මම බලපු පළවෙනි Japanese bl movie එක.❤️
Momose තමන්ගෙ එකම පන්තියෙ ඉන්න යාළුවෙක් වෙන Yashiro ගෑනු ළමයෙක් වගේ ඇදන් ඉන්නවා අහම්බෙන් දකිනවා. Momose දිගටම Yashiro ගැන හොයනවා. එයා කැමතියි Yashiro ගෑනු ළමයෙක් විදිහට ඇදන් ඉන්න එකට. එයා Yashiro ට ආකර්ෂණය වෙනවා. තමන් ගෑනු ළමයෙක් වගේ ඇදන් ඉන්න එක momose දැක්කා කියලා Yashiro දැනගන්නවා. එයා එතකොට ලැජ්ජා වෙනවා. ඒ නිසා එයා momose ව මග අරිනවා. ඒත් momose පස්සෙන්ම එනවා. අන්තිමට කෝමහරි Yashiro & momose දෙන්නා එකතු වෙනවා.
මේක ගොඩක් ලස්සනයි. අකමැති අය බලන්න එපා. මේකෙ plot එක වෙනස්. විශේෂයෙන්ම කොල්ලෙක් කෙල්ලෙක් විදිහට අදිනවා. එයා ඒවට කැමතියි. ඒකට කියන්නේ cross dressing කියලා. ඒ නිසා අකමැති නම් බලන්න එපා!!!
ඒත් මේක හරිම ලස්සනයි.😭❤️
Teenage love story එකක්. Yashiro , cross dressing කරන්නෙ හොරෙන්. ඔයාලා දන්නවනෙ ඒ වගේ අයට සමාජෙන් වෙන කරදර. ඒ නිසා එයා බයයි.
මේක Manga එකකින් adapt කරගත්තු movie එකක්. Manga එකේ නමත් movie එකේ නමම තමයි.
Yashiro, cross dressing කලාම හරි ලස්සනයි.
මේ ඉන්නේ එයා❤️👆😭(ලස්සන gif එකක් තිබුනා. ඒත් ඒක මේකට add කරන්න බෑනෙ😭🤧)
මගෙත් Cross dressing ගැන තිබුන ආකල්පය වෙනස් වුනේ මේ movie එක බැලුවට පස්සේ. මට ඒ ගැන ලොකු අකැමැත්තක් තිබුනෙ නෑ. ඒත් මට හිතුනා ඒක හරි අමුතු දෙයක් කියලා. ඒත් මීට අවුරුදු දෙකකට විතර කලින් ඒක බැලුවට පස්සේ මගෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම නැති වුනා. ❤️
ඒ නිසා අදටත් මේ movie එක ගැන විශේෂ තැනක් මගෙ හිතේ තියෙනවා.
Japanese name - Udagawachou de matteteyo
Main characters - Momose, Yashiro
Warning 🙂
• Cross dressing
ඔයාලට මේක youtube එකෙන් බලන්නත් පුළුවන් 👀
මං බැලුවෙත් ඒකෙන්❤️ english subtitles තියෙනවා.
Youtube link එක.👇
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
AcakBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]