🌸Chapter 26🌹

49 16 0
                                    

ඔයා ඔය කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? පහුවදා උදේ So Eun කොහේද යන්න ලෑස්ති වෙනවා දැකපු Mrs.Han ඇහුවා.
Uni එකට අම්මා.ඊයෙත් ගියේ නෑ.අදත් නොගියොත් මට මාසෙකට හරියන්න වැඩ වැඩිවෙලා තියෙයි. So Eun බෑග් එකට බඩු දාන ගමන් කිව්වා.ඒත් මේ වෙලාවේ ඔයා එලියට යන එක අවධානම් බබා.

අම්මේ... මන් ගැන වද වෙන්න එපා. මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අනික අද ගොඩක් වැදගත් lecture එකක් තියෙනවා කිව්වෙත්.

So Eun university එකට ගිහින් කෙලින්ම ගියේ Lecture hall එකට. Lecture එක පටන් ගන්න තව වෙලාව තිබුනත් ඒ වෙද්දිත් ගොඩක් අය lecture hall එකට ඇවිත් තිබුනා. So eun batch එකේ ලමයෙක්ගෙන් නෝට්ස් ටික ඉල්ලන් photos ගහන් ඉවර වෙනවත් එක්කම එලියේ ඉදන් ලමයෙක් ඇතුලට දුවන් ආවා. Guys ඔයාලා දැක්කද දැන් විනාඩි 25කට කලින් Naverවල දාලා තියෙන post එක. මේ වෙද්දී ඒක trending. ඒ කියන්නේ ඇත්තටම So Eunද Taeyongගේ Girlfriend. ඒ පිරිමි ලමයා එහෙම කියනකොට lecture hall එකේ හිටපු හැමෝම So Eun දිහා හැරිලා බැලුවා. එතකොටයි පණිවිඩේ කියන්න ආපු ලමයා So Eunනුත් එතන ඉන්නවා දැක්කේ.
So Eun ඉක්මනටම phone එක on කරලා article එක බලන්න ගියේ වටේ පිටේ ලමයින්ගේ කසු කුසුවවත් ගණන් නොගෙනයි.

බොරු නමක් තියෙන acc එකකින් දාපු post එකක් Hot trending වල උඩින්ම තිබ්බේ ඒ වෙද්දී හැම දෙනාගේම අවධානය ඒ post එකට යොමු කරවන ගමන්.

       Article

මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා.මන් මේක කියන්න තීරණය කරේ ඇත්ත දැනගෙන කටවහන් ඉන්න එක හරි නැති දෙයක් කියලා මන් හිතන නිසා. මාත් ඔයාලා වගේම Z2- Taeyongගේ ගොඩක් ලොකු fan කෙනෙක් වෙලා හිටපු කෙනෙක්. ඔයාලා හැමෝටම ආරංචි වෙන්න ඇතිනේ එයා date කරනවා කියලා. ඒ කෙනාගේ නම තමයි Seoul University Medical faculty එකේ ඉගෙන ගන්න Han So Eun. ඇත්තම කිව්වොත් මායි එයයි හොඳම යාලුවෝ.ඒත් එයා මට කවදාවත් කිව්වේ නෑ එයා Taeyong oppaව අදුරනවා කියලවත්. මන් හැමදාම Taeyong oppa ගැන හොඳ කතාකරද්දිත් එයා කොයි වෙලෙත් කරේ Taeyong oppaට බැනපු එක. ඒ විතරක් නෙමෙයි එයාට Z2 fansලව පෙන්නන්න බෑ. Z2 fansලව එයා දැක්කේ විකාරකාරයෝ වගේ.මට එයාලා දෙන්නා Dating කිව්වම විශ්වාස කරන්න බැරිවුනා. Taeyong oppaට මීට වඩා හොඳ කෙනෙක් හොයාගන්න තිබ්බා.අපේ Z2 fansලා ගාව Taeyong oppaගේ girlfriendට තරම් සල්ලි නැතුව ඇති.ඒත් අපි එයාට වඩා Taeyong oppaට ආදරෙයි.

RoseWhere stories live. Discover now