඟ කන්ද ඊයේ රෑ පහළට ඇවිත්"

"මොකක් කිව්ව කොල්ලො, නාය ගිහින්ද, එතකොට අර පැල"

"තිබ්බ තැනක් වත් හොයා ගන්න නෑ, අපි එද්දී පොලිසියෙන් ඉන්නවා, හමුදාවෙනුත් ආවේ. මං හිතන්නේ මිනී දෙක හොයන්න ගනී දැන්"

"ඒයි සුදූ කොහෙද දුවන්නේ"

ඒ කතාව ඇහුණු ගමන් කේනු පොද වැස්සෙම එළියට බැහැලා දුවන්න ගත්තේ ආයු කෑ ගහද්දිමයි. අනිත් අයට මුකුත් කර ගන්න බැරුව බලා ඉද්දී තත්පර ගානකින් බෝමිත් කේනුගේ පස්සෙන් දුවන්න ගත්තේ ශාන්ති මිස් කෑ ගහන එක තඹ සතේකට මායිම් නොකර.

"වරෙන් යන්න "

යුකී යාළුවෝ දෙන්නට එහෙම කියාගෙන එළියට බැස්සා. ඒ තුන් දෙනාත් පොඩි උන් දෙන්නා පස්සෙන් දුවන්න ගත්ත. නේහව මතක් වෙද්දි පස් දෙනාගෙම කකුල් පණ නැති ගතියක් දැනුනත් පස් දෙනාම හිතේ වීරියෙන් දුවන්න ගත්තේ හිතින් ප්‍රාර්ථනාවකුත් කරන ගමන්මයි. ඒ නේහට කිසිම කරදරයක් වෙන්න එපා කියලා.

බඹර විසේ Where stories live. Discover now