03 - මේ ලෝකෙ ඉන්නෙ අලු චරිත.

461 97 119
                                    

□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□  49 Pages with 49 Days  □■□●○●
            ■□■□■□■□☆03☆□■□■□■□■

2017.04.10
••••••••••••

අද නිවාඩු දවසක් . ඒත් උදේ පාන්දරම සර්කාරයා දොරට ගහලා ගහලා මාව ඇගැරෙව්වා. මේ හිච්චන් කාමරේ ඉතින් දොරත් තියෙන්නෙ කන ගාවමනෙ. ඉතින් එකපාරක් ගැහුව ගමන් උඩ ගිහිල්ලා ඇහැරෙන්නෙ.

"ලයා ඔයාගෙ තියන ජුවලරි ඔක්කොම ගළවලා කලු , අලු , සුදු පාටක ඇඳුමක් ඇඳන් එන්න ඉක්මනට. "

     ඩයල් එක මට ස්වර්ණාභරණ ඔක්කොම  ගළවන්න කිව්වට ඉතින් මං දාන ස්වර්ණාභරණයක් නම්  නෑ. ඇදුම් කියලා ඉතින් හූඩි තුනකුයි කලිසම් ටිකකුයි තමා සාමාන්‍ය ඇදුම් වලට තිබ්බෙ... අනිත් ඔක්කොම කෝට් කෑලියි ෆුල් කිට් හතර පහකුයි.  අනික මට තිබ්බෙත් අර කිව්ව පාට තුන තමා. ඊට අමතවර නිල් , දුඹුරු.
   ඕන කෙහෙල්ලැවරියක් කියලා මම කලු පාට ෆුල් කිට් එකක් දාගත්තා. වැදගත් ගමනක් ද දන්නෑනෙ.

මේ අපාට්මන්ට් එකේ හිටිය 100 දෙනාටම කෑම දුන්නෙ කම්පැනි එකෙන්. පොඩි පොඩි ස්නැක්ස් තමා පිටින් ගත්තෙ. හැමෝටම කන්න තිබ්බෙ එක හෝල් එකක්. ඒක පහළම එක. තිබ්බෙ පොළව යට. කම්කරුවන්ට තිබ්බ බිල්ඩින් එකෙත් එහෙම එකක් තිබ්බා.
මම ඒකට ගිහින් උදේට තිබ්බ සුප් එකත් එක හුස්මට බීල බන් එකත් කටේ ඔබාගෙන සර් එක්ක ගියා.

     සර් මාව විතරක් නෙවේ තව නව දෙනෙක් හිටියා. එතන ටෝරුයි අර අනිත් ගති කොල්ලයිත් හිටියා.

(( ඇයි හද්දෙයියනේ මුන් ඔක්කොම කියුට්. මගෙ හිත හෙන පව්නෙ.. මේ කොරියන් ඩයල් එක ටෝරුටත් වඩා කියුට් ද මන්දා. ඔව් හැබැයි. ටෝරුවට වඩා අහිංසක පාටයි. 😂))

සර් අපිව එක්කගෙන ගියේ වෙරළ පැත්තට වෙන්න තිබ්බ කන්දට. ඒකෙ ලොකු ප්‍රපාතයක් තිබ්බ තැනක් තිබුනා. වැටුනොත් ඉතින් ආයෙ කතා දෙකක්  නෑ චකබ්ලාස්ට්.
ඒ මහා අගාදෙ පහළට යන්න පොඩි ලී අත් වැටක් එක්ක ගල් තියලා හදපු පඩිපෙළක් තිබ්බා. සර්කාරයා මහදැනමුත්තා වගේ ඉස්සර වෙලා අපි දහ දෙනාව ඒ පඩිපෙළෙන් පහළට එක්කන් ගියා.
යන්නෙ කොහෙද කියලා ඇහුවට මූ කිව්වෙම  නෑ. ගේමට ගේම කියලා අපිත් ඉතින් ගියා.

■● « 49 Pages with 49 Days »●■Where stories live. Discover now