Chapter 46
මොකක්ද මේ සූයොන් කරන්නෙ.. ඇයි එයා යන්නෙ.. කොහෙද යන්නෙ.. ජේකේ එක්ක උන දේ නිසාද.. නැත්තන් වෙන හේතුවක්ද..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
සූයොන් කියන්නෙ කොරියාවේ ලොකුම සමූහයක් වන SY Group එකේ අනාගත අයිතිකාරයා.. ඒ වගේ කෙනෙක් මේ වගේ ගොඩක් තරුන පොඩි ගෑනු ළමයෙක් උනාම sy group එක එක්ක තරග කරන අනිත් කම්පැනි සූයොන් වගේ පොඩි කෙනෙක්ගෙන් ඉන්න නිසා එකෙන් ප්‍රයොජන ගන්න බලනවා..
ඒකයි එයා ලෝකෙන් එයාගෙ ඇත්ත අනන්‍යතාව හන්ගන් නෝමල් කෙනෙක් විදියට ජීවත් උනේ.. හරි කාලෙ ආවාම සුයොන් එයාගෙ හරි තැනට යන්න හිටියෙ..
ජේකේව හම්බ වෙනකන් එයාගෙ ඇත්ත කවුරුත් දැනන් හිටියෙ නැත්තෙ එයා කාගෙවත් ඇටෙන්ශන් එකකට අහු වෙන්න හිටියෙ නැති නිසා... ඒත් ඒ දෙන්නගෙම වාසනාවකටද නැත්තන් අවාසනාවකටද මන්ද ජේකේ නිසා ගොඩක් අය කෙල්ල ගැන හොයන්න පටන් ගත්තා..
ඉස්සෙල්ලාම මින් සූ.. ඊට පස්සෙ මින්සු ගෙන් ඒක ගොඩක් අය අතරෙ පැතිරිලා ගියා..
බිග් හිට් එකේ වැඩ කරපු අන්තිම කාලෙ වෙද්දි සූයොන්ට ගොඩක් තර්ජන එන්න පටන් අරන් තිබුනා.. එයා ඒව තනියම එයාගෙ සෙකට්‍රි එක්ක විසදගන්න ට්‍රයි කලේ ජේකේව වත් සෝජුන් වවත් ඒ දේවල් වලට ගාව ගන්න බැරි නිසා..
තත්වය එන්න එන්නම දරුනු වෙද්දි සූයොන් තීරණය කලා කොරියාවෙන් කාලෙකට ඈත් වෙලා ඉන්න.. මොකද එයාට බලපෑම් කරන මිනිස්සු ජේකේ , සෝජුන් දෙන්නවම මේ ප්‍රශ්න වලට එකතු කරගත්ත නිසා..
මුලින්ම සූයොන් හිතුවා ජේකේට මේ දේවල් තේරුම් කරල ටික කාලෙකට මෙහෙන් ඈත් වෙන්න.. ඒත් ජේකේ කරපු දේවල් වලින් කෙල්ලගෙ හිත කැඩිල බිදිල ගියේ නොහිතපු විදියට.. සූයොන් හැමදේම දැනගෙන හිටියත් එයා ජේකේට තිබුන ආදරේ අඩු නොකලෙ එයාට ජේකේගෙ හිත තේරුම් ගන්න පුලුවන් උන නිසා.. ඒත් එදා අර ඊමේල් වලින් ආව වීඩියෝ ඇස් දෙකෙන්ම දැක්කාම එයාගෙ ඉමෝශන්ස් එයාටම පාලනය කරගන්න බැරි උනා..
බිස්නස් වල ප්‍රශ්නයි.. ජේකේගෙ සෝන්ග් එක ලීක් වෙන්න ගිය ප්රශ්නයයි.. අතරට එකපාරටම අර වගේ ලොකු වේදනාවක් එද්දි කෙල්ල මානසිකව හොදටම වැටුනා.. සූයොන් ජේකේ වෙනුවෙන් කොච්චර ලොකු කැපකිරීම් කලත් ජේකේගෙ ක්ශනික කේන්තිය නිසා උන දේවල් වලින් සූයොන්ගෙ හිත කිව්වෙ එයාට මේ දේවල් අතෑරලා දාල ඈත් වෙන්න කියල..
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...