30 - ලයාගෙ ඉරණම ටෝරු අතින් මියයාමද ?

208 39 111
                                    

□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□  49 Pages with 49 Days  □■□●○●
       ■□■□■□■□☆Last Chapter☆□■□■□■□■

______________________
2017.06.09
49ᵗʰ Day
(Laya pov)
( පෙර කොටසේ දිනයමයි.)
______________________

අපි කැළේ ඉස්සරහට දුවගෙන යනකොට නොහිතපු විදියට ටෝරු ආරක්ෂකයො ටිකක් එක්ක අපි ඉස්සරහට ආවා.

" කොහෙද තුන්දෙනා මේ කලබලෙන් දුවන්නෙ ?"
" ටෝරු... විකාර නොකර අයින් වෙයන්."

සංහූන් එහෙම කිව්වත් , ටෝරු ඒක ගණන් නොගෙන එකපාරම මගේ ළඟට ආවා. මට හිතුනෙ එයා මට මොකකින් හරි අනින්න එනවා කියලා.
ඒත් මම හිතපු එක වැරදියි. ටෝරු ආපු ගමන් මාව හග් කළා !

" ලයා... යන්න එපා. "
"මොකද්ද ?"
"ඔයා මේ යන්නෙ හොඳ ගමනක් නෙවෙයි."
"ඇයි එහෙම කියන්නෙ?"
" සංහූන් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි."

ටෝරු එහෙම කියලා මගෙ උරහිසෙන් අල්ලලා මගෙ ඇස් දිහා බැලුවා. ඒ ඇස් වල කපටි කමක් මට පෙනුනෙ නැහැ. ලොකු වේදනාවක් විතරයි තිබුණෙ.
ඒත් එයාට මාව රවට්ටන්න බැරි වුනා.

" විශ්වාස කරන්න බැරි එකම එකා උඹ."

මම එහෙම කියලා ටෝරුගෙ බඩට පයින් ඇහුවා.

"ආහ්.... ලයා.... තමුසෙ ලොකු වැරැද්දක් කරගත්තෙ. අඃ... අල්ලගනිල්ලා මුන්ව."

ටෝරු අමාරුවෙන් බිමට නැවෙන ගමන් ගිගුරුවා. ඒත් ටෝරුගෙ සහචරයන්ට කලින් අපි උන්ට ගහන්න පටන් ගත්තා.
මම ක්ෂණිකව බිම තිබුණ ගලක් අරන් ටෝරුගෙ ඔලුවට ගැහුවා.
එයාව මැරුවෙ නැහැ. සිහිය නැති කරලා දැම්මා.
ඊටපස්සෙ තව එක්කෙනෙක්ගෙ කඩුවක් උදුරලා අරගෙන ඒකෙන් කිහිප දෙනෙක්වම කපලා මරලා දැම්මා. ඒත් අපි එක්ක හිටපු ආරක්ෂකයට නොහිතපු විදියට උරහිසට කඩු පාරක් වැදුනා. ආරක්ෂකයා කිව්වට එයාගෙ නම් shim myong dok. එයා doctor කෙනෙක්.
මම එයාව බලන්න හැරුනම මගෙ අතටත් කඩු පාරක් වැදුනා.

අන්තිමට ඉතුරු වුන ආරක්ෂකයො දෙන්නව සංහූන් මරලා දැම්මා. ඊටපස්සෙ doctor shim කියපු විදියට තුවාලෙන් ලේ එන එක අඩු කරන්න ,ඇඳුමෙන් රෙදි පටි ඉරාගෙන තුවාලෙ ගැටගහගෙන අපි ආගාධෙන් එළියට ආවා.  දෙපැත්තෙ ගස් ගොඩක් වැවිච්ච පාලු පාරක අපි තුන්දෙනා ඉස්සරහට යද්දි කලු වීදුරු තියන වාහනයක් ඉස්සරහට ආවා.
ඒක අපි ළඟ නතර කරලා කෙනෙක් බැස්සා.

■● « 49 Pages with 49 Days »●■Onde histórias criam vida. Descubra agora