Color rush

478 40 32
                                    

මේක korean bl එකක්.

මං බලලා තියෙන මෙච්චර කාලෙකට හම්බුනු වෙනස් ම BL එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං බලලා තියෙන මෙච්චර කාලෙකට හම්බුනු වෙනස් ම BL එක.

කවුරුවත් නොහිතන විදිහෙ plot එකක් මේකෙ තියෙන්නෙ 😳

Yeonwoo කියන්නේ උපතින්ම mono කෙනෙක්. ඒ කියන්නෙ එයාට අපිට වගේ පාට පේන්නෙ නෑ. එයාට හැමදේම පේන්නේ අළු පාටින්. එයාගෙ අම්මත් mono කෙනෙක්.

Yoohan කියන්නේ face blindness තියෙන කෙනෙක්. එයාට අනිත් මිනිස්සුන්ගෙ මූණු පේන්නෙ නෑ. (මූණු විතරයි පේන්නේ නැත්තෙ).

Yeonwoo ට එයා mono කෙනෙක් නිසා කලින් ඉස්කෝලෙ ළමයි එයාව bully කරන්න හදනවා. මෙයා ඒ bullies ලට ගහපු නිසා එයාව එයාගෙ Auntie වෙන boys school එකකට දානවා.

එහෙදි තමයි yeonwoo ට yoohan ව හම්බෙන්නෙ. Yoohan කියන්නේ idol trainee කෙනෙක්. එයාට face blindness තියෙනවා කියලා yeonwoo දන්නෙ නෑ. Yoohan , yeonwoo ව මුලින්ම මුණගැහුණ වෙලාවෙ දි එයාට yeonwoo ගෙ මූණ පේනවා. එයා පුදුම වෙනවා එයාට yeonwoo ගෙ මුණ පෙනුනු එක ගැන. මොකද එයා මීට කලින් කවදාවත් කාගෙවත් මූණක් දැකලා නෑ.

එයා yeonwoo ව දැක්ක ගමන් කියනවා,
"You are so pretty" කියලා. එයා yeonwoo ට වශී වෙලා ඉන්නෙ. Yoohan නිතරම mask එකක් දාගෙන ඉන්නෙ.

(මේ ඉන්නෙ එයා🙈)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මේ ඉන්නෙ එයා🙈)

එක වෙලාවක yoohan එයාගෙ mask එක ගලවනවා. එ් වෙලාවෙ yeonwoo ,yoohan ගෙ මූණ දකිනවා. එතකොට එයාට කවදාවත් නැතුව පාට පේන්න ගන්නවා. ඒකෙන් තමයි ඒ දෙන්නම දැනගන්නෙ yoohan කියන්නේ yeonwoo ගෙ probe කියලා.

සාමාන්‍යයෙන් mono & probe දෙන්නා ආදරෙන් බැදෙනවා. විශේෂයෙන්ම හැම mono කෙනෙක්ම තමන්ගේ probe ගෙන් තමයි යෑපෙන්නෙ.(ලෝකය පාට වලින් දකින්න) ඇත්තටම හැම mono කෙනෙක් ම තමන්ගෙ probe ට obsessed වෙලා ඉන්නෙ. Probe නැතූව එයාලට ඉන්න බෑ.

ගොඩක් වෙලාවට එයාලා obsessed වෙලා වැඩි උනාම probe ව මරන අවස්ථා තියෙනවා. ඒ නිසා yeonwoo කැමති වුනේ නෑ yoohan එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න.

ඒත් yoohan උත්සාහය අතෑරියෙ නෑ.
(සමහර වෙලාවට මට හිතුනා mono - yeonwoo නෙමෙයි එයාගෙ probe - yoohan තමයි වැඩිපුර obsessed වෙලි ඉන්නෙ කියලත් 😅) සමහර විට ඒ එයාට yeonwoo ගෙ මූණ විතරක් පේන නිසා වෙන්නැති.

මේ yeonwoo ගෙ අම්මත් mono කෙනෙක්නෙ. එයත් මීට අවුරුදු ගානකට කලින් අතුරුදහන් වුනා. Yeonwoo ගෙ auntie එයාගෙ අම්මව හොයනවා.

මේවා තමයි මේ drama එකේ තියෙන්නෙ. ඔයාලගෙ ඔලුව අවුල් වුනාද දන්නෑ මේක කියවලා😂🙄 ටිකක් වෙනස් මාතෘකාවක්නෙ නේද?

මේ drama එක හදලා තියෙන්නේ novel එකකින්. මං novel එක නම් කියවලා නෑ. එ්ත් ඒක wattpad වල තියෙනවා මං හිතන්නේ. සමහරු කියනවා novel එක sad ending ලු.

Drama එක නම් happy ending 🙈❤️

Episodes - 8
Country - South Korea
Main characters - Choi yeonwoo, Go yoohan

මේක ගැන තව විශේෂ දෙයක් කියන්න ඕන. Yoohan ට act කරන actor ව ඔයාලා සමහර විට දැකලත් ඇති.

ඔයාලා K-pop fan ලා නම් සමහර විට දන්නවා ඇති "The Boyz" කියල K-pop band එකක් ගැන. ඒකෙ former member කෙනෙක් තමයි මේ actor. එයාගෙ නම "Hur hyunjun" එහෙම නැත්නම් එයා band එකේ හිටපු කාලෙ stage name එක "hwall". සෞඛ්‍යමය හේතු වෙනුවෙන් එයාට band එකෙන් අයින් වෙන්න උනා😭 K-pop fans ලා මෙයාට හරි ආදරෙයි. මාත් ගොඩක් ආසයි එයාට.

මේ ලගදී එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුනා. ගොඩක් අය හිතන්නේ BL drama එකක act කලාම ඒ actors ලා gay කියලා. මෙයාගෙ fan boys ලා එයා Instagram live ඉන්න වෙලාවක අහලා
"Are you gay?" කියලා. එයා කිව්වා එයා gay නෙමෙයි කියලා. එයා අපහසුතාවයට පත් වෙන්න ඇති ඒකෙන්😶

කෝමහරි කට්ටිය මේක බලන්න. Episodes 8 ක් නිසා ඉක්මනින් බලන්නත් පුළුවන්.

මට ඉවසීම උගන්නපු අද්විතීය BL drama එක මේ😂😁 මං සාමාන්‍යයෙන් ඕනම drama එකක් බලන්නෙ ඒක complete උනාම. මගෙ ඉවසීම කොච්චර හොඳද කියනව නම් සතියෙන් සතිය episodes එනකම් බලන් ඉන්න එක මට පේන්න බෑ. ඒත් මේ drama එක වෙනුවෙන් මං පිස්සෙක් වගේ ඉවසුවෙ😂 මටත් මං ගැනම පුදුමයි.

මං ආසම korean bl 3 න් එකක් මේක. ඔයාලත් බලන්න.❤️😊

ඔයාලට මේක Rakuten viki එකෙන් බලන්න පුලුවන්.

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now