🌸Chapter 25🌹

63 18 25
                                    

අම්මලා USA ගියාට පස්සේ Taeyong ආපහු dorm එකට ගියා. ඒ වෙද්දී christmas නිවාඩුවට ගෙදර ගිහින් හිටපු අනිත් කට්ටියත් dorm එකට ඇවිත් හිටියේ.
මොකෝ කියන්නේ අනිද්දට අලුත් අවුරුදු නිසා අපි කට්ටිය කොහේ හරි ඇවිදින්න යන්ද? එදා හවස Taemin හැමෝගෙන්ම ඇහුවා.කොහේ යන්නද බන්. එදා හවසට Practice කියලා අමතකද.අනික 31රෑ වෙනකන් SBS එකේ New Year Celebration party එකට යන්නත් ඕනිනේ. Kai කිව්වා. ඒකත් ඇත්ත එහෙනම් ඉතින් මොනා කරන්නද. Dorm එකේ ඉදන් party එකක්වත් දාමු. බලාපොරොත්තු කඩවුන Taemin කිව්වා.

කට්ටිය 31රෑ වෙලා dorm එකට ආපු නිසා කට්ටියම ඇඳවල් වලට ගොඩ වුනේ අනිත් දවසේ ටිකක් වෙලා නිදාගන්නයි.

පහුවෙනිදා උදේම Suho , Taeyongගේ room එකට ඇවිත් Taeyongව ඇහැරෙව්වා. Ty ඉක්මනට ඇහැරෙන්න. ලොකු ප්‍රශ්නයක්.

Hyung මොකක්ද අවුල? Taeyong බ්ලැන්කට් එක අයින් කරන ගමන් ඇහුවා.සේරටම කලින් එලියට එන්නකෝ. Suho ,Taeyongව අඬ ගහන් room එකෙන් එලියට යනවත් එක්කම Taeyongට Tab එකෙන් news article එකක් පෙන්නුවා. ඔයාලගේ affair එක එලිවෙලා Taeyong. මේ වෙද්දී social medias ඔක්කොම ගිනි අරන් තියෙන්නේ.Suho එහෙම කියනවත් එක්කම Taeyong ,Suhoගේ අතින් Tag එක අරන් බැලුවේ Suho මේ විහිලුවක්ද කරන්නේ කියලා බලන්නයි. ඒත් Suho බොරු නොකරන බව News article බලපු ගමන්ම Taeyongට තේරුනා.

Dispatch January 1st Couple

ප්‍රසිද්ධ kpop කණ්ඩායමක් වන Z2 කණ්ඩායමේ සාමාජික Lee Taeyong ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකුගේ දියණියක් සමඟ සම්බන්ධයක් පවතින බව වාර්තා වේ. මැය වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර දෙදෙනාම මාස කිහිපයක සිට දින ගත කිරීමට පටන් ගෙන ඇත.ආරංචි වන පරිදි මොවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද මේ සම්බන්දයට කැමැත්ත ලබා දී ඇති අතර මීට දින කිහිපයකට පෙර නත්තල් නිවාඩුව පවුල් දෙක එකට ගත කර ඇත.

News Article එක උඩින්ම Dispatch එකෙන් release කරපු Taeyong, So Eun එකට කාලේ ගත කරපු photos කීපයක් දාලා තිබුනා.පොඩි සැනසීමකට තිබුනේ So Eunගේ photos ඔක්කෝගෙම මූණ බොඳ කරලා තිබුන නිසා.

Taeyong article එක කියවලා ඉවර වෙනවත් එක්කම D.O අනිත් membersලව ඇහැරවන් එක්කන් ඇවිත් තිබුනා.කට්ටියම නිශ්ශබ්දව ඇවිත් sofa එකෙන් වාඩි වුනේ තාම එයාලට කතා කරන්න සුදුසු අවස්ථාව නෙමෙයි කියලා දන්න නිසයි. Hyung මන් දැන් මොකද කරන්නේ. So eunට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද. එයාට මන් කෝල් එකක් අරන් එන්නම්. නැත්තම් එයාව ගිහින් හම්බවෙන්නද? Taeyong කරන්න ඕනි දේ ගැන හිතාගන්න බැරුව කිව්වා.
Taeyong ඔක්කෝටම කලින් සන්සුන් වෙන්න.අපි කලබල වුනොත් මුකුත් කරගන්න බෑ. මන් නැන්දලට කෝල් කරලා තියෙන්නේ.එයාලා So eun එක්ක ඉන්නවා. අපිට දැන් ඊට කලින් විසදන්න ප්‍රශ්න වගයක්ම තියෙනවා.Suho එහෙම කියද්දිම Jin එතනට ආවා. Manager hyung දැන් මග එන ගමන්ලු.මොකද අපි ඒජන්සි එකට යන එක අවධානම්. Fansලා ඒජන්සි එක වට කරලලු. Jin කිව්වා.
එතකන් මට So Eunට කතා කරන්න ඕනි Hyung. Taeyong එහෙම කියලා room එකට ගියේ phone එක අරන් එන්නයි. Taeyong phone එක on කරද්දී Missed calls 45ක් තිබ්බා. Taeyong නිදාගනිද්දී phone එක silence දාලා තිබුන නිසා Taeyongට එක කෝල් එකක්වත් ඇහිලා තිබුනේ නෑ.
Taeyong චකිතයකින් So Eunගේ number එක dial කරා.මොකද Taeyong call එක ගන්න ආවත් So Eunගේ හිත හැදෙන්න මොනාද කියන්න ඕනි කියලා Taeyong දැනන් හිටියේ නෑ. Hello Taeyong. එහා පැත්තෙන් So Eunගේ කටහඬ ඇහුනා.
So Eun..ඔයා...හොඳින් නේද? Taeyongගේ වචන ගොත ගැහුනා. මන් හොඳින්. දැන් ඔයාව හම්බෙන්න manager එනවා කියලා Oppa කිව්වා. ඔයා මුලින්ම ඔයාගේ ප්‍රශ්න ටික විසඳගන්න.මන් හොඳින්. So Eun කිව්වා. හරි So Eun.

RoseWhere stories live. Discover now