මම කියවලා තියෙන ලස්සන danmei novel එකක්.
Chen Qian කියන තරුණයා ප්‍රධාන කරගත්තු කතාවක් වගේම හොද අධිෂ්ඨානයෙන් වැඩ කරන තරුණ පිරිසකගේ කතාවක් මේක. එයාලගෙ ගුරුවරයාගේ අභාවයෙන් පස්සෙ තරුණ කණ්ඩායම දැඩි පුහුණුවක් ලබලා fuyao නිකාය ශක්තිමත් කරන්න කටයුතු කළා. මේ අතරෙ එයාලා fuyao නිකායෙ හැංගිලා තියෙන රහස් හොයාගෙන ඒ එක්ක තියෙන කුමන්ත්‍රණත් එළිකරගන්නවා. ඒ වගේම Chen Qian එයාගෙ ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන Yan zhengming එක්ක සම්බන්ධයක් ඇති කරගන්නවා. (ජ්‍යෙෂ්ඨ සහෝදරයා කියන්නෙ ලේ බැදීමක් ඇති සහෝදරයෙක් නෙමෙයි. එකම නිකායෙ ආපු පිලිවෙල අනුව හැදෙන එකක් තමයි මේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා කියන එක. ඒ නිසා Yan Zhengming කියන්නෙ Chen Qian ගෙ ජ්‍යෙෂ්ඨ සහෝදරයා)
මේකෙ Chen Qian ගෙ ළමා කාලෙ ඉදන්ම තියෙනවා. එයා fuyao නිකායට බැදෙන විදිහ, එයාගෙ පොඩි කාලෙ ගත වුන විදිහ..
මං Chen Qian ට ගොඩක් ආසයි. එයාගෙ චරිතය වෙනස්. පරිණතයි. පොඩි කාලෙ වුනත් එයා හිතන විදිහ, හැමදේම දරාගෙන ඉන්න විදිහ.. ඒක හිතාගන්න බැහැ. හරි වෙනස්. එයා හරි ඉක්මනට දේවල් තේරුම් ගන්නවා. අර මනා සේ දැනගෙන ගොනා සේ ඉන්නවා කියන තියරි එක මෙයාගෙ තියෙනවා 😅 ඒවගේම එයා නිශ්ශබ්ද චරිතයක්.
Yan Zhengming 😂මෙයා මරු😂මෙයා Chen Qian ට වඩා අවුරුදු කීපයක් වැඩිමල්. එයත් හරි දක්ෂයි. ඒත් ගොඩක් ආඩම්බරයි. අහංකාරයි. එයා එන්නෙත් පෝසත් පවුලකින්.
අනික එයා නිතරම කොණ්ඩෙ පීරනවා.😂(මං වගේ පොරක් 😂)
පිරිසිදුකම ගැන ගොඩක් හිතනවා.
ඒවගේම Chen Qian ට අනුව එයා naggy වැඩී😂😂😂😂(අබ සරණයි Chen Qian අයියට😂)
හැබැයි මෙයා Chen Qian ට ගොඩක් ආදරෙයි 😊❤️ Chen Qian ත් එහෙමයි. එයා හැගීම් ලොකුවට නොපෙන්නුවත් එයත් හරි ආදරෙයි Yan Zhengming ට.
Author - priest
Chapters - 109 + 3 extras
Main characters - Chen Qian, Yan Zhengming
Country - chinaකියවන්න කැමති අය මගෙ "danmei/translations/novels" reading list ඒකේ බලන්න.😊❤️ඒකෙ තියේ සම්පූර්ණයෙන්ම translate කරලා ඉවර කරපු එකක්.
(Chen Qian & Yan Zhengming)❤️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
AléatoireBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]