□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□ 49 Pages with 49 Days □■□●○●
■□■□■□■□☆04☆□■□■□■□■2017.04.22
1ˢᵗ Day
••••••••••අපිට මේ ආගාධයෙන් පිටවෙන්න තහනම් . මේ , පිටු 49 එක්ක බැඳුන දින හතලිස් නවයෙ පළවෙනි දවස 2017.04.22 , අද .
කිසිම device එකක් අරන් යන්න විදියක් නෑ. ඔක්කොම එයාලා අරගත්තා. මගෙ පොත විතරයි ළඟ තිබ්බෙ.අද උදේ කෑමට , උදේ 5 වෙද්දි අපි හැමෝම ඩයිනින්ග් හෝල් එකට ගියා. අංක පිළිවෙලකට නෙවෙයි මේ වෙලාවෙ හිටියෙ. කෑම එකත් අරගෙන ඇවිත් මම කන්න වාඩි වුනා.
මං ළඟට ඇවිත් මගෙ ටයිප් එකම වගේ තිබ්බ පොඩි කෙල්ලෙක් වාඩි වුනා. ඒ සන් හූන් ගෙ පාට්න.ඔන්නි , මම මෙතන හිටියට කමක් නැද්ද ? "
මං හා කිව්වා. එයා වාඩි වුනා. ((කොරියන් වලින් ගෑණු ළමයි අක්කා කෙනෙක්ට කතා කරන්නෙ "ඔන්නි" කියලා. ))
අපි ටිකක් කතා කර කර හිටියා. එයා මට වඩා අවුරුදු හතරක් බාල ළමයෙක්. මගෙ වයස විසිඅටයි. එයාට විසි හතරයි.
මේ කෙල්ල හැබැයි මට හෙනට සෙට් වුනා. නංගිගෙ නම teayon (ටේයොං) අපි යාලුවො වුනා.මම ,ටෝරු ,ටේයොං , සන් හූන් අපි ඔක්කොම අනිත් අයත් එක්ක ආපහු හෝල් එකට ගියා.
ඊට පස්සෙ මේ battle එකේ පළවෙනි ටාස්ක් එක පටන් ගත්තා. අර නිකායෙ සීනියර් වගේ හිටිය ගෑණු කෙනා , මේ අදුරු හෝල් එකේ එක කෙළවරක තිබ්බ ස්ටේජ් එක වවේ තැනට නැග්ගා. තැන් තැන් වලින් වැටිලා තිබ්බ කහ පාට ලා එළියෙ ලාවට අපිට එයා ගෑණු කෙනෙක් කියන එක විතරක් පෙනුනා.
එයා අපිට කිව්වා දිවුරුමක් දෙන්න ඕන කියලා.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
☠︎︎༒︎☠︎︎
" අති උත්තම වූ , ශ්‍රේෂ්ටතම වූ මරණය ,⚠️🩸
මට ඔබව දකින්න ඕනෙ. මට ඔබව හමුවෙන්න ඕනෙ.
ඔබ මගේ මගෙ පවුල , මගෙ යාලුවා , මගෙ සහකරුවා , මගෙ හැමදෙයක්මයි.
මගේ ජීවිතය මේ මොහොතේ සිට ඔබ වෙනුවෙන් කැපකරන්නට පොරොන්දු වෙනවා.
මේ නිකාය මට ඔබව හමුවෙන්න උපකාර කරාවි.
මම මේ තරගය අවසන් වන තුරුම ජීවත් වෙන්න මගෙ උපරිමය කරනවා. මේ චාරිකාවෙ අවසාන 49 වන දිනය වෙනකන් අනිවාර්යයෙන්ම ජීවත් වෙනවා.
මේ ලෝකය අලු පාටයි. මම මේ පූජනීය අලුපාටේ බැතිමතෙක්. මම මරණයේ බැතිමතෙක්.
එය මම ලෙයින් තහවුරු කරනවා."
☠︎︎༒︎☠︎︎
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
■● « 49 Pages with 49 Days »●■
Gizem / Gerilim■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...