Chapter 47

428 100 45
                                    


කෝල් එක කට් කරල ඒ ගමන්ම මං සේරි ගෙ නම්බර් එකට සෝජුන් ළඟ ඉන්න මගෙ කොරිය වල හිටිය සෙකට්‍රිගෙ නම්බර් එක මැසේජ් එකකින් දාල ඇදේ ඇල උනේ ලොකු හුස්මක් පිට කරන ගමන්..

......................................................................................................
Three weeks later ----------- (still flashback )

සති ගානක් යනකන් මං ඕක්ලන්ඩ් වලින් ඈතට වෙන්න තිබුන පොඩි ටවුන් එකක ලෝකෙන් ඈත් වෙලා හැංගිලා ජීවත් උනා..

පහුගිය දවස් වල සිද්ද උන දේවල් මගෙ ඔලුවෙ තාමත් හොල්මන් කරනවා.. මගෙ කම්පැනි එක.. සෝජුන්... එතකොට මගෙ ආදරේ.. ඉදල ඉදල මං ආදරේ දීපු ඒ කෙනා.. කරන්න පුලුවන් හැමදෙයක් උපරිම විදියට කරල එයාගෙ මහන්සිය බේරගත්ත හැටි.. අන්තිමට ඒ කෙනාම මගේ හිත කඩලා දාපු හැටි..

ඇයි ?? මං එයාට හැමදේම දැනගෙනත් සමාව දීලා තවත් ආදරේ දුන්නා... ඒත් එයා... මාව අවිශ්වාස කලා.. කිසිම හෙවිල්ලක් නැතුව..

මේ වෙනකොට එයාගෙයි අර මොඩල්ගෙයි අනවුන්ස්මන්ට් එක දීල ඉවරයි..

සමහරවිට එයා සතුටින් ඇති.. මොකද සමහරවිට එයාට මාව එයාගෙ ජීවිතේට ආව තවත් එක සෙල්ලම් බඩුවක් වෙන්නැති.. එක දේකට උනේ එයාට හරියට මාත් එක්ක සෙල්ලම කරගන්න ලැබුනෙ නෑ..

මගෙයි වැරැද්ද.. මමයි ආදරේ කලේ.. මමයි බලාපොරොත්තු කන්දක් තියාගත්තෙ.. මමයි හැමදේම කලේ...

" අහස හරි ලස්සනයි නේද මැඩම් ?? "

මාව ආයිත් මේ ලෝකෙට ආවෙ ලූකස්ගෙ කටහඬට.. අපි දෙන්න හිටියේ එලියට වෙලා අහස දිහා බලාගෙන.. ඇත්ත තමයි මෙහෙ රෑ අහස ලස්සනයි... කාලයක් මේ අහස වගේ මගෙ හිතත් ලස්සනට පාට පාට හීන වලින් පිරිලා තිබුන.. ඒත්.. අද ඒ හිතේ ලොකුම ලොකු අදුරු කුහරයක්.. ඒ කුහරයෙන් මගේ ඒ ලස්සන පාට පාට හීන ඔක්කොම ඇදල ගත්තෙ ඇසිල්ලකින්...

" හ්ම්ම්ම්... "

" මැඩම්.. මං දෙයක් කියන්නද... "

"හ්ම්ම්ම්..."

" ජීවිතේ හැමෝටම එක එක කාලවලදි එක එක අභියෝග, ප්‍රශ්න එනවා.. ඒව හොද ඒව වෙන්නත් පුලුවන් නරක ඒව වෙන්නත් පුලුවන්.. ඒක තමා මේ ජීවිතේ හැටි... මැඩම්ගෙ ජීවිතෙත් එහෙමයි නේද.. කලින් වෙච්ච දේවල් කාලෙත් එක්ක අමතක වෙලා යයි මැඩම්.. ඒක නිසා මැඩම්ට පුලුවන් ජිවිතේ ආයිත් අලුතෙන් පටන් ගන්න.. "

Crazy love ( On Hold )Where stories live. Discover now