Soulmate : Undying love

357 30 12
                                    

මම කියවල තියෙන ලස්සන wattpad book එකක්.

මම කියවල තියෙන ලස්සන wattpad book එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Reece & Jordan කියන්නේ හොදම යාලුවෝ. එක දවසක් දෙන්නා එකම කාර් එකේ යද්දි සිද්ද වුනු accident එකකින් Reece එතනම නැති වෙනවා. Jordan බරපතල තුවාල ලබනවා.

ඒත් මේ accident එක නිසා හරි අමුතු දෙයක් සිද්ද වුනා. ඒ Reece ගෙ ආත්මෙ Jordan ගෙ ඇගට ගිහින් තිබුණ එක.

Jordan කෝමා එකක ඉදන් නැගිටින්නෙ. ඒත් ඒ ශරීරය ඇතුළෙ ඉන්නෙ Reece ගෙ ආත්මය.

මුලින් Reece ට හිතාගන්න බැරි වුනා මොකක්ද කරන්නෙ කියලා. ඒත් දවසින් දවස එයා Jordan ගෙ ශරීරය ඇතුලෙ ගත කරද්දී එයාට තේරුම් යනවා Jordan ව එයා හරියට දැනන් ඉදලා නෑ කියලා. Jordan ගෙ ප්‍රශ්න Reece දැනගන්නවා. එයා ඇතුලතින් බිදිලා ඉන්න Jordan ව ආපහු නිර්මාණය කරනවා. එයාගෙ ජීවිතේ හරි ගස්සනවා.

මේ කතාව පුරාම Reece ගෙ ආත්මය Jordan ගෙ ශරීරය ඇතුළෙ ඉන්න ගමන් Jordan ගෙ මතකය එක්ක ජීවත් වෙනවා. එයා එ්වා උදව් කරගෙන තමන්ගේ ආත්මය Jordan ගෙ ශරීරයෙන් වෙන් වෙන්න කලින් එයාගෙ ජීවිතේ හරි ගස්සනවා.

Reece මේ දෙයින් අන්තිමට එක දෙයක් තේරුම් ගන්නවා. ඒ එයා Jordan ට ආදරේ කරනවා කියන එක..එයාට කවදාවත් තේරුම් ගන්න බැරි වුන ඒ හැගීම් මැරුණට පස්සේ හරි තේරුම් ගත්තා.

තව දෙයක්.. මං ගොඩක් ආසයි මේ දෙන්නගෙ යාළුකමට. එක කොටසක් තියේ Jordan & Reece එකට drinks ගන්න එකක්. ඒ වෙලාවෙ ඒ දෙන්නා kiss කරනවා. පස්සෙ ඒ දෙන්නා එකට රැය ගත කරනවා. හැබැයි ඒ යාලුකම වෙනුවෙන්. Friends with benefits තියරි එක නෙමෙයි මේ. තමන්ගෙ හොදම යාළුවා දුකින් ඉන්න වෙලාවක එයා වෙනුවෙන් අනිත් යාළුවා කරන දෙයක් ඒක. ඒ pure friendship එකක්. ඒ දෙන්නා එකට රැයක් ගත කලා කියලා ඒකෙන් එයාලා friends with benefits ගණයට දාන්න බෑ. මොකද ඒ දෙන්නගෙම හිත් වල ඒ වෙලාවෙ තිබුනෙ යාළුකම, ඒ බැදීම මිසක් වෙන යටි අරමුණක් නෙමෙයි.

මාරම ලස්සනයි. මට පුදුමයි මේකෙ reads අඩු එක ගැන. මේ වගේ එකක් මග ඇර ගන්න එපා. සමහර විට ඔයාලා මේ plot එකට අකමැති ඇති. මාත් මුලින් ම කියවන්න ගද්දී පොඩ්ඩක් අදිමදි කලා. ඒත් එහෙම හරි ඒක කියවපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා. කියාගන්න බැරි විදිහෙ හැගීමක් මට ඒක කියවද්දි දැනුනෙ. මට ඒක විස්තර කරන්න තේරෙන්නෑ.

කැමති අය කියවන්න.
මගෙ "Beautiful!!! & deeply touched" reading list එකේ මේක ඇති.

❤️✨

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now