20 - වංකගිරිය

154 47 20
                                    

■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆20☆□■□■□■□■

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
2017.05.14
23ʳᵈ Day
(author's pov)
__________________________________________

අලුත් දවසක් උදා වෙලා තිබුණා. ලයා ආගාධෙට ඇවිත් විසි තුන්වෙනි දවස.  එයාව එක්කගෙන ආවෙ පුංචි කොළ තියන ගස් වලින් හදපු maze එකකට. එයාට ඒ maze එකේ ඇතුළට ඇවිදගෙන යන්න කිව්වා. පුළුවන්නම් ආපහු පණ පිටින් එළියට එන්න කියලත් කිව්වා.

එයා ඒකට යනකොටත් , අනිත් සාමාජිකයො තරඟය පටන් අරන් ඉවරයි ...!!

ලයා අලුපාට යුනිෆෝම් එකත් ඇඳගෙන  ඒ වංකගිරියට ඇතුල් වෙලා හෙමින් හෙමින් ඉස්සරහට ගියා. ඒ තරඟය පටන් අරන් තිබුණෙ හවස 6න් පස්සෙ. ලයා එතනට යනකොට හවස 7ත් පහු වෙලා තිබුණා. ඒ වෙලාව වෙනකොට අවට පරිසරය හොඳටම කරුවල වෙලයි තිබුණෙ.

ගස් වල කොළ අතරින් තැනින් තැන තිබුණ අඳුරු ලා කහ පාට එළිය දිගේ ලයා දවස් දෙකක් ඉදිරියට ගියා. ඒ දවස් දෙකේදි ලයාට නොවුන දෙයක් නැති තරම්.

.........................................................
2017.05.15
24th Day
(author's pov)
___________________

ලයා ඒ වංකගීරියෙන් එළියට යන්න මගක් හොය හොය ඉස්සරහට ගියා.  එයාගෙ ඉස්සරහින් එකපාරටම මතු වුනේ තවත් ලයා වගේම අලුපාට ඇඳුමක් ඇඳලා හිටිය කෙනෙක්.
ඒ මනුස්සයගෙ අතේ , ගහකින් කඩාගත්තු කෝටුවක් තිබුණා.   ඒ වගේම , අත් වලයි ඇඳුමෙයි ලේ ගෑවිලත් තිබුණා.

" වරෙං... වරෙං... මේ වංකගීරියෙන් පිටවෙන්නෙ මම ! මම විතරමයි. ජීවත් වෙන්නෙ මම විතරමයි. උඹට බෑ මාව පරද්දන්න. "

ගුගුරන හඬකින් ඒ කෙනා ලයාට එහෙම කිව්වා.
ලයා දැනගත්තා ඒ මනුස්සයා මොකාටද එන්න හදන්නෙ කියලා.  කට කොනකින් හිනා වෙලා ලයා ඒ මනුස්සයා දිහා බැලුවා.

" හඃ වරෙං... ඔය දඟලන්නෙ ඉක්මනින්ම මරණය දකින්න ඕන වෙලා නේද ?"
ලයා හෙමින් එහෙම මුමුණන ගමන් කට කොනකින් හිනා වෙවී ඒ මනුස්සයා හිටපු පැත්තට ගියා.

"අහ් වරෙන් "
සිහි විකල් වෙලා වගේ හිටපු පිරිමි කෙනා පැනපු ගමන් ලයාගෙ දකුණු දණහිසට පැති පහරක් ගැහුවා.
ඒ පාරින් බිමට පහත් වුන ලයාගෙ දකුණු උරහිසින් ඇල්ලුවා.
ඊටපස්සෙ අතේ තිබුණ කෝටුවෙන් ලයාගෙ බෙල්ලෙ පිටිපැත්තට ගහන්නයි හැදුවෙ.

■● « 49 Pages with 49 Days »●■Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ