ඊලග සති දෙක ගත වුනෙත් Z2ලා එයාලගේ අලුත් album promotions එක්ක හිරවෙලා.අන්තිමට album promotions ඉවර වෙද්දිනම් membersලගේ පණ බාගෙට ගිහින් තිබුනේ.
අදින් හවසින් පස්සේ album promotion නුත් ඉවර නිසා මොකෝ කියන්නේ Taeyong.අපි දෙන්නා කාලෙකින් Game එකක් එකට play නොකරපු නිසා හෙට game එකක් play කරමුද? Ten ඇහුවා.අනේ sorry මචන්.හෙට මට පොඩි වැඩක්.Taeyong කිව්වා.උඹට දැන් හරියට වැඩ.හා හා ඔහොම යන්කෝ.Ten අමනාපෙන් එහෙම කිව්වා.අම්මෝ කොල්ලා ලස්සනට ඇඳලා.දවස් ගාණකින්නේ So eunව හම්බෙන්න යන්නේ. Taemin පහුවදා උදේ Taeyongට විහිලු කරා.තමන්ගේ girlfriend ඉස්සරහා ලස්සනට ඉන්නේ නැතුව බෑනේ hyung😉මේ මන් ගියා .ඔයාලත් එක්ක කතා කර කර ඉන්න එක විනාඩියක් ගානේ මට So Eunව හම්බෙන්න යන්න පරක්කු වෙනවා. Taeyong එහෙම කියන ගමන් කාර් එකට නගින්න ගියා.යකෝ මූ බලහන්කෝ.
Taeyong යනකොටත් So eun cafe එකට ඇවිත් හිටියා.සති ගාණකට පස්සේ තමන්ගේ girlfriendව දකින්න හම්බුන එක ගැන Taeyong හිටියේ ගොඩක් සතුටින්.
හැබැයි ඇත්තම කිව්වොත්නම් Taeyongට අතරින් පතර So Eunව දකින්න නම් හම්බුනා.මොකද Suho සමහර දවස්වලට එක එක වැඩ වලට Taeyongව So Eunගේ ගෙදර එක්කන් ගියා. දෙන්නට කතාකරන්න තරම් වෙලාවක් හම්බ නොවුනත් So Eunව එහෙම හරි දකින්න හම්බෙන එක Taeyongට ලොකු සතුටක් වුනා.ඔයා කලින්ම ඇවිත්.මන් හිතුවේ තාම ඇවිත් නැතුව ඇති කියලා. So eun කලින් ඇවිත් බලන් ඉන්නවා දැකලා කණගාටු වුන Taeyong ඇහුවා. අද lecture එක ටිකක් කලින් ඉවර වුනා.මන් ඉතින් එහෙමම ආවා.So eun කිව්වා. දැන් එතකොට ඔයා ඔය විදිහටද campus එකටත් ගියේ? Taeyong ඇහුවා.ඔව් ඇයි මගේ ඇඳුමේ මොකක් හරි අවුලක්වත් තියෙනවද? Taeyong අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න බැරිව So eun ඇහුවා.මොකද තමන්ට පේන්න ඇඳුමේ කිසි වැරැද්දක් තිබ්බේ නෑ.ඔව් ඔය ඇඳුමට ඔයා තවත් ලස්සන වැඩියි. එතකොට campus එකේ boysලගෙන් ඉල්ලුම තවත් වැඩියි.Taeyong කිව්වා.ඔයාට Jealous නේද😏 So eun ඇහුවා. මොන පිස්සුද.ලස්සනට හිටියට යක්ශනියක් වගේ කෙල්ලෙක් කියලා ඒ කොල්ලොත් දන්නවා.ඉතින් අනිත් කොල්ලොත් මන් වගේ පස්සෙන් ඇවිත් හෙන ගේමක් දීලා ලෝක විනාශයක් කරේ දාගනියි කියලා මන් නම් හිතන්නේ නෑ. Taeyong කිව්වා.
ආ ඇත්තද. හැබැයි ඉතින් සමහරුනම් මට films බලන්න යන්නත් කතා කරා ගිය ටිකේ. බොරුනම් මේ බලන්නකෝ. So eun එයාගේ phone එකෙන් Taeyongට photo එකක් පෙන්නුවා. So Eunනුයි තව boy කෙනෙකුයි film hall එකක එකට ගහපු Selfie එකක්.Taeyongට ඒක දැක්කමනම් ලොකු තරහක් හිතට ආවා. මන් යනවා. ඔයා ඒ boy එක්කම ඉන්න . Taeyong ඉරිසියාවෙන් පුපුර පුපුර එතනින් නැගිටලා යන්න ලෑස්ති වුනා. So eunට හොඳටම හිනා.මෙයාව අවුස්සන්න පොඩි බොරුවක් කිව්වත් හොඳටම ඇති.පිස්සෙක් නොවී ආපහු මෙතනින් වාඩි වෙන්න.එදා film එක බලන්න එයා එක්ක විතරක් තනියම ගිය එකක් නෙමෙයි ඒ. අපේ batch එකේ ගොඩක් අය ගියා.ඒ වෙලාවේ ඒ boy මාත් එක්ක selfie එකක් ගන්න කතා කරා.ඉතින් බෑ කියන්න බැරි කමට මාත් selfie එකට හිටියේ. එච්චරයි.So eun එහෙම කිව්වම Taeyong ආපහු වාඩි ගත්තා.ඔයානම් හරිම ඉරිසියාකාරයෙක්. So eun කිව්වා. හරි ඉතින් තමන්ගේ girlfriendට ආදරේ වැඩි වෙද්දී එහෙම වෙනවා. Taeyong කිව්වා. හරි මන් එහෙම හිතන්නම්කෝ.
එහෙම හිතන්නම් නෙමෙයි එහෙම තමයි. Taeyong කිව්වා. Okay Romeo . So eun ආයෙමත් හිනාවෙවී බුම්මගෙන ඉන්න Taeyongගේ photos ගත්තා.
ඔයානම් ඇත්තමයි. Taeyong , So eunගේ phone එක උදුරගන්න පනිනවත් එක්කම එහා පැත්තෙන් පුරුදු කටහඬක් ඇහුනා. Taeyong ,ඔයාලා දෙන්නා? ඒ කටහඬ ඇහුනම නම් Taeyongට හිතුනා තමන්ගේ අවසන් කැමති පත්‍රය ලියන්න කාලේ හරි කියලා.
Jin hyung. Taeyong හිමීට ඔලුව උස්සලා බැලුවා. Taeyongට වැරදිලා. Jin විතරක් නෙමෙයි එතන Kai ,Taemin දෙන්නත් හිටියා.Kai නම් හිටියේ ඔලුවට අත ගහගෙන. Taemin නම් හිටියේ වුන දේට හිනාවෙන්නද ,නැත්තම් Taeyongලට වුන දේට දුක් වෙන්නද කියලා හිතාගන්න බැරුව. Taeyong , So eun දෙන්නට කරගන්න දෙයක් නැති වුනා. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? Jin ඇහුවා. මෙයාලා මේ යාලුවොනේ.එච්චරයි.වෙන දෙයක් නෑ. Taeyongලා වෙනුවට Kai බොරුවක් ගොතන්න ඉදිරිපත් වුනා.මට දැන් කියන්නේ ඒක විශ්වාස කරන්න කියලද. දෙන්නා අතරේ මොකක් හරි තියෙනවා කියලා හොදටම පෙනෙද්දී. Jin කිව්වා.
පේනවනම් මොන මගුලටද අපෙන් අහන්නේ hyung.අනේ මන්ද ඔයත්. Taemin එහෙම කියද්දී Jin රවලා බැලුවා.හරි අපි කටවහගන්නම්.Taemin එහෙම කියනවත් එක්කම Taeyong කතාකරා.Hyung අපි දෙන්නා අතර affair එකක් තියෙනවා.මන් So eunට ඇත්තටම ගොඩක් කැමතියි. Taeyong , So Eunගේ අත අල්ල ගත්තේ So Eun මේ වෙලාවේ බයවෙලා ඇත්තේ කියලා දැනුන නිසා.අනේ දෙයියනේ මේවා අපිට කලින්ම කියලා අපෙනුත් ආශිර්වාද ගන්න ඕනි ඒවා නේද. උඹලා මට කලින්ම මේවා කියන්න එපැයි.එහෙනම් මන් full sup එක දෙනවනේ.Jin සතුටින් උඩ පැන්නා.අනේ hyung ඔයා අපේ affair එකට විරුද්ධ නැද්ද? Thanx hyung. Taeyongට jinගේ වචන අදහා ගන්න බැරිවුනා.මන් මොකට අකමැති වෙන්නද.හැබැයි Taeyong අපේ So eunට දුකක් දීලනම් අහු වෙන්න එපා හොදේ. So eun මේ jin hyung ඉන්නවා ඕනි දේකට.Jin කිව්වා.අනේ hyung ඔයා ඉන්න ඕනි නෑ.මෙච්චරකල් තනියම ගේම ගැහුවේ අපි තුන.නැද්ද බන්.Kai , Taemin එක්ක ලොකුකම් කතා කරා. නැතුව.මතකද උඹලට අපි Jin hyung අපේ ලොකු අයියා ගගා බොරුවට බටර් ගගා එදා පුටුවෙනුත් අයින් කරේ.Taeyongට එතන වාඩි වෙන්න.Taemin කිව්වා.ඇයි බන් තව අපි එදා jin hyungව මෝඩයට අන්දන් රෙසිපි අහන්න කියලා So eunගේ ගෙදරටත් එක්කන් ගියේ. Kaiත් අමතක වුන ඒවා එකතු කරා.අන්න ඒකයි.අපි ගැහුවේ සුපිරි ගේම්. දෙන්නත් එක්කම කලින් කරපු වීරකම් මතක් කරා.
ඈ බොල යක්කුනේ උඹලා මේ මාව මෙච්චරකල් ඉත්තා කරන්ද ඔක්කොම කරේ.මේ hyungව.අනික ඒ කියන්නේ මෙච්චරකල් උඹලා මේක මගෙන් හංගලා.මටත් කියන්න ඕනි කියලා උඹලට හිතුනේ නැද්ද? Cafe එක දෙවනත් වෙන්න Jin කෑ ගැහුවා.hyung හිමින් හිමින්. මිනිස්සු බලනවා.Kai , Taemin දෙන්නා Jinව නිශ්ශබ්ද කරන්න උත්සහා කරා.ඉතින් බලපුදෙන්.මට වුන අසාධාරණකම් ලෝකෙම දැනගන්න ඕනි.හරි දැන් කියපන් කවුරු කවුරුද මේක ගැන තව දන්නේ නැත්තේ? ටික වෙලාවකින් පොඩ්ඩක් සංසුන් වුන Jin ඇහුවා. Suho hyungනුයි Tenනුයි. Kai කිව්වා. ඇයි තව D.O hyungනුත්. Taemin එහෙම කියනකොට Kai ඔලුව කසන්න ගත්තා.මේ..මේ.. මේකයි බන්. D.O hyung කියන්නේ ඉතින් මගේ hyung පණනේ.එයාට නොකියා බැරිනිසා මන් කියලා දැම්මා.එයත් දැන් ටික කාලෙක ඉදන් දන්නවා. Kai ගොත ගගහා කියලා දැම්මා.
Hyung ඔයානම්. Taeyongට තමන්ගේ ආදරණීය Kai hyungගේ වචන අදහාගන්න බැරිවුනා. මට පේන්නේ මල්සරා වැඩිපුර ඊතල විදලා තියෙන්නේ මූටද කොහෙද.යකෝ මාර ප්‍රේමයක් D.O hyungට තියෙන්නේ.Taemin කිව්වා.
අපේ සහෝදර ප්‍රේමෙට අනම් මනම් කියන්නෙපා හොදේ.බලන්නකෝ Jin hyung. Kai කෑ ගැහුවා. උඹලා සේරම එකයි. So Eun නිසා මාත් ඉවසනවා. කෝ කට්ටියම කන්න කැමති ඒවා order කරනවකෝ.මන් bill එක ගෙවන්න. එහෙම කියන ගමන් Jin එතනින් වාඩි වුනා.🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
මට තාමත් විශ්වාස කරන්න අමාරුයි අපේ පොඩි කොල්ලා boyfriend කෙනෙක් නේද කියලා මතක් වෙද්දී. Jin ගෙදර යන ගමන් Taeyongගේ පිටට තට්ටුවක් දාන ගමන් හිනාවෙලා කිව්වා. Sorry hyung මන් මේ ගැන කලින් නොකිව්වට. මන් බයවෙලා හිටියේ hyungලා කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා. Taeyong කිව්වා.
ඒකට කමක් නෑ Ty. මට ඕනි ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දකින්න.එච්චරයි.ඔයාලට ඕනි දෙයක් මේ hyungට කියන්න හොඳේ. So eunටත් ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න ඕනි.මේ කොල්ලගෙන් කරදරයිනම් මට වහාම කියන්න කියලා.Jin කිව්වා. ඒකටනම් ඉතින් කරන්න දෙයක් නෑ hyung.එයාට මැරෙනකන්ම මගේ කරදරේ ඉවසන්න වෙයි.මොකද මට එයාට විතරයි හිත යන්නේ. Taeyong කිව්වා.යකෝ කොල්ලා දියුණු වෙලා තියෙන තරම්.ඔහොම යන් යන්.Jin හිනාවෙවී Taeyongව බදාගත්තා.--------------------------------------------------------------Exam නිසා ff එක දාන්න ගොඩක් පරක්කු වුනාට sorry. අද ඉදන් දිගටම ඉතුරු chapters ඉක්මනට update කරන්නම්.
ඔයාලට ff එක කියවලා දැනෙන දේ comment කරන් යන්න අමතක කරන්න එපා.
🌸🌹
YOU ARE READING
Rose
Lãng mạn🌸🌹ආදරේ කියන්නේ හැමෝටම දැනෙන දෙයක්.හැමෝම බලපොරොත්තු වෙන දෙයක්.ඔයත් මමත් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ආදරේ ලබන්න තව කෙනෙක්ට සීමා දාන්නේ ඇයි. තමන් ආදරේ කරන Idol වෙනුවෙන් මැරෙන්න බලන් ඉන්න fansලම තමයි ,ඒ Idol කවදහරි date කරාම ඒ Idolව මරන්න බලන් ඉන...