Young Royals

373 29 13
                                    

මේක sweden tv series එකක්.

Wilhelm කුමාරයා කියන්නෙ Sweden වල Queen kristina ගෙ දෙවෙනි පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wilhelm කුමාරයා කියන්නෙ Sweden වල Queen kristina ගෙ දෙවෙනි පුතා. එයාව elite boarding school එකට යවනවා ඉගෙනගන්න. එයාගෙ අයියා Erik ඉගෙන ගත්තෙත් එහෙ. මේ school එකේදි තමයි Wilhelm ට Simon ව meet වෙන්නෙ.

Simon කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එහෙම නැත්නම් කම්කරු පන්තිය වගේ එකක්. එයත් elite school එකට යන්නේ.

ඒ දෙන්නා මුලින් යාළුවො විදිහට ඉන්නෙ. ඊට පස්සේ ආදරේ කරන්න පටන් ගන්නවා. Simon , Wilhelm ට පෙන්නනවා මිනිස්සු ජීවත් වෙන විදිහ. ඒ වගේම ආදරය කියන්නෙ මොකක්ද කියලත්.

Wilhelm ගෙ අයියා Erik, car accident එකකින් නැතිවෙනවා. ඊට පස්සේ කිරුළෙ ඊළග උරුමක්කාරයා විදිහට ඉන්නෙ Wilhelm.

මේ Wilhelm ට cousin කෙනෙක් ඉන්නවා August කියලා. එයා Wilhelm & Simon දෙන්නා sex කරන video එකක් ප්‍රසිද්ධ කරනවා. ඒකෙන් Wilhelm ට ප්‍රශ්න ඇති වෙනවා.

Wilhelm ගෙ අම්මා queen kristina කියනවා ඒ video එකේ ඉන්නෙ එයා නෙමෙයි කියන්න කියලා. ඉතින් Wilhelm කියනවා ඒ එයා නෙමෙයි කියලා.

ඒ දෙන්නගෙ සම්බන්ධය, ආදරය Wilhelm ප්‍රසිද්ධියෙ පිළිගනී කියලා හිතන් හිටිය Simon මේක අහලා දුක් වෙනවා. පස්සෙ Wilhelm ආවම Simon ව හම්බවෙන්න, Simon කියනවා එයාට කාගෙවත් රහසක් වෙලා ඉන්න බෑ කියලා. ඒ නිසා එයා Wilhelm එක්ක break up වෙනවා.

අන්තිම කොටසෙ පෙන්නනවා Wilhelm හැමෝම ඉස්සරහා simon ව hug කරනවා. එයා Simon ට කියනවා ආදරෙයි කියලා.

ඒ විදිහට ඉවර වෙන්නේ ඒක. Open ending එකක් තිබුණෙ.

අනික මේකෙ act කරපු actors ලා දෙන්නගෙන් teenage look එකක් පේනවා. ඔයාලා දැකලා ඇතිනෙ සමහර teenage characters වලට ඊට වඩා මුහුකුරා ගිය පෙනුමක් තියෙන අයව ගන්නෙ. මේකෙ actors ලා දෙන්නගෙ ඇත්ත වයස කෙසේ වෙතත්, පෙනුම teenagers ලා වගේ. ඉතින් ඒ පැත්තෙන් ඒක ගැන තෘප්තිමත්.

මගේ අදහස නම් අපිට කෙනෙක්ට බල කරන්න බෑ එයාගෙ sexuality එක පිළිගන්න කියලා. Simon කෑගැහුවට එයාට Wilhelm ගෙ රහසක් විදිහට ඉන්න බෑ කියලා Wilhelm ගෙ පැත්තෙන් ගත්තොත් සාධාරණයක් තියෙනවා. නැත්තෙමත් නෑ. Wilhelm කියන්නේ ඊළගට රජ වෙන්න ඉන්න කෙනා. ඔයාලට පේනවනෙ එයා පිළිගත්තොත් එයා gay කියලා එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් අපි අපේ sexuality එක ගැන කියන්න බය වෙන්න ඕන නෑ. ඒත් Wilhelm ගෙ තත්ත්වය එක්ක ඒක ටිකක් වෙනස් පැත්තකට යන්නෙ.

ඒත් එහෙමයි කියලා මම කියන්නෑ Wilhelm කරපු දේ 100% හරි කියලා. ඒකෙන් අර අහිංසක Simon ගෙ හිත රිදුනා. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලගෙ මොකක් හරි video එකක් leak උනාම මිනිස්සු හැමෝම එක එක ඒවා කියද්දි, ඔයත් එක්ක හිටපු අනිත් කෙනා ඒ හිටියෙ එයා නෙමෙයි කියලා කියනවා නම් දුක හිතෙයි නේද? තරහ යයි, කලකිරෙයි. ගොඩක් අය කැමති නෑ තමන්ගේ sexuality එක හංගං ඉන්න. ඒ වගේම කාගෙවත් රහසක් වෙන්නත් කැමති නෑ.

මේකෙ දෙපැත්තක් තියෙනවා. ඒ දෙන්නම සාධාරණයි, ඒ වගේම අසාධාරණයි.

Episodes - 6
Country - Sweden

ඔයාලට මේක Netflix වලින් බලන්න පුලුවන්.

කැමති අය බලන්න 😊❤️

Wilhelm & Simon 😭❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wilhelm & Simon 😭❤️

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now