Taeyong මෙච්චර වෙලා කොහෙද ගිහින් හිටියේ. Ten කිව්වා අපි ගිය වෙලාවෙම වගේ ඔයත් කොහෙද ගියා කියලා . Taeyong dorm එකට ඇතුල් වෙද්දිම Suho ඇහුවා. අනේ ඔව් hyung. අද දවස නිකන් අපරාදේ නාස්ති වෙන නිසා මන් studio එකට ගිහින් අලුත් song එකක් හදන්න try කරා. Taeyong , Jimin කලින්ම උගන්නපු බොරුව කිව්වා.
ඒක නෙමෙයි Hyung දැන් කොහොමද Jimin hyungට?
Doctorsලනම් කිව්වා බෙහෙත් වලට ඉක්මනටම අඩුවෙයි කියලා.යන් ඇතුලට. Suho එහෙම කියලා ඇතුලට ගියා.Taeyong ඇතුලට යනකොට Jimin හොදට කනවා. ආ hyungට දැන් හොඳයි වගේ. Jin hyung අද Jimin hyungට ආදරේ වැඩිකමට kimbap හදලා දීලා වගේ කන්න.Taeyong ඇහුවා.අපෝ නෑ. මට දැන් ටිකකට කලින් Suho hyung එලියට ගිහින් හොඳම restaurant එකකින් kimbap අරගෙන මේ දැන් ගෙනත් දුන්නා විතරයි. Jimin ,suhoගේ ක්‍රියාව අගය කරා.
මන් ගිහින් wash එකක් දාන් එන්නම්.Suho එහෙමම උඩට ගියා.සූ..සූ...
ඒයි බන්... TY....
මල්ලියේ...මෙහෙ බලපන්...
Suho එතනින් පිටවුනත් එක්කම Taemin ,Kai දෙන්නත් එක්ක Taeyongට පුලුවන් හැම විදිහටම හොරෙන් සංගා කරේ Taeyongගේ අවධානේ තමන්ගේ පැත්තට ගන්න.මොකෝ Hyung? Taeyong ඇස් වලින් ප්‍රශ්නේ ඉදිරිපත් කරා.
Taemin දුවන් ඇවිත් Taeyongගෙන් තමන් බලාපොරොත්තු වෙන උත්තරේට අවශ්‍ය ප්‍රශ්නේ ඇහුවා.අද මොකද වුනේ? ප්‍රශ්නේ අහනවත් එක්කම Taemin, Kai දෙන්නගේ ඇස් වල බලාපොරොත්තු දැල්වුනා.
වැඩේ හරි hyung. Taeyong එහා පැත්තේ හිටපු Jin , Ten දෙන්නට ඇහෙන්නෙ නැතිවෙන්න අර දෙන්නට කිව්වා.
අම්මෝ ලොකු දෙයක්. දැන් සැනසීමේ ජීවත් වෙන්න පුලුවන්. Kai එහෙම කියලා කට ගන්න කලින් එහා පැත්තේ හිටපු jin කතා කරා.මොකෝ උඹලා ඔය රහස් කතා?
පොඩිහිටියන්ගේ කතා අහන්න ලැජ්ජ නැද්ද hyung. මෙන්න මේ කොට්ටේ පොඩ්ඩක් ලං කරන්න මගේ ඔලුවට. jimin කට පුරවන් ගිලින ගමන් Jinට අණ කරා.ලෙඩෙක් නෙමෙයිනම් මන් දන්නවා උඹට කරන දේ. Jin නැගිටලා ඇවිත් Jiminගේ කොට්ටේ ඔලුවට ලන් කරලා අනිත් කට්ටියටත් ඔරවන ගමන් එතනින් ගියා.හොඳ වැඩේ Jin hyungට.මොකක්ද hyung පොඩිහිටියොන්ගේ කතාව.මාත් පොඩිහිටියෙක් නිසා මාත් අහගන්න එපැයි.Ten ඒ පාර කතාව අහගන්න හිනාවෙවී එතනට ආවා. අපි මේ කතා වුනේ ඊලග පාර concert එකේදී අපි සෙට් එක එකතු වෙලා last performance එකේදී එක පාර abs පෙන්නමු කියලා.ඒක නිසා ඔන්න දැන්ම ඉදන්ම ලෑස්ති වෙලා හිටපන් හොඳේ.Kai එහෙම කියලා Tenට තට්ටුවක් දාගෙනම එතනින් ගියා.හා hyung. හැමදාම comeback වෙලාවලදී teaser photosවල බාගෙට t shirt ගලවන් ඉන්න මට ඕවා මොනවද😌(ඔව් Ten අපි ඒ ගැන දන්නවා😂ඔයාටත් දැන් Kaiට වගේම හරි හරියට රෙදි මදිවෙනවා කියලා)
YOU ARE READING
Rose
Lãng mạn🌸🌹ආදරේ කියන්නේ හැමෝටම දැනෙන දෙයක්.හැමෝම බලපොරොත්තු වෙන දෙයක්.ඔයත් මමත් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ආදරේ ලබන්න තව කෙනෙක්ට සීමා දාන්නේ ඇයි. තමන් ආදරේ කරන Idol වෙනුවෙන් මැරෙන්න බලන් ඉන්න fansලම තමයි ,ඒ Idol කවදහරි date කරාම ඒ Idolව මරන්න බලන් ඉන...