🌸Chapter 31🌹

51 17 14
                                    

  
                🌹After 3 Years🌹

Taeyong POV

   එයා මාව දාලා ගිහින් අවුරුදු තුනක් ගතවුනා. ඒත් තාමත් එයා පාරලා ගිය මගේ හිත සුවවෙලා නෑ. සමහර විට අපි දෙන්නා හම්බ නොවුන නම් මගේ හිතට මේ තරම් වේදනාවක් ඇති වෙන්නේ නෑ. ඒත් මට කාලය ආපස්සට හරවන්න ඕනි වුනත් මන් ආයෙමත් ඒ තීරණේම ගනියි.මොකද දැන් අපි දෙන්නගේ ඒ මතකය මට ලොකු වේදනාවක් ගේනවා වගේම තමයි ඒක මගේ ජීවිත කාලේ මට තියෙන ලස්සනම මතකයත් වුනා. මන් දන්නවා අපි දෙන්නට ආයේ එකතු වෙන්න හම්බෙන එකක් නෑ. ඒත් මන් හැමදාම මගේ හිත රවට්ටගෙන Cherry blossem බලන්න එනවා. නැත්තම් Rose Park එකට යනවා. එයාව බලන්න පුලුවන් වෙයි කියලා.

හෙලෝ hyung කියන්න.

    Taeyong ඔයාට ලබන සතියේ Knowing bros එකට එන්න එයාලා invite කරා.ඔයා මොකද කියන්නේ. යනවද?            මැනේජර්ගෙන් කෝල් එක.
හරි hyung එයාලට කියන්න මන් එන්නම් කියලා. මන් මැනේජර්ට එහෙම කියලා කෝල් එක කට් කරේ අවාරේ නිසා තාම මල් නොපිපුන cherry blossem ගහ දිහා බලාගෙන.
Idol කෙනෙක්ගේ ජීවිතේ කියන්නේ එක අතකින් හරිම අවාසනාවන්ත ජීවිතයක්. අපි සමහර වෙලාවට ගොඩක් ප්‍රශ්න වලට හිරවෙලා ඉන්නවා. ඒත් අපි Stage එකට නගිද්දී අපි මූණ හිනාවකින් පුරවන් මේ ලෝකේ සතුටෙන්ම ඉන්න මනුස්සයා වගේ රඟ පාන්න ඕනි.
ඒ පාර කාගෙන්ද msg එක. මන් msg එකක් එන සද්දේ ඇහිලා phone එක on කරා.

කොහෙද යකෝ ඉන්නේ. Taemin රස කැමක් ගෙනල්ලා. ඉක්මනට එන්න.

ten එවපු msg එක බලපු මට මූණට හිනාවක් ආවේ ඉබේටමයි.මන් තාමත් මේ idol life එක දරාගෙන ඉන්න ලොකුම හේතුව. මගේ membersලා.

      .......             .......           .........

Taeyong dorm එකට යනකොට අනිත් කට්ටිය කනවා. හොඳ වෙලාවට ඉක්මනට ආවේ. නැත්තම් මුන් ටික ඔයාගේ ටිකටත් වැඩේ දීලා. Jin කෑ ගහන ගමන් කිව්වා. Hyung ඔයා කන්නේ නැද්ද? කට්ටිය කන දිහා බලන් හිනාවෙවී ඉන්න Suho දිහා බලන් Taeyong ඇහුවා.
නෑ Ty . අද ඉදන් dieting .  Suho කතා කරලා ඉවර වෙනවත් එක්කම Taeyongට unknown number එකකින් එක දිගට කෝල් ආවා. Taeyong කෝල් එක කට් කරලා number එක block කරේ බලාපොරොත්තු කඩවීමකින්.
කවුද?ආයෙ පාරක් අර sasaeng fan ද. අපි ඔයාට කොච්චරවත් කියනවද බන් ඔය number එක මාරු කරපන් කියලා. ඒත් උඹ තාමත් ඕක තියන් ඉන්නවා. Kai , Taeyongට බැන්නේ ඉවසලා බැරිම තැන. මොකද දැන් ගොඩ කාලෙක ඉදන් sasaeng fan කෙනෙක් Taeyongගේ මේ number එකට සැරින් සැරේ කෝල් කර කර වද දුන්නා. මේ වගේ ප්‍රශ්න නිසා idol කෙනෙක් මාස කීපෙකට පාරක්වත් number එක මාරු කරන එක සාමාන්‍ය දෙයක් වුනා. ඒත් taeyong දැන් අවුරුදු 3ක ඉදන් ඒ number එක ඒ විදිහටම දිගටම තියන් හිටියා. තමන්ට කරදර කරලා sasaeng fanගෙන් කොච්චර කෝල් ආවත්. Taeyong ඒකට හේතුව කිසිම කෙනෙක්ට කවදාවත් නොකිව්වට Suho දැනන් හිටියා Taeyong එහෙම කරන එකට හේතුව. මොකද කවදහරි So Eun තමන්ට කෝල් කරයි කියලා කොල්ලගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා. හදිස්සියෙවත් එහෙම වුනොත් තමන් phone number එක වෙනස් කරලා තිබ්බොත් ඒ කෝල් එක තමන්ට නොලැබෙයි කියලා බයෙයි කොල්ලා number එක කවදාවත් වෙනස් නොකරේ.

RoseWhere stories live. Discover now