______________________
2017.05.28
37ᵗʰ Day
(Laya pov)
___________________මම හිතුවෙ වාහනෙන් බැස්ස ගමන්ම පොලිසියට යන්න. ඒත්.. ඊට කලින් ආරක්ෂකයො තවත් දෙයක් කිව්වා.
" ඔයාලට කැමති තැනක යන්න නම් පුලුවන්. ඒත් ජීවත් වෙන්න ඕනෙ නම් , ආයෙ ඔයාලා මේ තැනටම එන්න ඕනෙ. ඒ වගේම... ඔයාලා තව කෙනෙක් එක්ක කතා කළත් , ඒ හැම දෙයක්ම අපි අහගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා."
ඒ අය කිව්ව දේ තේරුණේ නැහැ. ඒ වුනත් ඒකෙ ලොකු භයානක දෙයක් හැංගිලා තියනවා කියන එක නම් මට විතරක් නෙවෙයි හැම කෙනෙක්ටම හිතුනා.
මම පාර දිගේ ඇවිදගෙන ගියා. එහෙම යනකොට මම දැක්කා ලස්සන පාක් එකක් තියනවා. අද නිවාඩු දවසක්ද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් පාක් එකේ සෙනඟ ගොඩක් හිටියා.
මම ගහක් යටින් වාඩි වෙලා එයාලා දිහා බලන් හිටියා. මම තනියම හිටියෙ. සංහූන් , ටෝරු , යේසං කිසි කෙනෙක් හිටියෙ නැහැ ළඟපාතක.
ඉතින් නිවිසැනසිල්ලෙ මම බලාගෙන හිටියා පාක් එකේ මිනිස්සු දිහා.පවුල් පිටින් ළමයි එක්ක ඇවිත් කට්ටිය විනෝද වෙනවා . පොඩි ළමයි හැමතැනම දුව දුව සෙල්ලම් කරනවා. දෙමව්පියො එයාලා දිහා බලන් සතුටු වෙනවා.
තව තැන් වල ලවර්ස්ලා ඉන්නවා. එයාලගෙ මූණු හරිම සුන්දරයි. ටික වෙලාවකට මට මාව අමතක වුනා. මම මොන වගේ තැනක ඉඳලද ආවෙ කියලා අමතක වුනා.
මටත් මේ ලෝකෙ මේ මිනිස්සු වගේ ඉන්න හිතුනා.
ඔව්.
මටත් ජීවත් වෙන්න හිතුනා.ඒත්... ඒ ටික වෙලාවකට විතරයි. මම ඒ සුන්දර ලෝකෙ දිහා බලාගෙන උපරිම පැයක් විතර ඉන්න ඇති.
හැමදේම ආපස්සට කැරකුනා.
මම එච්චර වෙලා ආසාවෙන් බලන් හිටපු මිනිස්සු අදරින් , දරුවොත් එක්ක ඇවිත් විනෝද වෙවී හිටපු පවුලක් තිබුණා. හදිස්සියෙම ඒ පවුලෙ පිරිමි කෙනා කෝල් එකක් ආපු නිසා හිටපු තැනින් නැගිටල මම හිටපු පැත්තට ආවා." අනේ පැටියො.. මම මේ ඉන්නෙ ලොකු වැඩක. අද නම් මට ඔයාව හම්බෙන්න බැරි වෙයි."
" නෑ නෑ. දන්නවනෙ , අර කරදකාර මායාකාරී ඒකිගෙ ළමයි දෙන්නයි එක්කගෙන මට අද පාක් එකකට එන්න වුනා."
" පිස්සුද.. ඔයා හිතනවද උන් එක්ක මට සතුටු වෙන්න පුලුවන් කියලා. ඔයා තව පොඩ්ඩක් ඉවසන්නකො. ඔය ගෑණි තවටික දවසකින් මැරුණට පස්සෙ ළමයි දෙන්නව අනාථ නිවාසෙකට දාලා අර ගෑණියෙ දේපළ අපිට ගන්න පුලුවන්."
" ඔව් ඔව්. විශ්වාසයි. මම ප්ලෑන් එකක් ගැහුවොත් ඉතින් ආයෙ දෙකක් නෑනේ."
"ඔව්. අර බෙහෙත දෙනවා තාම. දැන් නම් හොඳටම අමාරුවෙන් ඉන්නෙ. මාසයක්වත් ජීවත් වෙන්න බැරිවෙයි තවනම්."
BẠN ĐANG ĐỌC
■● « 49 Pages with 49 Days »●■
Bí ẩn / Giật gân■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...