Chapter 44

805 113 39
                                    

Chapter 44

Author pov

පහුවදා උදෙන්ම ඇහැරුන ජේකේ වොශ් දාන් ලෑස්ති වෙලා පහලට බැස්සා..

ජින්ට යනව කියලා එයාගෙ බෙන්ස් එකට නැග්ගෙ බොඩිගාඩ්ස්ලා දෙන්නෙක් එක්ක..

" කොහෙටද සර් ? "

" පැලස් රෝයල් එකට.. "

එහෙම කියලා ජේකේ සීට් එකට හේත්තු වෙලා ඇස් වහගත්තේ එයාගෙ හැමතැනම දුවන හිත එකග කරගන්න..

--- Time pass ---

" සර්.. අපි ආවා.. "

ගාඩ් ගෙ කටහඬට ජේකේ වහන් හිටිය ඇස් ඇරියා..

" හ්ම්.. ඔයාල එලියෙන් ඉන්න.. "

එහෙම කියල ජේකේ බෙන්ස් එකෙන් බැහැලා පැලස් එකේ මේන් ඩෝ එක ළඟ හිටිය බට්ලර් එක්ක ඇතුලට ගියා..

" ගුඩ් මෝර්නින් සර්.. මැඩම් ඔෆිස් රූම් එකේ.. මෙහෙන් එන්න.. "

බට්ලර් හිනා වෙලා ජේකේව පැලස් එකේ ලිවින්ග් රූම් එක මැදින් ලිෆ්ට් එකට අරන් ගියා..

1
2
3

" ටින්ග්ග්.. "

ඒ සද්දෙ එක්කම තර්ඩ් ෆ්ලෝ එකෙන් ලිෆ්ට් එකේ දොර ඇරුනා..

" එන්න සර්.. "

එහෙම කියලා ආයිත් බට්ලර් යන්න පටන් ගත්තා.. ටිකකින් එයා ලොකු බ්ලැක් කලර් ලී දොරක් ළඟ නැවතිලා තට්ටු කලා..

" ඇතුලට යන්න සර්.. "

එහෙම කියල එයා දොර ඇරලා ජේකේට ඇතුලට යන්න ඉඩ දුන්නා..

ඇතුලට යද්දි ජේකේ හෙව්වෙ සුසෙයිව... ඒ රූම් එකේ හැමදේම ග්‍රේ කලර්.. ෆර්නිචර් , හැමදේම ඩාර්ක්..

ඒ රූම් එකේ මැදට වෙන්න තිබුන ලොකු ටේබල් එකේ ළඟ පුටුවක හිටියෙ සුසෙයි..

ෆුල් බ්ලැක් කලර් කිට් එකක් කෙල්ල ඇදන් හිටිය.. ඒ බ්ලවුස් එකේ V නෙක් එක ගොඩක් ගැඹුරට විහිදිල තිබුනා.. ඒ මූනෙ එදා වගේමයි කිසිම හැගීමක් නෑ..

ජේකේට සුසෙයිගෙ ඇදුම දැකල හිතුන පලවෙනිම දේ මේ ඉන්නෙ සූයොන් වෙන්න බෑ කියන එක.. ඒ මොකද කිව්වොත් මේ විදියට සූයොන් කවදාවත් ඇඳුමක් අදින්නෙ නෑ.. සූයොන් හැමදාම ඇන්දෙ සිම්පල් ඇදුම්..

Crazy love ( On Hold )Where stories live. Discover now