මං කැමතිම Korean BL එකක්.
Shi on කියන්නේ contemporary dance ඉගෙන ගන්න university student කෙනෙක්. එයා තනියම ඉන්නෙ. එයාගෙ අම්මා shi on ඉස්කෝලෙ යන කාලෙ ම වෙන කෙනෙක් ව marry කරලා රට යනවා. ඊට පස්සේ අම්මා ආපහු shi on ට කෝල් එකක්වත් දෙන්නෙ නෑ. ඒත් shi on ට එයාගෙ අම්මා ගැන තරහක් නෑ. එයා කොහොමහරි තනියෙන් ජීවත් වෙන්න ඉගෙනගන්නවා.
Hong seok කියන්නේ ණය එකතු කරන කෙනෙක්. එයාට ඉස්සර ඉදන්ම හීනයක් තිබුණා pianist කෙනෙක් වෙන්න. එයාට ලස්සනට piano play කරන්න පුළුවන්. ඒත් එයාට ඒ හීනය අත්හරින්න වෙනවා සමහර හේතු නිසා. ඒ නිසා එයා ණය එකතු කරන company එකක job එක කරනවා.
Shi on & Hong seok මුලින්ම හම්බෙන්නෙ shi on high school යන කාලෙ. ඒත් ඒ අහම්බෙන් හම්බුනේ. ඊට අවුරුදු ගාණකට පස්සේ ආපහු හම්බෙනවා. Hong seok ට එයාගෙ boss කියනවා shi on ව එයාගෙ ගෙදරින් අයින් කරන්න කියලා. Shi on ණය ගෙවලා නැති නිසා. Hong seok , shi on ව හම්බෙන්නෙ එහෙම. එතන ඉදන් කතාව යන්නෙ.
විශේෂයෙන්ම Hong seok දැනගත්තට පස්සේ shi on contemporary dancing ඉගෙන ගන්නවා කියලා එයා පුළුවන් විදිහට shi on ට උදව් කරනවා. එයාට එයාගෙ හීනෙ අතාරින්න උනා වගේ shi on ට එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා Hong seok හිතාගන්නවා.
ගොඩක් ලස්සනයි ❤️
තමන්ගෙ හීනෙට යන්න හදවතින්ම උදව් කරන අය අද කාලෙ අඩුයි. ඒත් Hong seok, shi on වෙනුවෙන් එයා ජීවිතේට නොකරන modeling photoshoot එකකට පවා යනවා.
මං Korean BL වල දැක්ක විශේෂත්වයක් තමයි එයාලා තෝරගන්න plot එක වෙනස්. නිකන් කරන්නන් වාලෙ ඔහේ BL හදන්නෙ නෑ එයාලා. Korean BL dramas මහ ගොඩක් නෑ. ඒත් ඒ තියෙන ටික හරි වෙනස් වගේම වටිනවා.
මේකත් ඒ වගේ.❤️
Episodes - 8
Country - south Koreaඔයාලට මේක Rakuten Viki එකෙන් බලන්න පුලුවන්.
😊❤️
Hong seok & Shi on ❤️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]