17 - මන්ධිරයට 01

162 51 25
                                    

■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆17☆□■□■□■□■

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
2017.05.12
21ˢᵗ Day
(author's pov)
(පෙර කොටසේ දිනයමයි.)
__________________________________________

ලයා සුදු පාට කුටියෙ බිත්තිය කඩාගෙන එළියට ආවත් ,ගොඩ දවසකට පස්සෙ ඇස් වලට වැටුන ඉර එළිය නිසා ඇස් නිලංකාර වෙලා බිම වැටුනා. එයාගෙ ඇස් ඉර එළියට නුහුරු වෙලයි තිබුනෙ. අමාරුවෙන් බිම දිගේ ඇදිලා ගහක් යටට ගියපු ලයා ගහට මුවා වෙලා ටික වෙලාවක් හිටියෙ ඉර එළියට ටිකක් ඇස් හුරු කරගන්න වගේම මානසිකව තිබ්බ ලොකු තෙරපීම අඩු කරගන්න.

ටික වෙලාවකින් එයා ගහ යටින් නැගිටලා මන්ධිරේ පැත්තට ගියා. හැබැයි ඇතුළට යන්න පුළුවන් විදියෙ එක දොරක්වත් එයාට හොයාගන්න බැරි වුනා. ඒ අතරෙදි තමයි මන්ධිරේ ඇතුළට යන ලොකු වතුර බටයක් දැක්කෙ. කොන්ක්‍රීට් වලින් හදල තිබ්බ , ලයාට වඩා ගොඩක් උසින් වැඩි ඒ ලොකුම ලොකු වතුර බටයට ඇතුළු වෙන්න තිබුණෙ ඒ බටේ එක තැනක උඩින්. එතන පියනක් වගේ එකක් තිබුණා. ලයා ඒක ඇරල බැලුවම පොඩි ඉනිමගක් බටේ ඇතුළට එල්ලිලා තිබුණා.

ලයා ඉනිමග දිගේ බටේ ඇතුළට ගියා. ඒ හරියෙදි නම් වතුර තිබුණෙ ලයාගෙ පතුල් වල ඉඳලා ටිකක් උඩට වෙන්න විතරයි.
ලයා එතනම ඉඳගෙන ටිකක් වෙලා ඇස් දෙක පියාගත්තෙ දවස් ගාණක මහන්සිය නිවාගන්න.
එතන තමයි ආරක්ෂිතම තැන කියලා ලයාට ඒ වෙලාවෙ හිතුනා.

◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥◥
‼️
༒ අවවාදයයි ༒
⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸

මෙතැනින් පසු කොටස කියවීමට අපහසු විය හැක.
එබැවින් සංවේදී පාඨකයන් ඉදිරියට කියවීමේදී
දෙවරක් සිතන්න..!!

- කතෘ
රෙෂනි විජේසිංහ.

- කතෘ රෙෂනි විජේසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
■● « 49 Pages with 49 Days »●■Where stories live. Discover now