Paths strangely united

185 17 16
                                    

මම කියවපු first indian bxb book එක.

Reyan කියන්නෙ ඉගෙනගන්න ගොඩක් දක්ෂ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Reyan කියන්නෙ ඉගෙනගන්න ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අම්මා තාත්තා නෑ. ආච්චි අම්මා විතරයි ඉන්නේ. එයා හැදුනෙ වැඩුනෙ ගමක. මෙයාගෙ ඉගෙනීමට තියෙන දක්ෂතාවය නිසාම scholarship එකක් ලැබෙනවා.

ඒ නිසා එයාට දිල්ලි වලට යන්න වෙනවා. එහෙ අලුත් ඉස්කෝලෙදි තමයි Manan ව හම්බෙන්නෙ.

Manan කියන්නෙ දෙමව්පියන්ගෙ හරි අවධානය නොලබන කෙනෙක්. එයා හරි ආසයි අම්මා තාත්තා එයා ගැන හොයලා බලනවට. ඒත් නෑ.. එයාගෙ අම්මා තාත්තා එයා ගැන හොයලා බලන්නෙ නෑ. Manan ත් ඉගෙන ගන්න, ක්‍රීඩාවලට ගොඩක් දක්ෂ කෙනෙක්.

Manan ඉස්කෝල හොද නමක් දිනාගත්ත කෙනෙක්. ඒත් Reyan ආවට පස්සේ ඒක වෙනස් වෙනවා. Manan, Reyan ව දකින්නෙ එයාගෙ ප්‍රසිද්ධියට තර්ජනයක් විදිහට. ඒ නිසා එයා Reyan ට එක එක කරදර කරනවා. නිතරම රණ්ඩු ඒ දෙන්නා 😅

ඒත් එක දවසක් Manan ඉස්කෝලෙන් යනවා. Reyan දන්නෑ ඒකට හේතුව. ඒත් එයාට Manan ව පේන්න බෑ.

ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ Manan ආපහු එනවා. එතකොට එයාලා high school. එයා ආපහු ආපු එක අහපු Reyan නම් ඒ ගැන සතුටු වෙන්නෙ නෑ. ඒත් Manan එහෙම නෑ. Manan තේරුම් අරන් හිටියෙ එයා Reyan ට ආදරේ කරනවා කියලා.

ඔහොම යද්දි Reyan ගෙ ආච්චි අම්මා නැති වෙනවා. ඒ නිසා එයා ගමේ යනවා. Manan ත් හොරෙන් ම Reyan ගෙ ගමට යනවා. එයා දකිනවා Reyan දුකින් ඉන්න විදිහ. Manan , Reyan ව kiss කරනවා.

එතනින් පස්සෙ එයාලගෙ ජීවිත එකම විදිහට තිබුනෙ නෑ. Manan හොදටම තේරුම් අරන් හිටියෙ එයා Reyan ට ආදරෙයි කියලා. ඒත් Reyan නෑ. එයාට ඒක තේරුම් ගන්න ගොඩ කාලයක් ගියා.

සමහර වෙලාවට අපිට අපේ හැගීම් තේරුම් ගන්න අමාරුයි. බහුතරයක් දෙනා හරියටම දන්නෑ තමන්ගෙ හැගීම්..ඒවා තේරුම් ගන්නේ නෑ.

මේ book එක අපිට කියලා දෙනවා ඒ ගැන.

මේක Enemies to lovers පොතක් 😅

මං කියවපු මුල්ම Indian bxb book එක.

Manan & Reyan දෙන්නටම එයාලගෙ වෙනම ප්‍රශ්නත් තියෙනවා.

විශේෂයෙන්ම Manan. එයා අම්මා, තාත්තගෙ ආදරේ හොයන කෙනෙක්.. ඒත් එයාට නොලැබෙන්නෙම ඒක. එයා අම්මා තාත්තාගේ හිත දිනාගන්න තමයි හොදට ඉගෙනගන්නෙ, ක්‍රීඩා කරන්නෙ.. ඒත් එයාට ඕනකරන අවධානයවත්, ආදරේවත් ලැබෙන්නේ නෑ. එයා Reyan ඉස්කෝලෙට ආපු කාලේ කලබල වුණේ ඒකයි. එයාට ප්‍රසිද්ධිය ඕන..මොකද අම්මා තාත්තාගේ අවධානය ගන්න ඒක ටිකක් හරි ප්‍රයෝජනවත් නිසා..ඒකයි එයා Reyan ට නපුරුකම් කලේ. කොහොමද එහෙම දෙමව්පියො ළමයින්ට වෙනස් විදිහට සලකන්නේ? Manan ට අවධානය නොදුන්නට එයාගෙ නංගිට අම්මයි, තාත්තයි දෙන්නා හරිම ආදරෙයි. ඒ නිසා Manan ට නංගිව පේන්න බෑ.

මං අහන්නේ කොහොමද එහෙම තමන්ගෙම ළමයි දෙන්නට දෙවිදිහකට සලකන්නේ? මට නම් හිතාගන්න බෑ ඒක🙄

Reyan ගැන කිව්වොත් එයාට අම්මා තාත්තා දෙන්නම වුනේ එයාගේ ආච්චි අම්මා. Reyan දිල්ලි එද්දී පොරොන්දු වුනා හොදට ඉගෙන ගෙන ඉවර වෙලා ආච්චි අම්මව බලන්න එනවා කියලා. ඒත් එයා පරක්කු වැඩි වුනා. එයාට අවුරුදු ගානකට පස්සේ බලන්න පුලුවන් වුනේ ආච්චි අම්මගෙ මිනිය. එතනින් පස්සෙ එයා මානසිකව වැටුණ විදිහ,ඒ වගේම එයාගෙ දිල්ලි වල ඉන්න මාමා එයාව ගෙදරින් එලවපු විදිහ වගේ ඒවායින් තේරෙනවා ළමයෙකුට අම්මා තාත්තා හරි ආදරෙන් බලාගන්න කෙනෙක් නැති වුනාම වෙන දේවල්.

මේක හරිම ලස්සනයි.. කියවන්න කැමති අය මගෙ "LGBTQ+" reading list එකේ බලන්න.

මගෙ හිතට ගොඩාක් දැනුන කතාවක් ❤️✨❤️✨

මං ගොඩක් ආස Manan ට. එයාගෙ කතාව කියවද්දී මට ඕන තරම් ඇඩිලා තියෙනවා. 💔

කැමති නම් කියවල බලන්න.❤️✨







(✿^‿^)

මෙන්න මේ Historical bl ටිකත් කියවන්න (කැමති නම් විතරක්)

• අග්නි
• දිවයුරු වෙර
• කාල දේව්
• රන් අසිපත
• චක්‍ර
• භවාන්තර
• රාද්
• සහිසිපත්
• සුරාමන්
• සුලග වගේ
• කහාපණ
• සියාගු
• අමාවක
• පඩුවස්
• උන්මන්තක
• ආයු

(තව තියේද?🙄මට මොනාහරි මග ඇරුනද?)

කැමති අය කියවලා බලන්න මේවා. හරිම ලස්සනයි ❤️✨ අකමැති නම් කියවන්න එපා.

*අකමැති නම් කියවන්න එපා කියද්දිම කියවලා ඕතර්ස්ලට කරදර කරන්නත් එපා හොදේ*

හරි ලස්සනට භාෂාව හසුරුවමින් ලියලා තියෙනවා ❤️✨ හොයලා බලන්න මේවා ගැන.

තව එකක් තියේ.

• වියරු

මේක නම් historical නෙමෙයි. ඒත් supernatural & fantasy ගණයට අයිති sinhala bl එකක්. මේ දවස්වල මං ආසාවෙන් කියවන ලස්සන කතාවක් 🙈

පොත් ටික හොයාගන්න බැරි වුනොත් මගෙ reading list වල බලන්න. ඒවයෙ ඇති.

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now