Nan chan

191 21 10
                                    

ලස්සන Danmei novel එකක්.

Jing lin කියන්නෙ god කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jing lin කියන්නෙ god කෙනෙක්..එයා දෙව්ලොව ඉන්න supreme god ගෙ පුතෙක්.. ඒත් එක හේතුවක් මත එයා එයාගේ තාත්තව මරනවා..

එතනින් පස්සෙ එයා අතුරුදහන් වෙනවා.. කට්ටිය හිතන්නේ එයා මැරිලා කියලා.. ඒත් නෑ..එයා ජීවත් වෙනවා.

එයාට මාළුවෙක් හම්බෙනවා එයා බේරෙද්දි. ඒ මාළුවා සාමාන්‍ය මාළුවෙක් නෙමෙයි. Jing lin එයාට නම තියනවා cang ji කියලා.

Cang ji කියන්නෙ මිනිස්සු කන මකරෙක්. ඒත් එයා මුලින් ඉන්නෙ මාළුවෙක්ගෙ ස්වරූපයෙන්. මෙයා නිතරම Jing lin ගෙ ලේ බොන්න හදන්නේ. ඒ වගේම මෙයා මිනිස්සු කන කෙනෙක් නිසා Jing lin වත් කන්න බලන් ඉන්නෙ..

ඒත් මේ දෙන්නම දන්නෑ ඒ දෙන්නට වෙනම අතීතයක් තියෙනවා කියලා. Jing lin & cang ji මීට කලින් ආදරවන්තයො. ඒ දෙන්නට තියෙන එකම අවුල මතකය නැති එක. Jing lin ට cang Ji එක්ක ගත කරපු ජීවිතය මතක නෑ. ඒ වගේම cang ji ට තමන් කවුද කියලවත් මතක නෑ.

(අතීත කතාව)👇
ඉස්සර Cang ji එහෙම නැත්නම් cang di  කියන්නෙ මකරෙක්. හිටපු බලවත්ම මකරා එයා..එයා අහම්බෙන් Jing lin ව හම්බෙනවා.. මුලින් එයා Jing lin ට හංගනවා එයා මකරෙක් කියන එක. ඒත් පස්සෙ ඒක දැනගෙන ඒ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා.

ඒත් හිතුවෙ නැති විදිහට හැමදේම වෙනස් වෙනවා. ඒ නිසයි Jing lin තමන්ව හදා වඩාගත්ත තාත්තවත් මරන්නෙ. අහිංසක ව හිටපු Jing lin දරුණු වුනේ ඒ නිසා.

Jing lin කියන්නෙ උපතින්ම අසිපතක්. ඒ කියන්නේ එයාගේ සැබෑ ස්වරූපය අසිපතක්.

මේ දෙන්නගෙ කතාව තමයි යන්නේ.

මම නම් ගොඩක් ආස කතාවක්. මුලින් cang ji නිතරම Jing lin ගෙ ලේ බොන්න දගලන නිසා මට පොඩ්ඩක් අමුතු ගතියක් දැනුනා😅 ඒත් කියවද්දි ආස හිතුනා. මම දැනට කියවල තියෙන වෙනස් ම danmei novel එකක්.

Author - Tang jiuqing
Chapters - 126 + 3 extras
Main characters - Cang ji , Jing lin

කියවලා බලන්න.

කියවන්න කැමති අය මගෙ "danmei/translations/novels" reading list එකේ බලන්න.

මම මේක කියවන්නම හේතු වුනේ එක Quote එකක්.

ඒ මේක👇

"I have experienced all the eight sufferings of this world

I do not ask for nirvana, but for you"

මේ Quote එක මගෙ හිතට මාර විදිහට දැනුනා..novel එකේ description එකේ ඒක තිබ්බෙ. මං මේ නවල් එක කියවන්න ප්‍රධානම හේතුව ඒක.. ගැඹුරු තේරුමක් තියෙන quote එකක් ❤️

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now