කලු පාට ලෙදර් ජැකට් එකට ෆුල් කලු කිට් එකක් ඇදන් මාස්ක් එකයි කැප් එකයි දාන් කොල්ලෙක්..
( බෑග් එක ගැන හිතන්න එපා හොදේ )
අම්බෝ.. ගෝනි බිල්ලෙක් වගේ.. මූ මාව උස්සන්නවත්ද ආවේ..
හැබැයි මොනා උනත් කොල්ල හැන්ඩ්සම් පාටයි
සුදු කොල්ලෙක්ද දන්නෙ නෑ... මොකද මගේ ආසාව සුදු උස කොල්ලෙක්ට.. ( සුදු කොල්ලා මේනියා අංක 2.0 )
මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි මගේ චැටර් බොක්ස් එක වැඩ නැත්තේ..
කරුමේ තමාඑයා මගේ කණ ගාවටම ලං වෙලා
"ඔයාට ඇතුලට යන්න පාට්නර් කෙනෙක් නෑනේ??.. මටත් අද කවුරුත් නෑ.. මාත් එක්ක යන්.. "
මාත් ඉතින් අතට ආපු චාන්ස් එකනෙ කියල ඔන්න ඔහේ ගොලු පාර්ට් එකක් ඇට් කරන් ඔලුව වැනුවා.. මගේ මේ ද්‍රෝහි කට ලස්සන කොල්ලෙක් දැක්කාම හැමදාම එයාගෙ අයිතිකාරයට පිටුපානවා.. දුක්ඛිතයි සහෝදරවරුනි..
ගාඩ්ස්ල ගාවට ගිහින් ID චෙක් කරද්දි කොල්ලගේ ID එක බලලා ගාඩ් කාරයා කොල්ලගේ මූන නෙමෙයි බැලුවේ මගෙ මූන දිහා..
ඈ බන් මාව පේන්නෙ කොල්ලෙක් වගේද??? මන් මටම කියගත්තා.. කමක් නෑ හැබැයි ලස්සනයි නම්..
ඒ එක්කම කොල්ල මාව ක්ලබ් එක ඇතුලට ඇදන් ගියා..
"ඔන්න වැඩේ හරිනේ.. ඇතුලට ආවනෙ.. "
මන් කට අරින්නත් කලින් මේකා සෙනග ගොඩේ අතුරුදහන් උනා
දෙයියනේ දෙයියනේ
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...