🌸Chapter 21🌹

64 17 3
                                    


තුන් දෙනත් එක්ක එලියට යනකොටත් කට්ටිය බර කතාවක. ඒ වෙද්දී Ten, D.O, Jimin තුන් දෙනත් dorm එකට ඇවිත් හිටියේ.
මේ ඉන්නේ කට්ටිය සංසුන්ව. මන් බය වෙලා හිටියේ දොර කඩන්නවත් plan ගහනවද දන්නේ නෑ කියලා. Suho හිනාවෙවී එහෙම කිව්වා. තව පොඩ්ඩෙන් දොර කඩන්න තමයි අපේ ඇවුන් ලෑස්ති වුනේ.ඒත් හොඳ වෙලාවට ඊට කලින් D.O ඇවිත් අපිට ඔක්කොම විස්තරේ කිව්වා. Jin කිව්වා. දැන් බැලින්නම් එහෙන් අපේ දේවලුයි ,අනිත් පැත්තෙන් Suho hyungලගේ ඒවයි විස්තර ඔක්කොම D.O දැනන් ඉදලනේ. කැත වැඩේ හොඳේ. Taemin කිව්වා. මෙතන ලොකුම කැත වැඩේ වුනේ මට.කාටවත් ඒක පේන්නේ නෑ. ඇයි හත් දෙයියනේ හැමෝම affair එක ගැන දැනන් ඉදලා.මන් ඇරෙන්න. මාව කොන් කරලා සතුටින් ඉන්නකෝ. Ten එහෙම කිය කිය කට්ටියටම එරෙව්වා. Sorry Ten Oppa. අපි ඇත්තම කිව්වොත් කාටවත් කිව්වේ නෑ. අනිත් අයමයි දැනගත්තේ. So Eun කිව්වා. ඔව් බන්. මේ ඇත්තමයි.උඹ අනික හොඳටම දන්නවනේ මගේ යාලුවා උඹ කියලා . ඉතින් මට සමාව දෙනවා නේද? Taeyong ඇහුවා. ආ හරි හරි මේ පාර විතරක් සමාව දෙනවා. හැබැයි මීට පස්සෙනම් මට මොනා හරි හැංගුවොත් නම් මන් ආයේ මූණ බලන්නෙවත් නෑ හොඳේ. Ten කිව්වා.

එදා රෑ Suho , So Eunව ගෙදර ඇරලවන්න යද්දී Taeyongටත් කතා කරා. කෝ ඇවිත් නගිනවා Taeyong. Suhoගේ කැඳවීම ඇහුන හැටියෙම කොල්ලා දුවලා ගිහින් කාර් එකට නැග්ගේ කාර් එකේ ඉතුරු වෙලා තියෙන අන්තිම සීට් එක අල්ල ගන්න යනවා වගේ.

So Eun, Taeyong....  So Eunගේ ගෙදරට කාර් එක drive කරන අතරමග Suho කටහඬ අවදි කරා. දෙන්නට හම්බෙන්න ඕනිනම් ඔයාලට කැමතිනම් dorm එකේ නිදහසේ හම්බෙන්න පුලුවන්. අපි කාගෙන්වත් කිසි කරදරයක් නෑ. ආ තව දෙයක්.   ඔයාලා දෙන්නට මන් කැමැත්ත දීපු බව ඇත්ත. හැබැයි ඔයාලා දෙන්නට දැනටමත් අවබෝධයක් තියෙනවනේ ඔයාලට ඉස්සරහට එන්න පුලුවන් ප්‍රශ්න ගැන.ඉතින් ඔයාලා ඒවා බුද්ධිමත්ව විසඳගනී කියලා මන් හිතනවා. ඒ වගේම කාටවත් අහුනොවී පරිස්සම් වෙන්න හැම වෙලාවෙම උත්සහ කරන්න. Suho දෙන්නටම අවවාද කරා. හොඳයි Hyung. අපි ඔයාලගේ විශ්වාසේ රකින්නම්. Taeyong කිව්වා.

හැබැයි එක දේකටනම් ඔන්න මන් නෑ. දෙන්නත් එක්ක රණ්ඩු වෙලා ඔන්න මාව ගාවගන්න නම් එපා රණ්ඩු බේරන්න. මන් අහිංසකයෙක්. So Eunගේ ගෙදරට ඇවිත් කාර් එක නතර කරන ගමන් හිනාවෙවී Suho කිව්වා. මේ ඒක නෙමෙයි hyung. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලගේ family එකේ හැමෝම වගේ හරිම friendly. ඒත් ඇයි So Eun විතරක් මෙච්චර නපුරු. Taeyong , So Eun දිහා බල බල Suhoගෙන් ඇහුවා. So Eunව හම්බ වෙන්න ඉන්නකොට අපේ නැන්දා මිරිස් දාපු කෑම වැඩියෙන් කාලද කොහෙද. අනික Taeyong මෙච්චර අහිංසක ගෑනු ලමයි ඉද්දී ඔයාටත් මගේ දරුණු නංගී එක්කම යාලු වෙන්න සිද්ධ වුනානේ. කියන දේ නොඇහුවොත් මෙයාගෙන් මැරුන් කන්නයි සිද්ධ වෙන්නේ.මට කරන්න දේකුත් නෑ ඉතින්.ඔයා මටත් හොරෙන් විහින්නේ මේ අමාරුවේ වැටුනේ. ඒ පාර Suhoත් විහිලු කරා.
ඔයාලා දෙන්නා ඒ ටිකට එක side එකක් වුනාද. දැනට ඔය දෙන්නා බේරුනා කියලා හිතාගන්න.පස්සෙ දෙන්නවම වෙනම අල්ල ගන්නම්. එහෙම කියපු So Eun කාර් එකෙන් බැස්සේ කාර් එකේ දොර හයියෙන් වහන ගමන්.
බබා ,  Suho පුතාලා නේද අර. මන් Fried Chicken හදලා තියෙන්නේ. එන්න කියන්න කන්න. ඒත් එක්කම වගේ So Eunගේ අම්මා කට්ටියට කන්න අඬ ගැහුවා. අයියෝ එපා අම්මා. එයාලා මේ දැන් හොඳටම කාලා ඉන්නේ. තව කන්න ඉඩක් නෑ. අනික දැන් එයාලට තව වැඩකටත් යන්න පරක්කුලු.අම්මට එහෙම කියපු So Eun , Suhoලගේ කාර් එක දිහාවට හැරුනා. Bye Oppa. ඉක්මනට යන්න පරක්කු නොවී . So Eun කුරිරු හිනාවකුත් එක්ක දෙන්නටම බායි කියලා අම්මවත් එක්කන් ගෙට ගියා.
අපරාදේ hyung අපි ඕනිම දවසේ කට වරද්දගත්තා. Taeyong miss වුන කෑම ගැන මතක් කරා. දැක්කා නේද බන්. මේවා උඹට හොඳ පාඩම්. අපේ So Eunව තරහා කරගත්තොත් සිද්ධ වෙන්න තියෙන විනාශේ. Suho කාර් එක start කරන ගමන් අවවාදාත්මක ස්වරූපෙන් කිව්වා.
තේරුනා Hyung.

RoseWhere stories live. Discover now