After 2 Weeks
ගෙවුනු සති දෙක Z2ලට වගේම So Eunලගේ පවුලේ අයටත් ගොඩක් අමාරු කාලයක් විදිහටයි ගෙවුනේ. මේ වෙද්දිත් තත්වේ සංසුන් වෙනවට වඩා දවසින් දවස මේ ප්‍රශ්නේ තවත් ඇවිලුනා කිව්වොත් හරි. ඒ නිසා පහුවුන සති දෙක ඇතුලත Taeyong, So Eun දෙන්නා හම්බ නොවී ඉන්නත් තීරණය කරා.
එදා හවස Taeyong , So Eunව හම්බවෙන්න ගෙදරට ආවා. මට සමාවෙන්න So Eun.මන් ඔයාට ආදරේ කරන්න ගනිද්දී කවදාවත් හිතුවේ නෑ ඔයාට මේ විදිහට දුක් විඳින්න දෙන්න.මට තව ටික දවසක් දෙන්න. මන් ඔයාට පොරොන්දු වෙනවා මේ හැමදේම ඉක්මනටම හරි ගස්සනවා කියලා. ඔයාට ආයේ කිසි දෙයක් වෙන්න මන් ඉඩ තියන්නේ නෑ. Taeyong කිව්වා.
Taeyong මට වැඩිපුරම වැදගත් ඔයාලා හොඳින් ඉන්න එක. ඒක නිසා මන් ගැන වද වෙන්න එපා. හැමදේටම කලින් ඔයා සතුටින් ඉන්න ඕනි. හරිද. So Eun එහෙම කියන ගමන් Taeyongව බදාගත්තා.So Eun පහුවදා dorm එකට ගියේ Taeyong කලින් දවසේ එද්දී අමතක වෙලා දාලා ගිය Airpods දෙක ආපහු දීලා යන්නයි.
Ty, baekhyun hyungව හම්බෙන්න ගියානේ So Eun. Dorm එකේ දොර ඇරපු Jimin කිව්වා. එහෙමද. Oppa එහෙනම් මේක Taeyong ආවම දෙන්න. ඊයේ අපේ ගෙදර දාලා ගිහින්. So Eun Airpods දෙක දික් කරා. මේ යකා කොච්චර කිව්වත් හැමතිස්සෙම airpods නැති කරගන්නවනේ. Tyගේ room එකේ දොර වහලා නෑ. ඔන්න ඔයාම ගිහින් අරන් තියන්න. ඔයා කොහොමත් දැන් පිට කෙනෙක් නෙමෙයිනේ. මන් ටක් ගාලා ගිහින් ඔයාට බොන්න මුකුත් අරන් එන්නම්.
අයියෝ oppa මට බොන්න මුකුත් ඕනි නෑ. කරදර වෙන්න එපා.
පිස්සුද අනේ.මොන වදයක්ද.මන් ඉක්මනට එන්නම්. එහෙම කියන ගමන් Jimin kitchen එක පැත්තට දිව්වා.So Eun , Taeyongගේ room එකට ගිහින් Airpods එක මේසය උඩින් තියලා එන්න හදද්දී අහම්බෙන් ලියුමක් ඇහැ ගැටුනා. So Eun ඒක කියවලා එවෙලේම ආපහු ආවේ Jiminටවත් සමු නොදීයි.
Oppa මට ඔයාව හම්බවෙන්න ඕනි.මන් දැන්ම ඒජන්සි එකට එන්නම්. So Eun කාර් එකේ යන ගමන් Z2 Managerට කෝල් කරා.
Oppa, මන් Taeyongගේ room එකේ තිබිලා ලියුමක් කියෙව්වා. ඒක එයා එයාගේ fansලට ලියපු එකක්.එයා group එකෙන් අයින් වෙනවා කියලා. මොකක්ද මෙතන වෙන්නේ oppa. මට ඇත්තම කියන්න. So Eun හොඳටම අඬන ගමන් මැනේජර්ගෙන් ඇහුවා. මන් ඔයාට ඇත්තම කියන්නම් So Eun. Taeyong group එකෙන් අයින් වෙන්න හදන්නේ. මොකද දැන් ප්‍රශ්නේ ගොඩක් දුර දිග ගිහින් තියෙන්නේ. ඉතින් අපි කොච්චර උත්සහ කරත් මේක විසඳන්න වෙන ක්‍රමයක් නෑ. ඔයාවත් ,membersලවත් මේ ප්‍රශ්නේ නිසා තව දුරටත් දුක් විඳිනවට Taeyong කැමති නෑ. අනික මේ ගැන තාම කිසිම කෙනෙක් දන්නේ නෑ.අඩුම තරමේ Z2 membersලවත්. මොකද Z2 membersලා කවදාවත් එයාට මේ දේ කරන්න නොදෙන බව එයා දන්නවා. අනික ඔයා වුනත්. ඉතින් එයා මට මේක කාටවත් කියන්න එපා කියලා පොරොන්දු කරගත්තා. තව දවස් 10කින් Z2 Anniversary එක. එයා ඒක ඉවර වුන ගමන් එයාගේ ඉල්ලා අස්වීම announce කරන්න ඉන්නේ. මැනේජර් කිව්වා.
YOU ARE READING
Rose
Romantizmđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...