Ace of spades

1.8K 80 10
                                    

ඔන්න මේක නම් novel එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න මේක නම් novel එකක්. මගෙ profile එකෙත් "Beautiful!! (Deeply touched)" කියන reading list එකට මං මේක දාලා තියෙනවා. ඒ තරම් ඒක ලස්සනයි.

Caden කියන්නේ cute, talkative, friendly කොල්ලෙක්. ඒ වගේම ගොඩක් හොද අහිංසක කෙනෙක්. මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒවා කාටවත් නොකියා හිතේ හිර කරන් හිනා වෙලා ජීවිතේට මූණ දෙන කොල්ලෙක්. හරියටම කිව්වොත් මෙයා හිනාවෙන් හැමදේම හංගන් ඉන්නෙ.

Brian කියන්නේ silent, handsome කොල්ලෙක්. මෙයා කොච්චර නිශ්ශබ්ද චරිතයක් ද කියනව නම් දවසට වචනයක් දෙකක් කතා කරයි. එයා කියන විදියට අනිත් අය කියන ඒවා අහන් ඉන්න එක හොදයිලු. හැබැයි ඉතින් මෙයා ටිකක් හරි කතා කරන්නෙ caden එක්ක තමයි.

මේ දෙන්නා හොදම යාලුවෝ. හැබැයි හරිම වෙනස් ඒ යාලුකම. දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න විදිහ. ඒක හරි ලස්සනයි. වචනයක් කතා නොකර උනත් එකිනෙකා තේරුම් ගන්න එක හරි ලස්සනයි. මට කියන්න තේරෙන්නෑ. මේ දෙන්නගෙ මේ බැදීම මගෙ හිත මාර විදිහට වෙනස් කලා. යාලුකම කියන්නෙ මොකක්ද, ආදරය කියන්නේ මොකක්ද කියලා මම තේරුම් ගත්තෙ මේකෙන්.

ඇත්තටම මට තාම කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා නෑ. Crush තිබිලා තියෙනවා. ඒත් ඒවයි, ආදරයයි වෙනස් නේද? මේ නවල් එක කියවල මං ගොඩක් කල්පනා කලා. ඇත්තටම මේ ලෝකෙ caden , Brian වගේ අය ඉන්නව ඇති නේද කියල..

මේකෙ තියෙන්නෙ Best friends to lovers තියරි එක. ඒවට අකමැති නම් කියන්න එපා.

ඒත් මට කියන්න තියෙන්නේ ඔයාල මේක මග ඇරගන්න එපා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක 'ලස්සනයි'. හිතට ගොඩාක් දැනුනා.

දැනට තුන් පාරක් මං මේ නවල් එක කියවල තියෙනවා. ආපහු කියවන්න ඕන. ඒත් මං දන්නවා කොච්චර කියෙව්වත් මට ඒක එපා වෙන්නෙ නෑ කියලා. ඒ තරමටම මං ඒ දෙන්නගෙ බැදීමට ආසයි. ආදරෙයි. එයාල අතර තියෙන comfortable silence එක හරි අමුතු feeling එකක් දෙනවා. හරි වෙනස්.

Brian , caden වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මේකෙ main character එක caden. එයාට තියෙන ප්‍රශ්න එක්ක Brian වගේම එයාගෙ අනිත් යාලුවො එයා වෙනුවෙන් ඉන්න විදිහ. ඒ බැදීම් හරි ලස්සනයි.

ඇත්තටම මේ නවල් එක "jack of clubs" කියන නවල් එකේ spin off එකක්. ඒත් ඒක කියවන්න ඕනම නෑ මේක කියවන්න. මොකද මාත් මේක කියෙව්වෙ අහම්බෙන්. Jack of clubs එක කියෙව්වෙ ඊට පස්සේ. ඒකෙත් caden x Brian ගැන ටිකක් තියේ. කැමති නම් කියවල බලන්න.

මට මේ නවල් එක ගැන කියනවා නම් ඕන තරම් ලියන්න පුළුවන්. ඒ තරමටම මං ඒකට ආදරෙයි. මං wattpad වල කියවපු හොදම පොත මේ. ඒක නම් කවදාවත් වෙනස් නොවේවි. මොන පොතක් ආවත් මේකට මගෙ හිතේ තියෙන තැන ගන්න බැරි වෙයි.

ආ තව දෙයක්..ඔයාලා smut එහෙම බලාපොරොත්තු වෙනවා නම් සෝ සොරි. මේකෙ එහෙම ඒවා නෑ. Kiss ඇත්තෙත් කීපයයි. ඒත් මං අහන්නෙ හැම love story එකකම sex කියන දේ ඕනමද? හරි මං පිළිගන්නවා sex කියන්නෙත් ආදරය කියන එකේම කොටසක්. ඒත් ආදරය පෙන්නන්න sex scene එකක් ඕන නෑ. එකිනෙකා දිහා බලන බැල්මකින් පවා ආදරය තේරුම් ගන්න පුළුවන්.

මං ආදරය කියන්නෙ මොකක්ද කියලා ඇත්තටම තේරුම් ගත්තෙ මේ කතාවෙන්.

ඔයාලත් කියවල බලන්න. සමහර විට මං කැමති වුනාට ඔයාලා අකමැති වෙන්න පුළුවන්. එක එක්කෙනා කැමති දේවල් වෙනස්.ඒත් කියවන්න ට්‍රයි එකක් දීල බලන්න. සමහර විට ඔයාලගෙ හිත් වෙනස් වෙන්නත් පුළුවන්.

මේක කියවන්නෙ කවුරු වුනත් පරිස්සමින්, නිරෝගිව, සතුටින් ඉන්න.

අපේ සතුට හදාගන්න පුළුවන් අපිට විතරමයි!😊

(මේ පොත කියවන්න කැමති අය මගෙ profile එකේ "Beautiful!!! Deeply touched" reading list එකේ බලන්න. එතන ඇති.😊)

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now